නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හැමදාමත් Trending ඩෙනිම හරියට අඳින හැටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

හැමදාමත් Trending ඩෙනිම හරියට අඳින හැටි

Published May 27, 2024

1853 දි ජර්මනියේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණ ලෙවී ස්ට්‍රවුස් කියන තරුණයා විශාල රත්තරන් පතල් ආශ්‍රිතව රෙදිපිළි වෙළෙදාම් කරන්න පටන්ගත්තා. පතල්වල සේවයේ නිරතවුණ කම්කරුවන් දුෂ්කර වැඩවල නිරත වුණු නිසා ඔවුන්ගේ කලිසම් ඉක්මණින්ම ඉරී ගියා. ඒ නිසා ඔවුන්ට නිතරම අලුත් කලිසම් ගැනීමට සිදුවුණා. විශාල වැටුපක් නොලැබූ පතල් කම්කරුවන්ට එය දැරිය නොහැකි ආර්ථිකමය පාඩුවක් වුණා… ලෙවී වෙළදාම් කටයුතු සිදුකරපු ප්‍රදේශයේම යාකොබ් ඩේවිස් නම් දක්ෂ ඇඳුම් මසන්නෙකු සිටියා. පතල් කම්කරුවන්ගේ කලිසම් ඉක්මණින්ම ඉරීයාමට ප්‍රතිකර්මයක් සොයාගත් යාකොබ් නවතම වර්ගයේ විලාසිතාවක් නිර්මාණය කළා. යාකොබ් මැසූ කලිසම් සඳහා රෙදි ලබාදුන්නේ ලෙවීගේ වෙළඳ සමාගම. එදා යාකොබ් නිර්මාණය කළ කලිසම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව ‘Levis’ යන වෙළෙඳ නාමය යටතේ මුල්ම ඩෙනිම් කලිසමක් නිර්මාණය කළේ පතල් කම්කරුවන් සඳහයි. ඩෙනිමේ උප්පත්ති කතාව ඔහොමයි. නමුත් පසුව මේ ඩෙනිම් කලිසම් චිත්‍රපටිවල කව් බෝයිස්ලාගේ චරිත නිරූපණය කළ නළුවන් හැඳීමට පටන්ගත් පසු ලොව පුරාම නවතම විලාසිතාවක් බවට පත් වුණා.

එතැන් පටන් විවිධාකාරයෙන් බිහිවුණ ඩෙනිම්ස් තමන්ගේ ඇඟේ හැඩයට තෝරගන්නෙ කොහොමද කියලයි අද කියල දෙන්නේ. අපේ ශරීරයේ ටයිප්ස් Hourglass,Apple, Pear, Rectangle, inverted trangle විදිහට කොටස් පහකට බෙදෙනවා. මේ ශරීර හැඩයන්ට ගැළපෙන්න තමයි අපි ඩෙනිම්ස් තෝරගන්න ඕනේ.

ජීන්ස් වර්ග

Skinny jeans

ස්කිනී ජීන්ස් ඉන ගාව ඉඳන් ඈන්කල් එක ළඟට යනකල්ම ඇගට ඇලුණු ස්වභාවයක් ගන්නවා.

Straight leg jeans

ස්ට්‍රේට් ලෙග් ජීන්ස් කියන්නේ හරිම Classic ජීන් එකක්. මේ ජීන් එකනම් මොන මොන ට්‍රෙන්ඩ්ස් ආවත් ඕනම කාලයකට ගැළපෙනවා.

Boot cut jeans

ඩෙනිම් එක දණහිස ළඟ ඉඳන් ඈන්කල් එක ළඟට වෙනකල් ෆ්ලෙයාර් එකක් විදිහට තියෙන්නේ.

White leg jeans

මේවා හරිම පහසු ජීන්ස් වර්ගයක්. කකුල් දෙකට හොඳ ඉඩක් තියෙනවා.

Boyfriend jeans

බෝයිෆ්‍රෙන්ඩ් ජීන්ස් කියන්නෙ හරිම රිලැක්ස් ජීන් එකක්. ඩෙනිම් එකක් ඉන ගාවින් ෆිට් වෙන තැන Low rise, Mid rise, High rise විදිහට කොටස් තුනකට බෙදෙනවා. Low rise කියන්නෙ අපේ නාභියට අඟල් දෙකක් පහළින් ඉන පිහිටන ඩෙනිම්ස්වලට. Mid rise කියන්නෙ නාභියත් එක්කම ඩෙනිමේ ඉන පිහිටන ඒවට. High rise ඩෙනිම්ස් පටන්ගන්නෙ නාභියෙන් අඟල් 2ක් උඩින්. ඩෙනිම් එකක්

