නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ටෙලියකට ආරාධනා කළේ රංගන හැකියාව ගැන දැනගෙනයි – ත්‍රිශාලා නටාෂි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
තරු විසිතුරු

ටෙලියකට ආරාධනා කළේ රංගන හැකියාව ගැන දැනගෙනයි – ත්‍රිශාලා නටාෂි

Published July 31, 2023

කලාවට සබඳකම් ඇති පවුලක සාමාජිකාවක් වුණ නිසාම වයස අවුරුදු 10 දී පමණ ඇයට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව උදා වෙනවා. මුල්ම රංගනයේ සාර්ථකත්වය මත දිගින් දිගටම වෙළෙඳ දැන්වීම් තුළ පෙනී සිටිමින් ඉදිරියට යන අතරතුර රඟපාන්නට ඇත්නම් කියන අදහස ඇගේ හිතට ඇතුළු වෙන්නෙ අහම්බෙන්. අහම්බෙන් හිතට ආවත් ඒ අදහස ඉටු කරගන්න ත්‍රිෂාලා නතාෂි පැමිණි ගමන් මඟේ රසබර තොරතුරු ගැන මතකය මේ විදියට ආවර්ජනය කළා…

අපි යමුද ඒ පුංචි කාලෙට?

උදිත් අබේරත්න කියන්නෙ මගේ මාමා. ඔහු රංගනයට සම්බන්ධයි. මම මාමත් එක්ක ෆොටෝ එකක ඉන්නව දැකල තමයි ග්ලූකෝස් කමර්ෂල් එකට ආරාධනා ලැබෙන්නෙ.

රංගන ශිල්පිනියක් වෙන්න හිතුනෙ…

නටන්න ගයන්න රඟපාන්න තිබුණ දක්ෂකම් නිසා මම ඉගෙන ගත්තු කඳාන සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස් විදුහලේ ගුරුවරුන්ගෙන් ගෙදරදි අම්ම තාත්තගෙන් වගේම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් මට ලැබුණෙම හොඳ ප්‍රතිචාර. ඒ නිසා තමයි රඟපාන්න ඇත්නම් කියලා හිතුණෙ.

ත්‍රිෂාලා ඒ බලාපොරොත්තුව ඉටු කරගත්තා…

නිරුක්ෂාන් ඒකනායක කියන්නෙ අපේ පවුලේ හිතවතෙක්. ඔහු මගේ නර්තන, රංගන හැකියාව ගැන දැනගෙන හිටිය. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ විදියට කටයුතු කරද්දි මට එහි මධූකා කියන චරිතයට ආරාධනා කළා.

අම්ම තාත්තගෙ ආශිර්වාදය…

මාමත් මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා අම්මටයි තාත්තටයි කලාව හොඳට හුරුයි. මගේ නංගිලා දෙන්නටත් හොඳට නටන්න සිංදු කියන්න පුළුවන්. ඉතින් අම්මගෙයි තාත්තගෙයි හීනයක් තමයි අපි තුන්දෙනා කලාවෙන් ඉදිරියට යනවා දැකීම.

සිනමාවටත් ආරාධනා…

ක්ෂේත්‍රයට අලුත් වුණත් ඉක්මනින්ම සිනමාවට පය තියන්න තරම් මම වාසනාවන්ත වුණා.වෛද්‍ය කපිල සූරියආරච්චිගෙ “සිනමා” කියන ෆිල්ම් එකේ තේමා ගීතයට රංගනයක් ඉදිරිපත් කරමින් තමයි මම සිනමාවට පිවිසෙන්නෙ.

වැඩියෙන් කැමති සිනමාවටද පුංචි තිරයටද ?

මම අභියෝගාත්මක චරිත වලට කැමති කෙනෙක්. ඒ තුළ මගේ දක්ෂතා පෙන්වල චරිතයට සාධාරණයක් කරන්න ලැබෙනව නම් ඒක මට ටෙලියක්ද සිනමා පටයක්ද කියන එක අදාළ නෑ.

රංගනය අද ජීවන වෘත්තිය වෙලා…

පුංචි කාලෙ ඉඳලම රැකියාවක් විදිහට මම කැමති මගේම ව්‍යාපාරයක නියැළෙන්න.බොහොම මෑතක මම ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගත්තා.

මේ දේවල් වලට පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

තවම මට පෙම්වතෙක් නැති නිසා ලැබෙන සහයෝගය ගැන කියන්න බෑ.

ඒ ලැබෙන කෙනාගෙන් මේ දේවල් වලට තහංචි වැටුණොත්?

