නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දෙතොලේ අඳුරු පැහැය නැති කරගන්න දත් වගේම තොල් දෙකත් මදින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

දෙතොලේ අඳුරු පැහැය නැති කරගන්න දත් වගේම තොල් දෙකත් මදින්න

Published May 6, 2024

කාන්තා පිරිමි භේදයක් නැතුව ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ තොල් දුර්වර්ණ වෙන එක. එහෙමත් නැත්නම් කළු වෙන එක. තමන්ගේ තොල් දෙක දුර්වර්ණ වෙලා නම් අපි මුලින්ම කරන්න ඕනේ ඒකට හේතුව හොයාගන්න එක. මොකද ඒකට හේතුව හොයාගත්තොත් තමයි නිවැරදි විසඳුමක් අපිට ලබාගන්න පුළුවන්. තොල් දුර්වර්ණ වෙන්න හේතු කිහිපයක් බලපානවා.

ජානමය හේතු…

ගොඩක් දෙනෙක්ගේ ජානමය හේතු නිසා තොල් කළු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අම්මා, තාත්තා, ආච්චි, සීයගෙ වගේ තොල් කළුයි නම් තමන්ගෙත් තොල් කළුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මේ දේ නම් පාලනය කරන එක ඉතාමත් අපහසුයි. ජානමය බලපෑමක් නිසා තොල් කළු වෙනවා නම් මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න එක තමයි සුදුසුම දේ.

දුම්පානය සහ සන් බර්න්ස්…

දුම්පානය හරහා තොල් කළු වෙනවා කියලා අපි හැමෝම දන්නවා. අනිත් කාරණය අපේ රට ඝර්ම කලාපීය රටක් නිසා ඉර අව්වෙන් ඇතිවන සන් බර්න්ස් හේතුවෙන් තොල් කළු වෙනවා.

මේකට හොඳම විසඳුම SPF ආරක්ෂාවක් සහිත හොඳ ලිප් බාම් එකක් පාවිච්චි කරන එක. ගොඩක් වෙලාවට මුහුණට APF ආරක්ෂාවක් ලබා දුන්නත් තොල් දෙක අපි අමතක කරනවා. ඉතින් තොලේ පිහිටා ඇති සම ගොඩක් සංවේදී නම් අනිවාර්යයෙන්ම හිරු රශ්මිය නිසා තොල් කළුවීම සිද්ධ වෙනවා.

විජලනය…

විජලනයත් එක හේතුවක්. දෛනිකව ඔයාගේ ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය හරියට ලැබෙන්නෙ නැත්නම් තොල් අව පැහැ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් දෙකක්වත් ඔයාගේ ශරීරයට එකතු කරගන්න අමතක කරන්න එපා. හෝමෝන වෙනස් වීමත් තොල් කළුවීමට බලපානවා. ගර්භනී සමයේදී තොල් අව පැහැවීම නම් සාමාන්‍ය දෙයක්.

සමහර බෙහෙතුත් බලපානවා…

මොනයම් හෝ ලෙඩකට ඔයා ගන්න බෙහෙත් නිසාත් මේ දේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් ඌණතා. වෛද්‍යවරයෙක් හමුවෙලා යම් විටමින් ඌණතාවයක් තියෙනවද කියලා හොයාගෙන මල්ටි විටමින් එකක් ආධාරයෙන් මේ තත්ත්වය මගහරවාගන්න පුළුවන්.

කොස්මෙටික්ස් ඇලජීස්…

සමහර කොස්මෙටික්ස් තොල්වලට ඇලජි වීමෙනුත් මේ තත්ත්වය ඇති වෙනවා. වෙළෙඳපොළේ තියෙන ප්‍රමිතියෙන් තොර විවිධාකාර තොල් ආලේපන මේකට හේතුවක්.

විසඳුම හොඳ ලිප් කෙයා රූටින් එකක්…

මේකට ඔයාට දේවල් දෙකක් උවමනා වෙනවා. පළවෙනි දේ හොඳ ලිප් බාම් එකක් නිතරම පාවිච්චි කරන්න ඕනෙ. ලිප් බාම් එකකින් ඔයාගෙ තොල්වලට හොඳ තෙතමනයක් ලැබෙනවා.

අනිත් දේ ලිප් ස්ක්‍රබ් එක. හොඳ ලිප් ස්ක්‍රබ් එකක් පාවිච්චි කළොත් තොලේ මැරුණ සම ඉවත් වෙලා පැහැපත් වෙනවා. සතියට දවස් තුනක් විතර ලිප් ස්ක්‍රබ් එකක් කරනවනම් ප්‍රතිඵලදායකයි.

හොඳ බ්‍රෑන්ඩ් එකක ලිප් බාම් එකක්…

වැස්ලින් බ්‍රෑන්ඩ් එකෙන් එන පින්ක් ලිප් බාම් එක තොල් වල අවපැහැයට සුදුසුයි. මේ වගේ බ්‍රෑන්ඩඩ් ලිප් බාම් පාවිච්චි කරන්න.

මේක තමයි ලේසිම වැඩේ…

ඔයාලා හැමදාම දත් මදිනවනෙ. දත් මදින අතරේ මෘදුව තොල් දෙකත් මැදගන්න. මේ හරහා තොල්වල තියෙන මැරුණු සෛල ඉතා ඉක්මනින් ඉවත් වෙනවා.

ලිප් මාස්ක්…

පෝෂණ සත්කාරයක් විදිහට සතියට වතාවක් ලිප් මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන්.

රූපලාවන්‍ය උපදේශිකා
චතූ සිල්වා

එරංදි කෞශල්‍යා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?