නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරදිම හදලා කොලජන් බොන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ගෙදරදිම හදලා කොලජන් බොන්න

Published August 12, 2024

කොලජන් කියන ප්‍රෝටීන් එක ඕනම කෙනෙක්ගේ සම, හිසකෙස්, නියපොතු නිරෝගීව තියාගන්න වගේම ජොයින්ට්ස් ශක්තිමත්ව තියාගන්න ඉතාම වැදගත්. මේ නිසා තමයි ගොඩක් අය කොලජන් තියෙන සප්ලිමන්ට්ස් පාවිච්චි කරන්නේ නමුත් මේ කියන්න යන්නේ දහස් ගණන් වියදම් කරලා ගන්න වෙන කොලෙජන් එකක් ගැන නෙවෙයි. ගෙදරදිම හදලා තියාගෙන දිනපතාම බොන්න පුළුවන් කොලෙජන් එකක් ගැන…

සාමාන්‍යයෙන් අවුරුදු 25 -30 වෙනකොට අපේ ශරීරයේ නිෂ්පාදනය වන කොලජන් ප්‍රමාණයට වඩා වැය වන කොලජන් ප්‍රමාණය වැඩියි. මේ නිසා අපේ ශරීරයට කොලජන් මදි වුණාම සම, හිසකෙස්, නියවලට විතරක් නෙවෙයි මුළු ශරීරයේම නිරෝගීභාවයට ගැටලු ඇතිවනවා.

කොලජන් අඩු බව පෙන්වන ලකුණු

ශරීරය රැලි වැටෙන්න පටන් අරගෙන තියෙනවා නම්, මූණෙ අඳුරු ලප සුව වෙන්න වැඩි කාලයක් ගතවෙනවා නම්, හිටිහැටියෙම දත් සම්බන්ධ ප්‍රශ්න මතුවෙනවා නම් ඒ කොලජන් මදිකම නිසා ඇතිවෙන තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ වගේම ඇස්වල පවතින වියළි බව සහ ඔළුව කැක්කුම නිතර නිතර දැනෙන එක ගැනත් හිතන්න වෙනවා.

කොලජන් අපට සප්ලිමන්ට් විදිහට ගන්න පුළුවන් වගේම ස්වභාවිකව ශරීරය ඇතුළින් බූස්ට් වෙන්න උදව් වෙන දේවලුත් කරන්න පුළුවන්. ඒ දේවල්වලින් අංක එක තමයි විටමින් සී කියන්නේ. ඔයා විටමින් සී පෙති ගන්නවා නම් හෝ වියමින් සී අඩංගු පලතුරු කනවනම් ශරීරයේ ස්වභාවිකවම කොලජන් නිශ්පාදනය වෙනවා.

ඒත් එක්කම අව්වෙන් පරිස්සම් වෙන එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. UV කිරණ කියන්නේ අපේ ශරීරයේ තියෙන සෑහෙන කොලජන් ප්‍රමාණයක් විනාශ කරන දෙයක්. පව්ඩර් එක හදාගන්න කලින් මේ දේවල් ටික කිව්වේ මොන දේ කළත් මේ කියපු දේවල් කරන එක හරිම වැදගත් නිසා.

කොළෙජන් වර්ධනය කරන ආහාර වර්ග කිහිපයක්

බ්‍රෙකොලි, බෙල්පෙපර්, බිත්තර, දොඩම්, බෙරි වර්ග, කැරට්, වට්ටක්කා ඇට, වෝල්නට්ස්, චියා ඇට, ඔලිව් සහ හණ ඇට.මේ අතරින් ස්වභාවික කොලජන් නිෂ්පාදනයට ගොඩක්ම වැදගත් වෙන්නේ හණ ඇට. හණ ඇට සහ කොල්ලු කියන්නේ පෙනුමෙන් එක සමාන ඇට වර්ගයක් නිසා පටලගන්න එපා.

ඔයාට පුළුවන් හණ ඇට අවශ්‍ය ප්‍රමාණයක් කුඩු කරලා තියාගෙන ඔයා බොන ජූස් එකකට හෝ ඕට් මීල් එකකට මිශ්‍ර කරලා පාවිච්චියට ගන්න. කිරි එකක් එක්ක මිශ්‍ර කරලා බොනවා නම් පිටිකිරි එකකට නැතුව සෝයා පිටිවලින් හදපු කිරි එකක් එක්ක බොනවා නම් ගොඩක්ම ප්‍රතිඵලදායකයි. හණ ඇට පවුඩර් එකේ හොඳම ප්‍රතිඵල ගන්න නම් හැමදාම උදේ වරුවේ තමයි මේක භාවිතයට ගන්න ඕනේ. දවසකට මේස හැන්දක් හොඳටම ඇති.

රූපලාවන්‍ය චිකිත්සක
සුමුදු වික්‍රමආරච්චි

එරංදි කෞශල්‍යා ✍️
 

TAGGED: කොලජන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy5
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?