නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අකීකරු කොණ්ඩෙට බණ්ඩක්කා කෙරටින් එකක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අකීකරු කොණ්ඩෙට බණ්ඩක්කා කෙරටින් එකක්

Published July 15, 2024

බණ්ඩක්කා කිව්වම ඉතින් ගොඩක් දෙනෙක් අකමැති එළවළු වර්ගයක්නෙ. ඒත් බණ්ඩක්කාවල තියෙව සෙවල ගතිය අපේ ශරීරයේ අස්ථිවලට ඉතාම හිතකර ශ්‍රාවයක්. අස්ථිවලට විතරක් නෙවේ, මේ කියන්න යන්නෙ බණ්ඩක්කාවල තියෙන ඒ සෙවල ගතිය උපයෝගී කරගෙන ලේසියෙන්ම හදාගන්න පුළුවන් සුපිරි කෙරටින් එකක් ගැන. මේක හෙයා මාස්ක් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ බණ්ඩක්කා කෙරටින් එකට පුළුවන් ඔයාගෙ කොණ්ඩෙ අකීකරු ස්වභාවය නැති කරලා සිනිදු කොණ්ඩයක් ලබා දෙන්න.

මේ සත්කාරයට මූලිකවම අවශ්‍ය වෙන්නේ බණ්ඩක්කා. තමන්ගේ කොණ්ඩේ ප්‍රමාණයට ගැළපෙන්න කැමති ප්‍රමාණයක් බණ්ඩක්කා ගන්න පුළුවන්. ඊටපස්සේ ඕනේ කෝන් පිටි සහ බිත්තරයක්. හොඳට හෝදලා පිරිසිදු කරගත්ත බණ්ඩක්කා ටික සිහින් පෙතිවලට කපාගන්න අවශ්‍යයි. කපාගත්ත බණ්ඩක්කා ටික පෑන් එකකට දාලා වතුර සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරලා මද ගින්දරෙන් රත් කරගන්න.

බණ්ඩක්කා ටික රත් වෙද්දි ඒවෑ තියෙන සෙවල ගතිය වෙන් කරගන්න හරිම පහසුයි. ටික ටික රත් වෙද්දි ඔයාලට පෙනෙයි බණ්ඩක්කා මිශ්‍ර වතුර එක
ඝනකම් වෙනවා. කොණ්ඩෙට ලැබෙන දිලිසෙන ගතිය එන්න බලපාන්නේ මේ බණ්ඩක්කාවල තියෙන සෙවල ස්වභාවය. බණ්ඩක්කා කෑලිවල සෙවල ගතිය හොඳට ආවට පස්සේ ළිප නිවලා හොඳින් නිවෙන්න තියන්න ඕනේ. නිවුණට පස්සේ සම්පූර්ණ මිශ්‍රණයම බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊටපස්සේ ඉතිරි වෙලා තියෙන පුංචි පුංචි කැබලි ඉවත් කරගන්න ඕනෙ නම් පිරිසිදු රෙදි කැබැල්ලකින් පෙරාගන්න. ඔයාලා කැමතිනම් බණ්ඩක්කා කැබලි එක්ක වුණත් ආලේපකරන්න පුළුවන්. ඒත් නියම කෙරටින් මිශ්‍රණය එන්නනම් පෙරා ගත්තොත් තමයි හොඳ. අවසානයට ඔයාලට ලැබෙන්නේ ලස්සන ලා කොළ පාට නානු එකක්. ඊටපස්සේ කරන්න තියෙන්නේ මේ බණ්ඩක්කා නානු එකට කෝන් පිටි මේස හැඳි දෙකක් විතර එකතු කරන එක.

කෝන් පිටි එක කෙලින්ම බණ්ඩක්කා නානු එකට දාන්නේ නෑ. වතුර මේස හැන්දක් එක්ක හොඳට කැට නැති වෙන්න මිශ්‍ර කරලයි දාන්න ඕනේ. කෝන් පිටි දියරය සහ බණ්ඩක්කා නානු හොඳින් මිශ්‍ර කරගන්න.නැවතත් මේ මිශ්‍රණය පිරිසිදු භාජනයකට දාලා ඝනකම් වෙනකල් මද ගින්නේ විනාඩි පහක් විතර රත් කරගන්න ඕනේ. මොකද කෝන් පිටිවල සහ බණ්ඩක්කාවල තියෙන පෝෂණ ගුණය හැදෙන්නෙ නියම පදමට රත්වුණාම.

මිශ්‍රණය නැවතත් නිවෙන්නට හරින්න.නිවුණට පස්සේ බිත්තරය එකතු කරලා නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. බිත්තරවල තියෙන පිලී ගඳට අකමැති කෙනෙක් නම් බිත්තර එකතු නොකර ඉන්නත් පුළුවන්.ඒත් ඉතින් නියම ප්‍රතිඵලය ලැබෙන්න නම් බිත්තරයක් එකතු කරනවා නම් හොඳයි. මිශ්‍ර කරාට පස්සේ කොහොමත් පිලී ගඳක්නම් එන්නෙ නෑ.දැන් කෙරටින් එක හදාගෙන ඉවරයි.

ඔයාලට මේක බ්‍රෂ් එකකින් හරි අතින් හරි ලේසි විදිහකට හිස කෙස් මුල ඉඳන්ම ආලේප කරන්න පුළුවන්. කෙරටින් එක ගාලා පැය එකහමාරක්වත් ඉන්න පුළුවන්නම් හොඳයි. විනාඩි 45 කුත් සෑහෙනවා. මේ සත්කාරය සතියට වතාවක්වත් කරනවනම් ලස්සන කොණ්ඩයක් හැමදාටම ඔයාටත් තියාගන්න පුළුවන

රූපලාවන්‍ය උපදේශිකා
යුහාන්තිකා ද සිල්වා

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?