නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රස්නෙ කාළෙට ගැළපෙනම කෝමාරිකා ෆේෂල්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

රස්නෙ කාළෙට ගැළපෙනම කෝමාරිකා ෆේෂල්

Published March 11, 2024

මේ දවස්වල ලංකාවේ පවතින අධික උෂ්ණත්වය දිනපතාම පුවත් මැවෙන තරමටම දරුණුයි. උදේ නවය පහුවුණගමන් එළියට බහින්න තියා හිතනකොටත් ඔළුව කකියනවා. ගෙදර ඇතුළෙ හිටියත් ඉන්නෙ මුළු දවසම ෆෑන් එක දාගෙන. මේ දවස්වල දවසට දෙපාරක්වත් නාන එක හොඳයි කියලත් වෛද්‍යවරුන් උපදෙස් දීලා තියෙනවා. මේ වගේ පරිස්සමෙන් උෂ්ණ කාලගුණ තත්ත්වයේ තමන්ව රැකගන්න අතරේ රූපලාවන්‍ය පැත්තෙනුත් මේ රස්නෙ කාලෙ මූණ කූල් කරගන්න හොඳම විදිහක් ගැන අපි කියල දෙන්න හිතුවා. මූණට ඉතින් කූල් කිව්වම කෝමාරිකා ඇරෙන්න මතක් වෙන වෙන දෙයක් නෑනෙ නේද? අද අපි ඔයාලට කියල දෙන්න හිතුවෙ කෝමාරිකා ෆේෂල් එකක් ගෙදරදිම කරගන්න පුළුවන් විදිහක් ගැන. ස්වභාවික දේවලින් ලැබෙන ලස්සන අපිට සල්ලිවලට ගන්න බෑ. මොකද ඒ ලස්සන දකින ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් මේ ස්වභාවික දේවලින් ලැබුණ ලස්සනක්ද එහෙමත් නැත්නම් කෘත්‍රිමව ලැබුණු ලස්සනක්ද කියලා. අන්න එහෙම ස්වභාවිකව ලස්සනක් ගන්න කැමති ගෑනු ළමයින්ට තමයි මේ කෝමාරිකා ෆේෂල් එක ගේන්නෙ.

මේ ෆේෂල් එකේදි පියවර තුනක් තියෙනවා.

1. ස්ක්‍රබ්
2. මසාජ් ජෙල්.
3. පැක්.

මේ පියවර තුන පිළිවෙලට ෆලෝ කරන්න ඕනේ. අපි මුලින්ම මේ දේවල් හදාගෙන ඉමු.

කෝමාරිකා ජෙල් එක

කෝමාරිකා පිති දෙකක් අරගෙන සෝදා පිරිසිදු කර මදය භාජනයකට වෙන්කර ගන්න ඕනෙ. ඊටපස්සෙ පසුව සූරගත්ත මදය හොඳින් බ්ලෙන්ඩ් කරගෙන ජෙල් එක හදාගන්න.

ස්ක්‍රබ් එක

මේ ස්ක්‍රබ් එකට අවශ්‍ය වෙන්නේ කෝමාරිකා ජෙල් සහ හාල් පිටි විතරයි. හාල්පිටි මේස හැන්දක් සහ කෝමාරිකා ජෙල් මේස හැඳි දෙකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ස්ක්‍රබ් එක හදාගන්න

මසාජ් ජෙල්

පිරිසිදු භාජනයක් අරගෙන කෝමාරිකා යුෂ මේස හැන්දක් එයට එකතු කරගන්න. මේ මසාජ් ජෙල් එකට අපිට විටමින් E කරලක් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් හොඳින් මිශ්‍ර කර මසාජ් ජෙල් එක හදාගන්න.

පැක් එක

තවත් පිරිසිදු භාජනයක් ගෙන කඩල පිටි මේස හැන්දක්, කස්තුරි කහ මේස හැඳි කාලක්, කෝමාරිකා යූෂ මේස හැඳි දෙකක් එකතු කර හොඳින් කලවම් කරගන්න. මුලින්ම මේ දේවල් හදාගෙන තියාගත්තම ඔයාට පියවරෙන් පියවර එක දිගට ෆේෂල් එක කරගෙන යන්න ලේසියි.

