ඊජිත්තු මමියෙන් මතුවූ මෙහෙන්දි රටා
දවසක් ගොවිපළක හිටපු එළුවෙක් කැලේ ගිහින් හවස් ජාමෙ ආයෙමත් ගොවිපළට එද්දි මේ එළුවගෙ කට රතුම රතු පාට වෙලා තියෙනවා එඬේරා දැක්කලු. මේ ගැන හොයලා බලන්න එඬේරා ඊළඟ දවසෙ එළුවගෙ පස්සෙන් ගියාම ඔහු දැකලා තිබුණේ එක්තරා කොළ ජාතියක් කෑවම විතරක් එළුවගෙ කට රතු පැහැ වෙන බවකුයි.
ඔන්න ඔහොමයි කියනවා මරතෝඬි ගහ මුලින්ම මිනිස්සු හොයාගත්තේ. ගහේ නම මරතෝඬි වුණාට මේ වර්ණ ගැන්වීමට හෙනා, මෙහෙන්දි කියලත් කියනවා. පස්සෙ මේ සිද්ධියට ‘ෂෙපර්ඩ් තියරි’ කියල නමකුත් හැදුණා. ඒ කියන්නෙ මීට අවුරුදු 5000කට විතර උඩදි තමයි මරතෝඬි හොයාගත්තේ.
මුලින්ම මේ හෙනා පේස්ට් එක පාවිච්චි කළේ ඊජිප්තු වැසියො. ඒ මමි වර්ණ ගන්වන්න. ඊජිප්තුවරුන් විශ්වාස කළා හෙනා ගැල්වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ අධ්‍යාත්මිකත්වය රඳවා ගන්න පුළුවන් කියලා. ඒ වගේම සම ශක්තිමත් කර ශරීරය දිරාපත් වීම මැඩපවත්වනවා කියලා.
ඒ වගේම පුරාණ ඊජිප්තුවරුන් තම හිසකෙස් සහ නිය අලංකාර කිරීමට සහ වර්ණ ගැන්වීමේ මාධ්‍යයක් විදිහටත් හෙනා භාවිත කළා. එකම වර්ණයන්ගෙන් බැහැරව විවිධ මල්වල සාරයන්ගෙන් සැකසූ වර්ණ හෙනා ඔවුන් සකසා ගත්තා.
මෙහෙම කරලියට ආපු හෙනා ටික කාලයක් යද්දි මැදපෙරදිග සහ ආසියාතික රටවල ශීඝ්‍රයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ප්‍රසිද්ධිය කොච්චරද කියනවා නම් ඉන්දියාවේ ඕනම්, අවුරුදු උත්සවවලදි හෙනා ආලේප කරන එක සංස්කෘතික අංගයක් වගේම අනිවාර්ය චාරිත්‍රයක් වුණා.
ඊජිප්තුවෙන් බිහිවුණත් මේ වෙද්දි ලෝකෙන්ම ගත්තොත් මරතෝඬි වැඩිපුරම පාවිච්චි කරන්නෙ ඉන්දියාවෙ සහ පකිස්ථානයෙ තරුණියන්.හරි නම් මරතෝඬි ගාලා ඒවා අතට, පයට පත්තියන් වෙනකල් පැය 6ක් තියන්න ඕනේ. ඊටපස්සෙ මරතෝඬි කෑලි ගැලවෙන්නෙ නැතිවෙන්න සීලන්ට් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරනවා.
ඊට පස්සෙ ආෆ්ටර් කෙයා බාම් එක ගාලා තවත් පැය 6ක් වතුර නොගෑවෙන්න තියාගන්න ඕනේ. මේ දේවල් හරියට කළොත් සති දෙකක් මෙහෙන්දි ඩිසයින් එක ඒ විදිහටම තියාගන්න පුළුවන්. හැබැයි ඕන වෙලාවට රිමූ කරන්නනම් බෑ. වතුරින් හෝදන්න හෝදන්න තමයි මෙහෙන්දි පාට මැකෙන්නේ.
මරතෝඬි කියන්නෙ 100%ක් ස්වභාවික නිෂ්පාදනයක්. ඒත් සමහර අය නම් මහා පරිමාණෙන් හදලා කඩවලට දානකොට කෙමිකල්ස් එකතු කරනවා. ස්වභාවික හෙනා එකක් නම් ඒක අනිවාර්යයෙන් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. කඩවල හෙනා ෆ්‍රිජ්වල දාන්නෙ නැති නිසා තමයි කෙමිකල්ස් දාලා කල්පැවැත්ම තියාගන්නේ.
දැන්නම් ලංකාවෙත් මරතෝඬි හරිම ප්‍රසිද්ධයි. මුස්ලිම්, දෙමළ විවාහ උත්සවවලදි මනමාලි මරතෝඬි එහෙමත් නැත්නම් මෙහෙන්දි ගාන එක අනිවාර්ය දෙයක් වෙලා. අර දිවුල්ගනේ මහත්තයගෙ සින්දුවකුත් තියෙන්නේ, ‘මරතෝඬිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ මූකු තෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා‘ කියලා.
ඒත් දැන් ෆාතිමාලට විතරක් නෙවේ සිංහල විවාහ උත්සවවලත් මෙහෙන්දි ගාණ එක ට්‍රෙන්ඩින් වීගෙන එනවා. මරතෝඬි ගැල්වීමෙන් විවාහයේ යහපත් බව, මනාලියගේ සෞඛ්‍ය සම්පන්න බව සහ සමෘද්ධිය සංකේතවත් කරන බවට මිත්‍යා මතයක් තියෙනවා. සමහරු කියනවා මරතෝඬි පැල්ලම් අඳුරු වෙන්න වෙන්න සැමියා, බිරිඳ අතර ඇති ආදරයත් ගැඹුරු වෙනවා කියලා. ස්වභාවික හෙනාවලට අමතරව දැන්නම් සුදු, රතු, කළු වර්ණවලිනුත් හෙනා තියෙනවා. ඒවටත් තියෙන්නේ ඉහළ ජනප්‍රියතාවක්.
හෙනා නිර්මාණ ශිල්පිණී
ශර්බීන් ජසිම්
Founder – Rainbow Academy