නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රස්නෙ කාලෙට ගළපලා අඳින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

රස්නෙ කාලෙට ගළපලා අඳින්න

Published April 1, 2024
ලංකාවේ මේ දවස්වල තියෙන්නෙ දවසෙ කිසිම වෙලාවකවත් උහුල ගන්න බැරි තරමේ අධික රස්නයක්. ඒ නිසා අපි මේ අව්වේ එළියට බහිද්දි වෙනදට වඩා ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. අව්වෙ එළියට යද්දි මුලින්ම මතක් වෙන්නෙ සන්ක්‍රීම් එකක් වුණත් දැන්නම් අපි අඳින ඇඳුමේ ඉඳන්ම ගොඩක් හිතලා ඇඳගෙන යන්න වෙලා තියෙනවා. මේ දවස්වල තියෙන අව්ව ඇස්වලට ගොඩක් බලපාන නිසා Sunglass එකක් දාගෙන එළියට යන එකත් කරන්නම ඕන දෙයක්. සමහරු හිතනවා සන්ග්ලාස් දාගෙන පාරෙ යද්දි මිනිස්සු එක එක ඒවා කියයි කියලා. හැබැයි මේ ගිනි අව්වට ඇස් නිරාවරණය වුණාම එන ඇස් ප්‍රශ්නවලට බෙහෙත් අරන් දෙන්නම් ඒ කතා කියන කවුරුත් එන්නේ නෑ. ඒ නිසා අනිත් අයට තමන්ගේ දේවල් පාලනය කරන්න නොදී මේ රස්නෙ කාලෙ ගැළපෙන විදිහට විලාසිතා කරන්න ඔළුව නිදහස් කරගන්න.

ලා පාට ඇඳුම් අඳින්න

මේ කාලෙට ගැළපෙන්නේ ලා පාට ඇඳුම්, තද පාට ඇඳුම් තෝරගන්න එක අවම කරන්න. කළු වගේ ඇඳුමක් අඳිනවනම් රස්නෙ ඇඟට උරා ගැනීමේ හැකියාව වැඩියි. ඒ වගේම රස්නෙ දෙගුණ වෙලා දැනෙන්න ගන්නවා. මේ නිසාම දාඩිය දානවත් වැඩියි.

ගොඩක් දාඩිය දාන කෙනෙක් නම්

ඔයා ගොඩක් දාඩියදාන කෙනෙක් නම් මේ දවස්වල Prints ඇඳුම් අඳින්න. මොකද දාඩිය දැම්මම ප්‍රින්ට්ස් ඇඳුම්වලට පිටතට පේන්නේ නෑ.

Open toe Shoes දාන්න

රස්නෙ කාලෙදි ඇඳුම් ගැන විතරක් නෙවේ සපත්තු ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ. කකුලේ ඇඟිලි සම්පූර්ණයෙන් වැහිලා තියෙන සපත්තු දාන්න එපා. මොකද ඇඟිලිවලත් මේ දවස්වල දාඩිය දානවා. ඒ වෙනුවට සැන්ඩ්ල්ස් උත්සහ කරල බලන්න. සැන්ඩ්ල්ස් තියෙන්නෙ හොඳට ඕපන් වෙලා. ඒ නිසා කකුළේ ඇඟිලිවලට හොඳට හුළං වදිනවා. කකුල් තැම්බෙන්නෙත් නෑ.Sneakers දාන එකත් අඩු කරන්න. මේ දවස්වල අපේ කකුල්වලට අනිවාර්යයෙන්ම හුස්ම ගන්න ඉඩක් හදලා දෙන්නම ඕනෙ.

Sleeveless ඇඳුම් තෝර ගන්න

පුළුවන්නම් Sleeveless ඇඳුම් අඳින්න. නැත්නම් මේ දවස්වල Short Sleeves තියෙන ඇඳුම් අඳින්න පුළුවන්. දිග Sleeve එකක් තියෙන ඇඳුමක් අඳින්නම ඕනෙ නම් හොඳ සැහැල්ලු ඇඳුමක් වෙන්න ඕනෙ.Top එකක් හරි ටී ෂර්ට් එකක් හරි අඳිනව නම් ඒවා යට කරල අඳින්න එපා. නැත්නම් Crop tops තෝරගන්න. ටී ෂර්ට් එකක් යට කරන්නම ඕනෙ නම් ඉස්සරහින් විතරක් පොඩ්ඩක් යට කරන්න.

Silk Pajamas එපා…

අපි මුලින්ම කිව්වනෙ දවසෙ මොනම කාලයකවත් දරාගන්න බැරි රස්නයක් මේ දවස්වල තියෙන්නෙ කියලා. ඒ නිසා රෑට සිල්ක් පිජාමාස් අඳින්න එපා. මොකද සිල්ක්වලට දාඩිය උරා ගන්නෙ නෑ. ඒ වෙනුවට කොට්න් පිජාමාස් අඳින්න.

හරිම රෙදි වර්ග තෝර ගන්න

කොට්න්, ලිනන් වගේ සැහැල්ලු ස්වභාවික රෙදි වර්ග තමයි මේ දවස්වල ඔයා තෝරගන්න ඕනෙ. මොකද මේ රෙදි වර්ගවලින් හොඳට වාතය සංසරණය වෙනවා. නයිලෝන්, ස්පාන්ඩෙක්ස්, පොලියෙස්ටර් රෙදි මගහරින්න. මේ රෙදි වර්ගවලින් ඇඟේ රස්නය ඇඟ ඇතුළෙම රඳවගෙන ඉන්නවා.

Make Up

මේ දවස්වලනම් මේක්අප් අවම කරනවනම් හොඳයි. මොකද අධික රස්නයත් එක්ක මේක්අප් එකක් දැම්මට වැඩක් නෑ. ඉතින් මේක්අප් ටිකක් මිලෙනුත් ඉහළ නිසා නිතරම දාඩිය දාන මූණට මේක්අප් දාලා තේරුමක් නෑ. ඒත් මේක්අප් එකක් දාන්නම ඕනෙනම් පවුඩර් එකක් ළඟ තියාගන්න.

කොණ්ඩෙ කඩන් ඉන්න එපා

ගොඩක් දාඩිය දාන නිසා කොණ්ඩෙ කඩන් ඉන්න අපහසුයි. කොණ්ඩෙ කඩන් ඉද්දි මූණට ලස්සනක් ලැබුණත් මේ දවස්නම් කොණ්ඩ කඩන් ඉන්න පුළුවන් දවස් නෙවේ. ඒ නිසා පුළුවන් තරම් කොණ්ඩෙ උඩට කරල බැඳල තියාගන්න.

සඳලි කොට්ටහේවගේ
(Lavishing with Sandali )

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Fashion, Sunglass
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?