නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කැරට් පාට Body එකකට Carrot Oil
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කැරට් පාට Body එකකට Carrot Oil

Published May 20, 2024

මේ ලෝකෙ කවුරුත් කැමතියි තමන්ට තරුණ, පැහැපත් සමක් තියෙනවනම්. ඒ වෙනුවෙන්නෙ ඉතින් සල්ලි ඇත්තෝ ලක්ෂ ගණන් වියදම් කරලා කෘතිම දේවල් කරගෙන ක්ෂණිකව සුදු වෙන්න හදන්නෙ. ඒත් සුදු වෙන්න කියලා මෙහෙම සල්ලි විසි කරන කවුරුන් හෝ ස්වභාවිකව තමන්ගෙ සම ලස්සන කරගන්න එක් වතාවක් හෝ උත්සාහ කරලා තියෙනවද කියලා සැකයි.

එක්කො ස්වභාවික අඩුමකුඩුම ටිකක් හොයාගෙන ඕවා පණ දාගෙන තලලා, මිරිකලා බෙහෙතක් හදාගන්නවට වඩා සල්ලි කීයක් හරි වියදම් කරලා එකපාරම වැඩේ කරගන්න එක ලේසි ඇති. ඒකට කමක් නෑ. ඒත් කිසිම අතුරු ආබාධයක් නැතුව සම ලස්සන කරගන්න කැමති අනෙක් තරුණ තරුණියන්ටයි මේ මැජික් ඔයිල් එක. මුහුණ එක පාටක්, අතපය තවත් පාටක් කියලා මැසිවිලි නගන අයට මේ තෙල් එක හොඳ විසඳුමක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • අමු කහ
  • කැරට්
  • ඔලිව් ඔයිල්

මේ තෙල් එක හදාගන්න ඔලිව් ඔයිල් වෙනුවට පිරිසිදු සුදු පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් ගන්නත් පුළුවන්. ඒ වගේම අමු කහ හොයාගන්න එකත් ටිකක් අමාරු නම් වියළි කහ හෝ කමක් නෑ.

සාදාගන්නා ආකාරය –

කැරට් සහ කහ අලය හොඳින් සුද්ධ කරගෙන හීනියට ග්‍රේටර් එකකින් ලියාගන්න. මේ තෙල හදන්න රස්නයට ඔරොත්තු දෙන පිරිසිදු වීදුරු බෝතලයක් තියෙනවා නම් හොඳයි.

මොකද මේක හදාගන්නෙ ඩබල් බොයිල්ඩ් ක්‍රමයට.ඔලිව් ඔයිල් 150ml ප්‍රමාණයක් වීදුරු බෝතලයට දාගන්න. ඊටපස්සෙ හීනියට ලියාගත්ත කැරට්, අමු කහ ටික ඔලිව් ඔයිල් එකට දාගෙන හොඳට තදකරගන්න.

ළිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒ භාජනයට වතුර ටිකක් දාලා කහ, කැරට්, ඔලිව් ඔයිල් දාගත්ත වීදුරු බෝතලය ඒ භාජනය මැදින් තියාගෙන මද ගින්නේ විනාඩි 15ක් විතර හෙමීට තැම්බෙන්නට හරින්න.

හොඳින් උතුරගෙන එද්දි බෝතලයේ පියන බාගෙට වහන්න. සම්පූර්ණයෙන් වහන්න එපා. මොකද රස්නෙත් එක්ක පීඩනය වැඩිවෙලා බෝතලය පුපුරන්න පුළුවන්. විනාඩි 15කට පස්සෙ ළිප නිවලා බෝතලේ එළියට ගන්න.

මේ වෙද්දි කැරට් සහ කහ සාරය ඔලිව් තෙල් එකට හොඳින් එකතු වෙලා තියෙන්නේ. ඊටපස්සෙ කරන්න ඕනෙ පෙනේරයක් අරගෙන කැරට්, කහ කෑලිවලින් තෙල් වෙන්කරගන්න එක.

වැදගත්ම දේ…

තෙල් එක පෙරාගන්නකොට කැරට්, කහ කෑලි ටිකට හැන්දක් තියල තද කරලා හෝ අතින් මිරිකන්න එපා. මොකද හදාගත්ත තෙල් එකට අමු සාරය එකතු වුණොත් වැඩි කල් පාවිච්චි කරන්න බැරි වෙනවා.

පෝෂණය ගුණය

කැරට්වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම රැලි වැටීම අවම කරලා සම වයසට යාම යම්තාක් දුරකට අඩු කරනවා. කැරට්වල තියෙන බිටා කැරොටීන් මගින් සමට ලස්සන කහ පාටක් ලැබෙනවා.

ඒ වගේම කහවල කර්කියුමින් සංයෝගය අඩංගුයි. මේ සංයෝගය සමේ තියෙන කුණු, දූවිලි, මැරුණු සෛල, බැක්ටීරියා ආසාදනවලට හොඳම බෙහෙතක්. කහ සහ කැරට්වල තියෙන මේ පෝෂණ ගුණ සමට උරාගන්න පුළුවන් හොඳම තෙලක් තමයි ඔලිව් තෙල් කියන්නේ.

භාවිත කරන විදිහ

සාමාන්‍යයෙන් මේ තෙල් එක මාසයක් විතර තියාගන්න පුළුවන්. දවස් 7ක් එක දිගට පාවිච්චි කළොත් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. තෙල් එකෙන් ස්වල්පයක් ඇඟිලි තුඩුවලට අරගෙන අත්, කකුල්, මුණේ ගාලා හොඳින් විනාඩි 5ක් විතර මසාජ් කරන්න. මසාජ් කරද්දි රුධිර ගමනාගමනය ක්‍රමවත්ව සිද්ධ වෙනවා. සතියක් එකදිගට මේක කළාට පස්සෙ සතියකට දවස් තුනක් පමණ කිරීම ප්‍රමාණවත්.

රූපලාවන්‍ය උපදේශිකා
යුහන්තිකා ද සිල්වා

එරංදි කෞශල්‍යා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?