තෝරගන්නකොට ඔයා අවධානය දෙන්න ඕන විශේෂම දෙයක් තමයි York එක. යෝක් එකෙන් තමයි පිටිපස්සෙන් බලද්දි ඔයාව ලස්සනට පෙන්නන්නේ. ඩෙනිම පිටිපස්සෙ පොකට්ස්වලට උඩින් තිරස් අතට තියෙන ඉරටයි යෝක් එක කියන්නේ. ඩෙනිම් එකක් තෝරගන්නකොට V shape යෝක් එකක් තියෙන ඩෙනිම් ගන්නවා නම් පිටුපස ප්‍රදේශය ලස්සනට පෙන්නන්න පුළුවන්.

ඇඟේ ෂේප් එකට ගැළපෙන්න ඩෙනිම් ගමු

Rectangle body shape

මේ බොඩි ෂේප් එකේ අයට ඉනේ ලොකු හැඩයක් නෑ. ඒ නිසා ඇඟට හොඳ කර්ව් එකක් තියෙන බවයි පෙන්නන්න ඕනේ. රෙක්ටෑන්ගල් බොඩි එකක් තියෙන අයට හොඳින්ම ගැළපෙන්නෙ Boot cut  හෝ Wide leg ඩෙනිම්ස්. ස්කිනී ජීන්ස් අඳින්න කැමති නම් ලූස් ටොප් එකක් එක්ක අඳින්න පුළුවන්. Boyfriend jeans නම් ඔයාට ගැළපෙන්නෙ නෑ. පොකට්ස් තියෙන High waist jeans නම් හොඳින්ම ගැළපෙනවා.

Inverted trangle body type

මේ ටයිප් එකේ අයට පුළුල් උරහිස් වගේම පටු උකුලක් තියෙනවා. බෝයිෆ්‍රෙන්ඩ් ජීන්ස්වලින් ශරීරයේ පහළ කොටසට හොඳ වොලියුම් එකක් ලැබෙනවා. ලයිට් කලර් එකක් තෝරගන්න. මගහරින්න ඕන ජීන්ස් වර්ගය තමයි ස්කිනී ජීන්ස්. මොකද ස්කිනී ජීන්ස්වලින් ශරීරයේ පහළ කොටස තවත් හීනියට පෙන්නන්නේ.

Pear body shape

මේ බොඩි ෂේප් එකේ අයගෙ උකුල සහ කලව ප්‍රදේශය පුළුල්. මෙහෙම අය ශරීරයේ උඩ කොටස එක්ක පහළ කොටස බැලන්ස් කරගන්න ඕනෙ. Wide leg jeans  සහ Boot leg jeans, Mid waist,High waist හොඳින්ම ගැළපෙනවා. මොකද ඔයාට ලස්සන ඉනක් තියෙන නිසා. පුළුවන් තරම් ඩාර්ක් ජීන්ස් තෝරගන්න. ඒ වගේම එක එක ස්ටයිල්ස් තියෙන ඩෙනිම්ස් මේ බොඩි ෂේප් එකට ගැළපෙන්නෙ නෑ.

Hourglass body shape

මේ බොඩි ටයිප් එකේ අයට ඕනම ඩෙනිම් ටයිප් එකක් හරිම ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන්. High waist හෝ Mid waist jeans හොඳින්ම ගැළපෙනවා. මේකෙන් ඔයාගෙ ඉන හයිලයිට් කරලා පෙන්නන්න පුළුවන්.

Apple body type

ශරීරයේ මැද කොටස ටිකක් මහතට පිහිටලා තියෙන්නේ. ඒ නිසා මැද කොටසට ලැබෙන අවධානය තමයි අපි නැතිකරගන්න ඕනේ. ශරීරය බැලන්ස් කරන්න යට කොටසට හොඳ වොලියුම් එකක් ලැබෙන්න ඕනේ. Boot cut jeans, Wide leg jeans ගැළපෙනවා. ඒ අතරින් Mid rise Jeas ගොඩක් හොඳයි. ගොඩක් ඩීටේල්ස් තියෙන ජීන්ස් තෝරගන්න එපා. ඒ වගේම ඩෙනිම් එකේ පොකට්ස් ඈත්වෙලා තියෙන තරමට පසුපස ප්‍රදේශය ලස්සනට පේනවා. එහෙනම් අද ඉඳලා දකින දකින ඩෙනිම් එකට ඇහැ නොයවා ඔයාගෙ බොඩි ටයිප් එකට ගැළපෙනම ඩෙනිම් එකක් තෝරගන්න.

විලාසිතා උපදේශිකා,
සඳලි කොට්ටහේවගේ
Lavishing with Sandali

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ජීන්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?