නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Tattoos ගැහුවා වගේ නෙවෙයි Remove  කරද්දි කේස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Tattoos ගැහුවා වගේ නෙවෙයි Remove  කරද්දි කේස්

Published April 29, 2024

මේක කාලීන වශයෙන් ඉතාම වැදගත් වෙන මාතෘකාවක්. ටැටූස් එහෙමත් නැත්නම් පච්ච කෙටීම ලෝකෙ බොහෝ ප්‍රසිද්ධ කලාවක්. තව පැත්තකින් ගත්තොත් ටැටූ කියන්නේ වෘත්තියක්. ටැටු එකක් කරන්නේ පුද්ගලයෙකුගේ බාහිර පෙනුමේ වෙනසක් සිද්ධ කරන්න.මේ මාතෘකාවේ වැදගත්ම කොටස ටැටූස් නෙවෙයි.

ටැටූ එකක් ගහන්න හරිම ලේසි වුණාට ඒ ගහපු ටැටූ එක මකන එක හිතන තරම් ලේසි නෑ. ඒ වගේම ටැටූ එකක් ගහන්න යන වියදම වගේ දෙතුන් ගුණයක් ටැටූ එක රිමූ කරන්න වියදම් වෙනවා.Tattoo කියන්නේ ජීවිත කාලෙ පුරාම පවතින ස්ථිර දෙයක්නෙ.

ඉතින් හදිස්සියේ ඔබට ටැටූ එක ඉවත් කරගන්න අවශ්‍ය වුණොත් ඔබ විශාල ගැටලුවකට මුහුණ දෙනවා ටැටූ එකක් ගහනවා වගේ රිමූ කරන්න පහසුකම් ලංකාවේ බොහෝ තැන්වල නැති නිසා.බොහෝ වෙලාවට ටැටූස් ගහන්නේ තරුණ වියේ ළමයි. ඉක්මන් තීරණ ගන්න පෙලඹෙන වයස නිසා අනාගතය ගැන එච්චර නොසිතා ක්ෂණික ආසාවට ටැටූ එකක් කරගන්නවා.

ඒකෙන් වෙන්නේ යම්කිසි දවසක ඔවුන් වෘත්තියකට යන අවස්ථාවකදී ඔවුන්ට මේ ටැටූ එක රිමූ කරගන්න සිද්ධ වෙන එක. තමන්ට හොඳ රස්සාවක් පුංචිම පුංචි ටැටූ එකක් නිසා නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා. පොලිසියට, ත්‍රිවිධ හමුදාවට, ගුවන් තොටුපළේ වගේ රැකියාවලට ටැටූ එකක් තියෙනවනම් කොහෙත්ම බඳවාගන්නේ නෑ.

සමහර විට ඔබේ ජීවිතය වෙනස් කරන වෘත්තියකට යාමට තියන මඟ සම්පූර්ණයෙන්ම ඇහිරෙන්න පුළුවන් ටැටූ එකක් නිසා. ඒ නිසා ආසාවට ටැටූ එකක් ගහන්න කලින් සිය දහස් වරක් සිතා බැලිය යුතුයි.

Tattoos ඉවත් කරන ක්‍රම

Tattoos ඉවත් කරගන්න විශේෂ ක්‍රමවේද කිහිපයක් තියෙනවා. මේ අතරින් ජනප්‍රියම ක්‍රමය තමයි ලේසර් කිරණ මගින් ටැටූ ඉවත් කිරීම. ඔබට ටැටූ එකක් රිමූ කරගන්න අවශ්‍ය නම් ඔබ යා යුත්තේ

ඒ සඳහා සුදුසුකම් තියෙන කෙනෙක් ගාවට. එහෙම නැතුව සුරක්ෂිත නැති තැනකින් ටැටූ එක රිමූ කරගන්න ගියොත් තවත් ගැටලුවලට ඔබට මූණ පාන්න සිද්ධ වෙනවා.

නමුත් ලේසර් මඟින් ඉවත් කළත් සමහර විට යම් තාක් දුරකට පමණයි ටැටූ එක ඉවත් වෙන්නේ. ලේසර් කිරණෙන් පුළුවන් ටැටූ එකේ පෙනුම යම්තාක් දුරකට අඩු කරන්න.

ටැටූ එකට භාවිත කරලා තියෙන තීන්ත අනුවත් මැකී යාමේ ප්‍රවණතාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ටැටූ එකක් ඉවත් කරද්දි ටැටූ එකේ ප්‍රමාණය, ටැටූ එක ගහලා තියෙන ස්ථානයේ සහ සමේ ස්වභාවය වගේ කරුණුත් බලපානවා.

ශල්‍යකර්මයකින්…

මේකෙදි වෙන්නෙ ප්‍රායෝගිකව ටැටූ එක ගහපු කොටස කපා සම නැවතත් සැකසීමක්. මෙම ප්‍රතිකාරය කුඩා ටැටූ සඳහා සුදුසු වුණත් විශාල ටැටූ එකකට සාර්ථක නෑ. ඒ වගේම මැසීමේ කැලැල් බොහෝ කාලයක් යනකල් ශරීරයේ තියෙන්නත් පුළුවන්.

Tattoo Removal Cream

ලේසර් කිරණ වගේම ටැටූ රිමූවල් ක්‍රීම් කියන්නෙත් කිසිම වේදනාවකින් තොරව ටැටු රිමූ කරගන්න පුළුවන් ක්‍රමයක්. නමුත් සමට හෝ පටකවලට හානි වීමට මේ ක්‍රීම් හේතුවෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු නිසයි ඔබට ටැටූ එකක් රිමූ කරගන්න අවශ්‍යකම් සුදුසුකම්ලත් කෙනෙකු හරහා එම අවශ්‍යතාවය සපුරාගන්න අවශ්‍ය.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ
ආනන්ද ජයවර්ධන


එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Tattoo Removal Cream, Tattoos, Tattoos ඉවත් කරන
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?