නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පනා මවන විලාසිතා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

පනා මවන විලාසිතා

Published October 21, 2024
සාමාන්‍යයෙන් මිනිස්සු පනා පාවිච්චි කරන්නෙ තමන්ගෙ කොණ්ඩෙ පීරලා පිළිවෙළකට තියාගන්න. අවුරුදු පන්දාහක් විතර ඈත අතීතයකට හිමිකම් කියන පනාව මේ වෙද්දි විවිධාකාරයෙන් පරිණාමය වෙලා තියෙනවා. ගෑනු ළමයින්ට මූණට, අතට, කකුලට එක එක වර්ගයේ ක්‍රීම් වගේ කොණ්ඩෙත් විවිධාකාර පනා පාවිච්චි කරනවා. ප්‍රධාන වශයෙන් කොණ්ඩ ගැට ලෙහාගෙන කොණ්ඩෙ ලස්සනට තියාගන්න පනා පාවිච්චි කළත් විවිධ කොණ්ඩ විලාසිතා වෙනුවෙනුත් විවිධ පනා පාවිච්චි කරනවා.

ප්‍රධාන වශයෙන් Hair brush, Shampoo comb, Teasing comb, Tail comb,Cutting comb, Jumbo hand comb,Curved End comb තමයි මූලික වශයෙන් හඳුන්වලා දීලා තියෙන පනා වර්ග වෙන්නේ. මේ අතරින් මුලින් කිව්වා වගේ කොණ්ඩෙ තියෙන ගැට ටික ලෙහාගන්න වගේම සාමාන්‍ය විදිහට කොණ්ඩෙ පීරගන්නෙ Hair brush එකෙන්.

Shampoo Comb

ෂැම්පු කෝම්බ් එකේ දැති තරමක් විශාලයි. කොණ්ඩෙ ෂැම්පු කළාට පස්සෙ පීරන්නයි ෂැම්පු කොම්බ් එක භාවිත කරන්නේ. ෂැම්පු කෝම්බ් එකේ තියෙන විශේෂත්වය තමයි හිස්කබලට හොඳ සම්බාහනයක් ලබාදීම. මේ සම්භාහනයේදී හිස් කබලට ඔක්සිජන්, රුධිරය සහ පෝෂ්‍ය පදාර්ථ සංසරණය වැඩි කරනවා.

මේ සියලු දෑ සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයට බෙහෙවින් බලපානවා. ලංකාවේ වෙළෙඳපොළේ නම් කොහොඹ ලීයෙන් හදපු ෂැම්පු පනාත් තියෙනවා. හිස්කබල සම්බාහනය කරනවා වගේම හිස කෙස් පුරා ෂැම්පු බෙදා හැරීමත් ෂැම්පු කෝම්බ් එකෙන් වෙන කාර්යයක්.

Teasing Comb

ටීසින් කෝම්බ් එක ඔබ බොහෝ වෙලාවට රූපලාවන්‍යාගාර වල දැකලා ඇති. මේ පනාවෙන් කරන්නේ ඔබේ හිස කේස් කොටස් වශයෙන් බෙදා පීරන එක. බොහෝ වෙලාවට කොණඩ මෝස්තරයක් දාද්දි හසරුවෙන් (Handle) හිසකෙස් වෙන් කිරීම සිදුකෙරෙනවා. Backcomb කියන ප්‍රසිද්ධ කොණ්ඩ විලාසිතාව සඳහා මෙය යොදාගන්නවා.

Tail Comb

ටේල් කෝම්බ් එකත් ටීසීන් කෝම්බ් එකට ගොඩාක්ම සමානයි. කොණ්ඩ මෝස්තරකරුවන් අතර ප්‍රියතම පනාවක් විදිහට ටේල් කෝම්බ් එක හඳුන්වන්න පුළුවන්. හිසකෙස් වර්ණ ගැන්වීමේදී හිසකෙස් කොටස් වෙන් කරගැනීමට තමයි මේ ටේල් කෝම්බ් එක යොදාගන්නේ.

Cutting Comb

කොණ්ඩේ කපන අවස්ථාවකදී කතුරත් එක්කම භාවිත වෙන පනාව තමයි මේ. කටින් කෝම්බ් එකේ කොටස් දෙකක් තියෙනවා. ඉන් සිහින් නැති සහිත කොටස කොණ්ඩේ කපන අවස්ථාවේදී භාවිත කරන අතර දැති තරමක් මහත කොටස කොණ්ඩය ලෙහා ගන්නට භාවිත කරනවා.

Jumbo Hand Comb

අනෙක් සියලුම පනාවලට වඩා බෙහෙවින් විශාල දැති සහිත මේ පනාව ඕන වෙන්නේ ඝණ, දිගු කෙස් කලඹක් තියෙන අයට. ඒ වගේම කොණ්ඩෙ ගොඩක් තියෙන අයට කෙස් ගස් ගැලවී යාමකින් තොරව පරිස්සමෙන් තමන්ගේ කොණ්ඩෙ පීරගන්න පුළුවන්. කැරලි සහිත කොන්ඩයකටත් හොඳින්ම ගැළපෙනවා.

Curved End Comb

සාමාන්‍ය පනාවකට වඩා වක්‍රාකාරව නිර්මාණය වුණ මේ පනාව මනමාලියන්ගේ කොණ්ඩ මෝස්තර වෙනුවෙන් විශේෂයෙන්ම යොදාගන්නවා. සාම්ප්‍රදායික පැතලි පනාවකට වඩා මේ හැඩයේ පනාවකින් මුළු කොණ්ඩයම පහසුවෙන් ආවරණය කරගත හැකියි.මේ පනාවලට අමතරව තවත් පනා කිහිපයක් තියෙනවා. නමුත් අපේ එදිනෙදා ජීවිතේදි බහුලව භාවිතයට ගන්න මේ පනා අද ඉඳලා ගැළපෙන අවස්ථාවලදී ගැළපෙන විදිහට භාවිතයට ගන්න.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?