නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Old Money Fashion
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Old Money Fashion

Published March 4, 2024
මොකක්ද මේ හැමෝම කතාවෙන Quite Luxury එහෙමත් නැත්නම් එලිගන්ට් ලේඩි ට්‍රෙන්ඩ් එක? මේ ට්‍රෙන්ඩ් එක පටන්ගන්නේ Tiktok එකේ ප්‍රසිද්ධ වුණ Old Money එකේම කොටසක් විදිහට. ඕල්ඩ් මනී කියන්නේ පරණ සල්ලිකාර කියන එකට. ගොඩක් ඉස්සර හිටපු සල්ලිකාරයෝ එයාලගේ සල්ලිකාරකම පෙන්නන්න පාවිච්චි කළේ ඇඳුම්. ඕල්ඩ් මනී මිනිස්සුන්ගේ ඇඳුම්වල තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි ඒ ඇඳුම් හරිම සරල වීම. ඒ නිසයි ඒවට Quite Luxury කියන්නේ..

Old Money අය අඳින පාට

මේ ට්‍රෙන්ඩ් එකේ ගොඩක් අය අඳින්නේ ලා පාට. එහෙම නැත්නම් උදාසීන පාට. මේ ට්‍රෙන්ඩ් එකට ආවේණික වුණ වර්ණ සුසංයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලා පාට කලවමේ ඇන්දම හොඳ රිච් ලුක් එකක් එනවා. ලා පාටවලට උදාහරණ කිව්වොත් බේජ් සහ ඔලිව් ග්‍රීන්, බේජ් සහ සුදු, අළු සහ දුඹුරු, සුදු සහ ලා නිල්, ඩෙනිම් බ්ලූ සහ සුදු, කොෆී බ්‍රවුන් සහ කළු සුදු සහ රතු හොඳින් ගැළපෙනවා.

Print and Patterns

Old money Trend එකේ අය ලොකු ලොකු ඩිසයින්වල ප්‍රින්ට්ස් තියෙන ඇඳුම් අඳින්නේ නෑ. ඒ වෙනුවට පුංචි පුංචි මල් වගේ තියෙන චාම් ඇඳුම් තමයි එයාලා තෝරගන්නේ. පැටර්න්ස් ගැන කතා කළොත් වැඩි මෝස්තර නැති හරිම සිම්පල් මෝස්තරයක ඇඳුම් තමයි ඕල්ඩ් මනී ට්‍රෙන්ඩ් එකේ මිනිස්සු අඳින්නේ. එක එක Brandsවල ලෝගෝස් තියන ඇඳුම් වලට අපි කියනවා Loud Luxury කියලා. ක්වයට් ලක්ෂරි අය කවදාවත් ඇඳුම පුරාම ලෝගෝස් තියන ඇඳුම් අඳින්නේ නෑ.

Old Money ට්‍රෙන්ඩ් එකේ තියෙන ප්‍රසිද්ධ දෙයක් තමයි ස්ට්‍රිප්ස් එහෙමත් නැත්නම් ඉරි කියන්නේ. සුදු සහ නිල් ඉරි සහිත බට්න් කියන්නේ කවදාවත් කල් පනින්නේ නැති විලාසිතාවක්. ලොකු අකුරු සහ කාටුන්ස් තියෙන ඇඳුම් ඕල්ඩ් මනී අය අඳින්නෙම නැති තරම්. එලිගන්ට් එහෙමත් නැත්නම් වැදගත් විදිහට ඇඳුම් අඳින අය එයාලගේ ශරීරය ගැනත් ගොඩක් සැලකිලිමත්. හරිම ලස්සන ෆිගර් එකක් එයාලා මේන්ටේන් කරනවා. ඒ වගේම ගොඩක් ෆ්‍රිල් කරපු, එක එක මෝස්තර ගොඩාක් දාපු ඇඳුම් මේ ටයිප් එකේ අය අඳින්නෙ නෑ. එයාලා නිතරම තෝරගන්නෙ චාම් ඩීසන්ට් ඇඳුම්.

රෙදි වර්ග (Fabric)

එලිගන්ට් විදිහට අඳින අය ගොඩක් වෙලාවට තෝරගන්නේ කපු වගේ ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් හදපු රෙදිග ලීනන් ෂර්ට්, කලිසම්, සිල්ක් කැමි ටොප් වගේ ඒවා තමයි එයාලගේ තේරීම් වෙන්නේ. ස්වභාවික ඇඳුම් අඳින එකේ එක වාසියක් තමයි මේ ඇඳුම් කොච්චර ඇන්දත් වැදගත් පෙනුම කවදාවත් නැති වෙන්නේ නෑ. ඒ වගේම ඇඟට හරිම පහසුයි.

ස්ටයිල්ස් කරන විදිහ

Old money Trend එකේ අය හරිම ලස්සනට තැනට සුදුසු විදිහට අඳිනවා. ඒ වගේම ශරීරය අනවශ්‍ය විදිහට නිරාවරණය කරගෙන විලාසිතා කරන්නේ නෑ. කොටින්ම පිහිනුම් ඇඳුමක් ඇන්දත් හීනි පටි සහිත බිකිණි එකක් වෙනුවට එයාලා අඳින්නේ පපුව සහ බම් ඒරියාස් හොඳට වැහුන පිහිනුම් ඇඳුම්. මින් ෂොර්ට් එකක් හෝ මිනි ස්කර්ට් එක්ක ස්ලීව්ස් තියෙන ටොප් එකක් යට කරලා අඳිනවා. ඒ වගේම ස්ලීව්ලස් ටොප් එකක් ඇන්දොත් ඊට උඩින් ජැකට් එකක් අඳිනවා.

ජුවලරිස්

රත්තරන් ජුවලරීස් තමයි ඕල්ඩ් මනී අය ගොඩක් දාන්නේ. රත්තරං වුණාට ගොඩක් ජුවලරීස් පළඳින්නෙත් නෑ. සිම්පල් ඩිසයින්ස් තියෙන ආභරණයක් තෝරගන්නවා. ඒ අතරින් ගෝල්ඩ් එක්ක පර්ල්ස් තියෙන ආභරණ විශේෂයි.

සපත්තු

ගොඩක් උස හීල්ස් සපත්තු මේ ටයිප් එකේ අය දාන්න කැමති නෑ. අඟල් දෙකහමාරක වගේ උස කිට්න් හීල්ස් දානවා. ස්ලයිඩ්ස් ගැන කතා කළොත් ප්ලාස්ටික්, රබර් ස්ලයිඩ්ස් දාන්නේ නෑ. ඒ වෙනුවට ලෙදර් ස්ලයිඩ්ස් දානවා. ලෙදර් වුණත් නියුටරල් කලර්ස්වලින් තමයි තෝරගන්නේ. දුඹුරු, බේජ්, කළු වර්ණ ඊට අදාළයි. කිට්ල් හීල්ස්, බැලේ ෆ්ලැට්ස්, ස්ලිං බැක්ස්, මියුල්ස් ටයිප් එකේ සපත්තු වලට තමයි ඕල්ඩ් මනී අය කැමතිම. මෙයාලා ස්නීකර්ස් පාවිච්චි කරනවා. ඒත් ප්ලේන් කලර් ස්නීකර්ස් තමයි දාන්නේ. ඉතින් Quiet ලක්ෂරි ඇඳුම් කළෙක්ෂන් එකකට කැමති අය මේ විදිහට අඳින්න ට්‍රයි කරල බලන්න.

චේත්‍යා අබේවික්‍රම (Cheyche)

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Fabric, Old Money Fashion, Quite Luxury
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?