නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සරාගී තොල්වලට Home made Lip Scrub
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

සරාගී තොල්වලට Home made Lip Scrub

Published June 24, 2024

අපි අපේ තොල් ස්ක්‍රබ් කරන්නෙ තොල්වල තියෙන මැරුණ සෛල ඉවත් කරලා තොල්වලට පැහැපත් සහ නිරෝගී බවක් ලබාගන්න. විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ ලිප් ස්ක්‍රබ් වර්ග තිබුණත් ගෙදරදිත් ලිප්ස් ස්ක්‍රබ් එකක් හදාගන්න එක එච්චර අමාරු නෑ.

ඒ වගේම රසායන ද්‍රව්‍ය තරමක් හෝ අඩංගු ස්ක්‍රබ් එකකට වඩා ගෙදරදි පහසුවෙන් හොයාගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් හදාගන්න ස්ක්‍රබ් එකක් ඔයාට බයක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්.තොල් හානිවෙන්න දේශගුණික විපර්යාස, අධික හිරු කිරණ, වැරදි තොල් සත්කාර වගේම ආතතියත් බලපානවා. ඒ නිසා සතියකට වතාවක් හෝ දෙවතාවක් ලිප් ස්ක්‍රබ් එකක් කරගන්න එක ගොඩක් වැදගත්. අද ලිපියෙන් කියලා දෙන මේ ස්වභාවික ලිප් ස්ක්‍රබ් එකක් ඔයත් Tryකරලා බලන්න.

මී පැණි සහ සීනි ලිප් ස්ක්‍රබ්

සීනි තේ හැඳි දෙකක් සහ මී පැණි තේ හැන්දක් පිරිසිදු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය තොල් මත ගල්වා සම්භාහනය කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

ලිප් බාම් ලිප් ස්ක්‍රබ්

ඔයා පාවිච්චි කරන ඕනම ලිප් බාම් එකක් ඝනට තොල් මත ආලේප කරගන්න. පසුව පිරිසිදු දත් බුරුසුවකින් රවුමට, සෙමින් තොල් මැදගන්න.

ඕට්මීල් ලිප් ස්ක්‍රබ්

ඕට්ස් කෝප්ප බාගයක්, සීනි කෝප්ප කාලක්, මී පැණි තේ හැන්දක් සහ එළවළු තෙල් කෝප්ප කාලක් සමග හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

දුඹුරු සීනි ලිප් ස්ක්‍රබ්

දුඹුරු සීනි තේ හැන්දක්, සුදු සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැඳි බාගයක් සමඟ හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කර විනාඩි දහයක් පමණ තබන්න.

කෝපි ලිප් ස්ක්‍රබ්

සිහින් කෝපි කුඩු තේ හැන්දක්, කුඩුකළ සීනි තේ හැන්දක්, පොල්/ ඔලිව් හෝ ජොජෝබා තෙල් තේ හැන්දක් සහ මී පැණි තේ හැඳි බාගයක් මිශ්‍රකර තොල් මත ආලේප කර සම්බාහනය කරන්න.

ස්ට්‍රෝබෙරි ලිප් ස්ක්‍රබ්

ස්ට්‍රෝබෙරි ගෙඩියක් හොඳින් පොඩි කර එයට පොල්තෙල් තේ හැඳි භාගයක්, සීනි තේ හැඳි 2ක, මී පැණි තේ හැඳි බාගයක් දමා මිශ්‍රකර තොල් මත ගල්වා සම්භාහනය කරන්න.

වැස්ලින් ලිප් ස්ක්‍රබ්

වැස්ලින් තේ හැන්දක්, දුඹුරු සීනි තේ හැඳි බාගයක්, මී පැණි තේ හැන්දක් සහ වැනිලා බිංදු තුනක් සමඟ හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කරන්න.

පිපිඤ්ඤා සහ දුඹුරු සීනි ලිප් ස්ක්‍රබ්

පිපිඤ්ඤා කැබැල්ලක් ග්‍රේට්කර එයට දුඹුරු සීනි තේ හැන්දක් දමා මිශ්‍ර කරගන්න. එය තොල් මත ගල්වා රවුමට සම්බාහනය කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර මද රස්නෙ වතුරෙන් සෝදා හරින්න.

Nivea.com ඇසුරෙන්

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Lip Scrub, ස්ක්‍රබ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?