නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වයස අයට 20 පෙනුම ගේන මයික්‍රොනීඩ්ල්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

වයස අයට 20 පෙනුම ගේන මයික්‍රොනීඩ්ල්

Published June 3, 2024

කවුද, මොනවද කරන්නෙ කියලවත් හරිහැටි නොදැන මුණට සහ ශරීර ස්වභාවයට තරුණයෝ පිස්සු වැටිලා ඉන්න කෙනෙක්නෙ කිම් කාඩේෂියන් කියන්නේ. සමහර මිනිස්සු කිම්ලා වගේ අයට කෘතිමව ලස්සන වුණ අය කියලා කිව්වත් කෘතිමව ලස්සන වෙන ක්‍රමවේද තියෙන්නෙත් ඉතින් අවශ්‍ය අයට කරගන්නනේ. කිම්ගේ වචනවලින්ම කියනවා නම් කිම් මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ‘මයික්‍රො නීඩ්ලින්‘ කියන රූපලාවන්‍ය සත්කාරයට පිං සිද්ධ වෙන්නලු. කිම් විතරක් නෙවේ හොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන ඇන්ජලීනා ජොලී, බ්‍රැඩ් පිට් කියන්නෙත් මයිකෝ නීඩ්ලින් පිහිටෙන් තමන්ගෙ පෙනුම රැකගන්න උදවිය. අවුරුදු 48 ක් වෙච්චි ජොලී තවමත් අවුරුදු 20 ක විතර තරුණ පෙනුමකින් ඉන්න රහසත් එහෙනම් මයික්‍රො නීඩ්ලින් වෙන්න ඇති. තමන්ගෙ තරුණ පෙනුම රැකගන්න කරන සත්කාරයක් විදිහට මයික්‍රො නීඩ්ලින් හඳුන්වන්න පුළුවන්. බටහිර රටවල මේ වෙද්දි මේක ජනප්‍රියතම රූපලාවන්‍ය සත්කාරයක් වුණත් ලංකාවට නම් තවමත් අලුත්.

නමේ හැටියටම මේ සත්කාරය වෙන්නෙ ඉඳිකටු තුඩකින්. ඒත් බයවෙන්න කාරි නෑ. මුහුණේ සම හිරිවැටෙන්න ආලේපනයක් එහෙම ගාලා තමයි මේ වැඩේ පටන්ගන්නේ. ඒ නිසා කිසිම වේදනාවක් නම් දැනෙන්නෙ නෑ. මේකෙන් මූලිකවම වෙන්නෙ ඉඳිකටු තුඩ කිහිපයකින් සම සිදුරු කරලා කොලජන් උත්තේජනය කරන එක.

මොනවද ලැබෙන ප්‍රතිලාභ?

මූලිකම පරමාර්ථය තමයි සමේ තියෙන රැලි ගතිය ඉවත් කරලා සමට තරුණ පෙනුමක් ලබාදෙන එක. ඒත් ප්‍රතිඵලය එතනට විතරක් සීමා වෙන්නෙ නෑ. සමේ ඇදුණු පහරවල් (Stretch marks ) ඉවත් කරගන්න වගේම කුරුලෑ, ලප කැළැල් නිසා පීඩා විඳින ගැහැනු පිරිමි හැමෝටමත් මයික්‍රො නීඩ්ලින් කියන්නෙ සාර්ථක පිළියමක්.

වැඩේ වෙන්නෙ මෙහෙමයි

මේ සත්කාරයට EPN Micro needle නම් පුංචි ඉලෙක්ට්‍රොනික් උපකරණයක් යොදාගනු ලබනවා. මේ උපකරණයේ කෙළවර සියුම් ඉදිකටු කිහිපයක් තියෙනවා. හිරිවැටුණු සම මත මේ උපකරණය සියුම්ව එහා මෙහා ගෙනියද්දි ඉදිකටු තුඩ සම සිදුරු කර කොලජන් ප්‍රෝටීන සහ නව චර්ම පටක ජනනය කරනවා. ඉදිකටුවලින් කරන වැඩේ අහවර වුණාට පස්සෙ සමේ තෙතමනය වැඩි කරන්න ‘ඉමේලියන් හයිඩ්‍රා‘ ආලේප කරලා ජෙල් මාස්ක් එකක් දානවා. මේ ආලේපන සමේ සිදුරු අතරින් සම අභ්‍යන්තරයට ගමන් කර ඉක්මණින් සමට අවශෝෂණය කරගන්නවා.

මේ අයට අවදානම්

සාමාන්‍යයෙන් මයික්‍රො නීඩ්ලින් කරන්න සුදුසු අවුරුදු 25ට වැඩි අය. ඒ වගේම කුරුලෑ සඳහා ඖෂධ භාවිත කරන අයට වගේම සමේ රෝග සහ දද තියෙන අයටත් මයික්‍රො නීඩ්ලින් සත්කාරය සුදුසු වෙන්නෙ නෑ.

සත්කාරය අවසානයේ

සත්කාරය අවසන් වුණාට පස්සෙ මුහුණ තරමක් රතු වෙන්න පුළුවන්. නමුත් මේ රතු ගතිය තියෙන්නේ පැය කිහිපයක් විතරයි. කොහොම වුණත් අපේක්ෂා කරන ප්‍රතිඵලය ගන්න නම් මයික්‍රො නීඩ්ලින් සත්කාරය හය වතාවක්වත් රූපලාවන්‍ය හෝ වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතුයි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin care with Malyinga)

එරංදි කෞශල්‍යා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad1
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?