නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරදිම Pedicure කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ගෙදරදිම Pedicure කරන්න

Published February 19, 2024
කාන්තාවක් වුණාම මුහුණට වගේම කකුල් දෙකටත් හොඳ අවධානයක් දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කකුල් වලට සැලෝන් එකකින් කරන සත්කාරයක්නේ පෙඩිකියු කියන්නේ. පෙඩිකියු කියන්නෙ ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි. පිරිමි ළමයින්ටත් හරිම වැදගත් පාද සත්කාරයක්. නියපොතු හොඳින් සුද්ද කරලා සම්පූර්ණ පෙඩිකියු එකක් සැලෝන් එකකදි කරගන්න පුළුවන් වුණත් අද මේ ලිපියෙන් කියල දෙන්නේ ගෙදරදි ඔයාට පෙඩිකියු එකක් කරගන්න පුළුවන් සරල විදිහක් ගැන...

මුලින්ම කරන්න ඕනෙ කකුලේ ඇඟිලි වල ගාපු පරණ කියුටෙක්ස් එහෙම තියෙනවනම් ඒවා රිමූ කරගන්න එක. මේකට හොඳ බ්‍රෑන්ඩඩ් රිමූවර් එකක් යොදාගන්නත් අමතක කරන්න එපා. මොකද බාල කියුටෙක්ස් රිමූවර් නිරෝගී නිය පෙලට හොඳ නෑ.

ඊටපස්සෙ කකුල් දෙකම දාන්න පුළුවන් විදිහේ වතුර භාජනයක් ලෑස්ති කරගන්න ඕනේ. මේ පෙඩිකියු එකට ඕනේ ලා රස්නෙ උණු වතුර. ඊටපස්සේ වතුර එකට ලුණු තේ හැන්දක් දාලා දෙහි බෑයකුත් එකතු කරගන්න. ඒ දෙහි බෑයත් වතුර එකටම දාගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන ෂැම්පු වර්ගයක් දාල හොඳින් පෙන එනතෙක් වතුර එක කලවම් කරගන්න.

දැන් තියෙන්නේ ඔයාගේ කකුල් දෙක භාජනය ඇතුලට දාලා හොඳින් කකුල් දෙක කකුල් දෙකෙන්ම අතුල්ලගන්න එක. මේ විදිහට විනාඩි විස්සක් කකුල් දෙක භාජනය ඇතුලෙ තියාගන්න. විනාඩි විස්සකට පස්සේ කකුල් අතුල්ලන බ්‍රෂ් එකක් අරගෙන ඒකටත් ෂැම්පු ටිකක් දාලා කකුලේ උඩ පැත්ත සහ යටි පතුල් හොඳින් බ්‍රෂ් කරගන්න.

තුන්වෙනි පියවර විදිහට කරන්නේ ෆුට් ස්ක්‍රබ් එකක් ගාලා කකුල් දෙක හොඳට ස්ක්‍රබ් කරගන්න එක. ස්ක්‍රබ් එක අපිට සීනි මේස හැඳි හතරකට මී පැණි මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍ර කරලා ගෙදරදිම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝපි කුඩු මේස හැඳි දෙකකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරල ස්ක්‍රබ් එකක් හදාගන්නත් පුළුවන්.

විනාඩි පහක් විතර ස්ක්‍රබ් කළාට පස්සේ ආයෙත් කකුල් දෙක ෂැම්පු වතුරෙන්ම සෝදගෙන පියුමික් ස්ටෝන් එකකින් කකුල් දෙක මැදගන්න. පියුමික් ස්ටෝන් කියන්නෙ යටි පතුලේ තියෙන මැරුණු සම ඉවත් කරගන්න පාවිච්චි කරන ස්පොන්ජ් එකක පෙනුම තියෙන සවිමත් ගලක්.

ඊටපස්සේ ආයෙත් කකුල් දෙක ෂැම්පු වතුරෙන් තෙමාගෙන වියළි තුවාලයකින් හොඳින් තෙත මාත්තු කරගන්න. දැන් තියෙන්නේ නියපොතු කපාගන්න වැඩේ. මේ වෙද්දි ඔයාගේ කකුල් වල නියපොතු හොඳට පෙඟිලයි තියෙන්නේ. ඒ නිසා නියපොතු ලේසියෙන් කපාගන්න පුළුවන්. ඊළඟ පියවර විදිහට දෙහි බෑයක් අරගෙන නියපොතුවල අතුල්ලන්න. නියපොතුවල තියන අව පැහැ ගතිය නැති කරන්න දෙහි වලට පුළුවන්.

ඊටපස්සේ පිරිසිදු වතුරෙන් නැවතත් කකුල් දෙක හොඳින් සෝදා කකුල් තෙත මාත්තු කරගන්න.කකුලට දාන පැක් එක හදාගන්න විදිහ අපිට පැක් එකට අලි ගැට පේර මද, කෝමාරිකා මද, බිත්තර කහමද භාවිත කරන්න පුළුවන්. මේ ඕනම විදිහකින් ඔයාගේ කකුලට පැක් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ බොඩි බැක් එකකින් මේස හැඳි තුනක් භාජනයකට දමාගන්න. එයට රෝස වතුර මේස හැඳි තුනක් එකතු කර හොඳින් පල්ප් එකක් වනතෙක් මිශ්‍ර කරගන්න. ග්ලිසරින් මේස හැන්දක්ද එකතු කර නැවතත් මිශ්‍ර කරන්න. ග්ලිසරින් කියන්නේ සමේ තෙතමනය තියාගන්න ප්‍රයෝජනවත් දෙයක්.

වියළි සමක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් යෝගට් හැන්දකුත් මේ පැක් එකට එකතු කරගන්න. අවසානයේ දෙහි බිංදු ස්වල්පයකුත් එකතු කරගෙන යෝගට් එකේ කැට නොහිටින විදිහට මිශ්‍ර කරගන්න ඕනෙ. දැන් හදාගත්ත පැක් එක හොඳින් කකුල් දෙකේ ආලේප කරගන්න. මේ පැක් එක මුළු ශරීරයටම වුණත් සුදුසුයි. විනාඩි 20 ක් පමණ කකුල් දෙකේ පැක් එක තිබෙන්නට හැර කකුල් දෙක සෝදා තෙත මාත්තු කරගන්න.

පසුව මොයිස්චරයිසර් ලෝෂන් එකක් හෝ ෆුට් ක්‍රීම් එකක් ආලේප කරගෙන ඔයාගේ පෙඩිකියු එක අවසන් කරගන්න. ඉතින් සැලෝන්වලට යන්න වෙලාවක් නැති යුවතියන්ට මාසෙකට දෙපාරක් වගේ ගෙදරදිම මේ පෙඩිකියු එක කරගත්තොත් ඔයාලට පුළුවන් ලස්සන පාද දෙකක හිමිකාරියක් වෙන්න.

රූපලාවන්‍ය ශිල්පිණී
මාෂි නෙහන්සා
( Brisbella)

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: Fashion Designer Eranjana, Pedicure
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?