ෆේෂල් එක කරන විදිහ

ස්ක්‍රබ්

මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කර ස්ක්‍රබ් එක ඇඟිලි තුඩුවලට අරගෙන මුහුණේ හැම තැනකම ආලේප කරන්න. ඊටපස්සෙ උඩු අතට හොඳින් ස්ක්‍රබ් කරගන්න. විනාඩි දෙකක් විතර ඇගිලිතුඩු තද නොකර තමයි ස්ක්‍රබ් එක කරගන්න ඕනෙ. සමේ තියෙන අඳුරු පැහැය නැතිකරන්න, මැරුණු සෛල ඉවත් කරන්න වගේම මූණෙ තැන්පත් වෙලා තියෙන කුණු දූවිලි ඉවත් කරන්න හාල් පිටි සහ කෝමාරිකා සාරයට පුළුවන්.මූණේ කුරුලෑ ඇතිවෙන්න පුළුවන් මූලිකම දෙයක් තමයි මුහුණේ තෙල් සහිත බව. ඒ තෙල් ගතිය පාලනය කරන්නත් මේ ස්ක්‍රබ් එකට පුළුවන්. ඒ වගේම ඕනෑම සමකට කෝමාරිකා ස්ක්‍රබ් එක සුදුසුයි. විනාඩි දෙකක් විතර ස්ක්‍රබ් කළාට පස්සෙ ඇල් වතුරෙන් සෝදාහරින්න.

මසාජ් ජෙල්

ස්ක්‍රබ් කරපු මූණ හෝදගත්තට පස්සේ මසාජ් ජෙල් එක අරගෙන මූණෙ හැමතැනම ආලේප කරලා විනාඩි පහක් විතර මසාජ් කරන්න ඕනේ. ස්ක්‍රබ් කරපු විදිහට උඩු අතටම තමයි මසාජ් කරන්න ඕනෙත්. මූණ හොඳට මසාජ් කරනකොට රුධිර ගමනාගමනය ක්‍රමවත් වෙනවා. මූණ පැහැපත් වෙන්න ඒක ගොඩක් වැදගත්.

සාමාන්‍යයෙන් පැක් එකක් පාවිච්චි කරන්න කලින් සහ ස්ක්‍රබ් එක කළාට පස්සේ මසාජ් ජෙල් එකක් ගාලා මසාජ් කරන්නේ ඒ නිසයි. මොකද පැක් එකේ තියෙන ගුණය සහ සාරය සමට හොඳින් උරාගන්න මසාජ් එක ප්‍රයෝජනවත් වගේම මේ මසාජ් ජෙල් එකේ විටමින් E තියෙන නිසා සමේ තරුණ බව වැඩිකර සම පැහැපත් වෙනවා. ඇස් යට කළු වීමටත් මසාජ් ජෙල් හොඳ විසඳුමක්. මසාජ් ජෙල් එක ගෑවට පස්සේ මූණ හෝදන්නෙ නෑ. පිරිසිදු තුවායක් අරගෙන උඩින් තෙත මාත්තු කරගන්නවා විතරයි. වතුර පොඩ්ඩක්වත් ගාන්න එපා.

පැක් එක

ඇඟිලි තුඩුවලට පැක් එක අරගෙන ඝණට මුහුණෙ ආලේප කරගන්න. කස්තුරි, කහ, කඩල පිටි, කෝමාරිකා එකතු වුණු මේ පැක් එකෙන් පුළුවන් ඔයාගේ මූණට ලස්සන පැහැයක් වගේම නැවුම් බවක් ලබා දෙන්න. පැක් එක හොඳට මූණෙම වේලෙනකල් පැය බාගයක් විතර තියන්න. මේ අතරතුරේ කතා කරන්න, කෑම කන්න යන්න එපා.

ෆේෂල් එකක් කරනකොට නිදහසේ වෙලාව අරන් කරන්න ඕනේ. ඒ නිසා වෙලාව අරන් තමයි හොඳට මේ පැක් එක ගානට මුහුණේ ගාගන්න ඕනේ. මූණෙ විතරක් නෙවෙයි බෙල්ල ප්‍රදේශයෙත් පැක් එක ගාලා පැය භාගයකට පස්සේ ඇල් වතුරෙන් සෝදාහරින්න. මේ කෝමාරිකා ෆේෂල් එක කරපු පළවෙනි දවසින්ම ඔයාට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සතියට දවස් දෙක ගානේ මේ සත්කාරය කරල බලන්න.

( SLviki media ඇසුරෙන්)

එරංදි කෞශල්‍යා ✍️


 

TAGGED: beauty, Fashion, Massage gel, Scrub, කෝමාරිකා, කෝමාරිකා ෆේෂල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?