නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බත් කමුද?නැත්නම් ගාමුද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

බත් කමුද?නැත්නම් ගාමුද?

Published September 23, 2024

ලස්සන වෙන්න කියාපුම සත්කාරය

අපි බත් හඳුන්වන්නෙ අපේ රටේ ප්‍රධානම ආහාරය විදිහටනේ. ඒත් සහල් බත් විදිහට ආහාරයට ගන්නවට අමතරව කාන්තා පාර්ශ්වයට ගොඩක්ම වැදගත් රාජකාරී බොහෝමයක් ඉටු කරලා දෙනවා. අතීතයේ කාන්තාවෝ ලස්සන වෙන්න විවිධ විදිහට පාවිච්චි කරපු වටිනාම දෙයක් විදිහට සහල් භාවිත කරලා තියෙනවා. එයින් ගොඩක්ම ප්‍රයෝජන අරන් තියෙන්නේ කොණ්ඩෙට සාත්තු කරගන්න.

ස්වභාවයෙන් තෘණ වර්ගයක් වෙන ගොයම් ගස ඉතාම හොඳින් පසේ අඩංගු ක්ෂුද්‍ර පෝෂක උරාගන්නවා. මේ නිසා සහල්වල අපේ හිසකෙස්, සම පෝෂණයට අවශ්‍ය, සිරුරෙන් ලෙහෙසියෙන් උපයාගන්න බැරි පෝෂක රැසක් අඩංගුයි. ඒ අතරින් විටමින් E සහ C, පොටෑසියම්, මැග්නීසියම්, අයඩින්, සින්ක්, මැංගනීස් විශේෂයි. ඉතින් අපි බලමු සහල්වලින් අපිට ලේසියෙන්ම ලස්සන වෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. බලලා විතරක් මදි මේ දේවල් කාන්තාවෝ විදිහට අත්හදා බලන්නත් ඕනේ.

හිස කෙස් පෝෂණයට සහල් වතුර

කෙස් ගසේ මුල ශක්තිමත් කරගන්න, ඝනකම වැඩි කරගන්න වගේම කෙස් ශක්තිමත් කරගන්න සහල් වතුර ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් සහල් හෝදලා සින්ක් එකට හලන වතුර ටික අද ඉඳලවත් විසි කරන්න එපා. කොහොම වුණත් සහල් වතුර හදාගන්න සහල් ටික එක් වතාවක් හොඳින් හෝදලා වතුර ටික ඉවත් කරන්න ඕනේ.

ඊළඟ වතාවේ එක් වතාවක් පමණක් හෝදපු සහල් වැසිය හැකි භාජනයකට දාලා සහල් ප්‍රමාණයට ගැළපෙන්න වතුර ටිකක් එකතු කරලා පැය 12ක් විතර හොඳින් වහලා තියන්න ඕනේ. පැය දොළහකට පස්සෙ හොඳට පෙරලා මේ සහල් වතුර ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

භාවිතයට ගන්නා ආකාරය

කොණ්ඩෙ ෂැම්පු කළාට පස්සෙ හෝදලා සහල් වතුර හොඳින් හිස්කබලේ ගෑවෙන විදිහට දාගන්න ඕනේ. විනාඩි පහක් විතර හොඳට මසාජ් කරලා සාමාන්‍ය වතරෙන් හෝදලා ඉවත් කරගන්න. සතියට දෙවතාවක් විදිහට සති දෙකක් කරද්දි ඔයාට හොඳ ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්.

සහල් ක්‍රීම්

මේ ක්‍රීම් එක හදාගන්නෙ බත්වලින්. සහල් මිටක් අරගෙන හොඳින් හෝදලා තරමක් බෙරි වෙනකල් තම්බගන්න. බත් ටික හොඳින් ක්‍රීම් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගෙන භාජනයකට දාගන්න. බත් කැට හසුවෙනවා නම් පෙනේරයකින් පෙරාගන්න. මේකට විටමින් E කරලක්, මී පැණි ස්වල්පයක් වුණත් එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්.

භාවිතයට ගන්නා ආකාරය

පිරිසිදු කරගත් සමේ මෘදුව ආලේප කරන්න. මෙය වඩාත්ම සුදුසු රැලි සහිත සමට.

සහල් ෆේස් පැක්

සහල් කෝප්පයක් පමණ හොඳින් පෙඟෙන්න තියලා වතුර ඉවත් කරගන්න. පස්සෙ හොඳට බ්ලෙන්ඩ් කරගෙන එයින් තේ හැඳි තුනක්, යෝගට් තේ හැඳි දෙකක්, දෙහි යුෂ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිතයට ගන්නා ආකාරය

මුහුණ සහ බෙල්ල හොඳින් පිරිසිදු කර හොඳින් ආලේප කරගන්න. විනාඩි 10කින් සෝදා ඉවත් කරගන්න. මේ සත්කාරය සතියකට දවස් තුනක් කිරීම ප්‍රමාණවත්.

සහල් ස්ක්‍රබ්

සහල් පිටි කෝප්පයක්, කෝපි කුඩු තේ හැන්දක්, කඩල පිටි තේ හැඳි දෙකක් භාජනයකට දමා හොඳින් කලවම් කරගෙන එයට රෝස වතුර හෝ වතුර ස්වල්පයක් එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න. ඇඟිලි තුඩුවලින් සුමටම මුහුණේ ආලේප කරගන්න.

සහල් ටෝනර්

මේක තමයි උඩ කියපු දේවල්වලට වඩා ලේසිම වැඩේ. ඕනම සහල් වර්ගයක් අරගෙන දෙපාරක් විතර හෝදලා නැවතත් වතුර ටිකක් දාලා පැය 12ක් විතර තියෙන්න හරින්න. සහල් වතුරෙන් වෙන් කරගෙන වතුර ස්ප්‍රේ බෝතලයකට දාගෙන ටෝනර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

ස්ප්‍රේ බෝතලයක් නැත්නම් පුළුං කෑල්ලකින් වුණත් මුහුණේ තවරාගන්න පුළුවන්.මේ වගේ සහල්වලින් අපේ රුව රැකගන්න පුළුවන්, පෙනුම වැඩිකරගන්න පුළුවන් ක්‍රම තව බොහෝමයක් තිබුණත් එදිනෙදා ජීවිතේදි අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ සත්කාර කිහිපය උත්සාහ කරලා බලන්න.

එරංදි කෞශල්‍යා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?