ආදරය කරනව කියන්නෙ කෙනෙක්ව තහංචි දාල හිර කරන එක නෙමෙයි. ඉස්සෙල්ලම දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕන එකිනෙකාගෙ වෘත්තීන් වගේම දක්ෂතා මොන වගේද කියල. ඒ දේවල් වලට වචනෙකින් හරි සපෝට් කරන කෙනා තමයි අපිට ඇත්තටම ආදරය කරන කෙනා විදියට මම දකින්නෙ.

මට ගැලපෙන්නෙ රංගනය කියල හැමෝම කිව්වා – රුමේෂ් කුමානායක

පුංචි කාලෙ ඉඳල හමුදාවට බැඳෙන්න හීන මැව්වත් නවීන පන්නෙට ජැන්ඩියට අඳින පළඳිනකොට හැමෝම කිව්වෙ දැන් නම් ගැළපෙන්නෙ නළුකම කියලලු.එතැන ඉඳල නළුවෙක් වෙන්න හීන මවන අතරෙ හමුදා රැකියාව ඔහුට හිමි වුණත් ආපසු නොහැරී නළු සිහිනය සැබෑ කරගන්න මෝස්තර නිරූපණයෙන් ඉදිරියට යන අතරෙ තමයි රුමේෂ් කුමානායක අපිට හමුවෙන්නෙ

හමුදා නිලධාරියාට වඩා මෝස්තර නිරූපණ ශිල්පියාට ඔබ ඇලුම් කළ…

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තෙ.ඒ කාලෙ ඉඳලම මම පිළිවෙළට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක්. ඇඳුම් පැළඳුම් සපත්තු සෙරෙප්පු ගැන ගොඩක් සැලකිලිමත්’ අලුත් විලාසිතා ගැන නිතරම හොයල බලනවා.ඔය අතරෙ තමයි රඟපාන්න ඇත්නම් කියන අදහස හිතට එන්නෙ.හැබැයි මම පුංචි කාලෙ රැකියාවක් විදියට හමුදා සේවයට බැඳෙනවා කියන තැන හිටිය.පස්සෙ කාලෙකදි ඒ රැකියාව හිමි වුණත් ඒ වෙද්දි වැඩි කැමැත්ත තිබුණෙ මොඩ්ලින් වලට.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණා…

ඇත්තම කියනව නම් අපි පුංචි කාලෙ ඵදා Modelling කියන පැත්ත දැනගෙන හිටියෙම නෑ.ඒත් චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය හරහා රඟපෑම ගැන දැනගෙන හිටියා.උසස් පෙළින් පස්සෙ තමයි හිතන්න පටන් ගත්තෙ රංගන ක්ෂේත්‍රයට එන්න නම් ගොඩක් සුදුසුකම් හදාගන්න ඕනෙ කියන එක. එහි මූලික අදියර විදිහට මම නිරූපණය හදාරන්න හිතුවා.

ඒ සඳහා ඔබ යොමු වන්නෙ?

ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ අධ්‍යක්ෂ ලෝචිං වොංග් යටතේ තමයි මම නිරූපණය හැදෑරුවේ.ඔහු යටතේම තමයි මගේ මුල්ම Fashion Show එක මම කළෙත්.රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර සහ ඇඳුම් නිර්මාණ ශිල්පී ජොනී ගුණසේකර යන දෙදෙනාත් මගේ මේ ගමනට උදව් කළා.

අද රුමේෂ්ගෙ ගෝල් එක නළුකමද?

ඇත්තටම නළුවෙක් විදියට ඉදිරියට යන එක තමයි දැන් මගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව.මේ වෙද්දි Music Video කිහිපයකටම රංගනයෙන් දායක වෙලා ඒවායින් කිහිපයක් රිලීස් වෙලා තියෙනවා.ටෙලි ඩ්‍රාමා වලටත් ආරාධනා ලැබුණා’ ඉක්මනින් ඒ සඳහා යොමු වෙන්න ලොකු ආසාවකින් තමයි ඉන්නෙ.

ජීවිතයේ ඉදිරිය දකින්න බලාපොරොත්තු වෙන්නෙ රංගන ශිල්පියෙක් විදියටද?

රැකියාවකට යොමු වුණොත් ඒක මගේ ඉදිරි ගමනට බාධාවක් වෙන්න පුළුවන් කියල හිතුණ නිසා මම කායවර්ධන උපදේශකවරයෙක් විදියට කටයුතු කරන්න තීරණය කළා.ඒ හරහා මගේ ඇඟේ හැඩය ශරීර සුවතාව හොඳ මට්ටමක තියාගන්න අතරතුර එය මගේ රැකියාවත් වුණා. අනික රංගන ශිල්පියෙක් ලෙස තියෙන හීනෙට යන්න ඒක ලොකු සහයෝගයක් වේවි.

අනාගතයේ දවසක?

අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න තමයි ඕන.

● ධම්මික හේවාවසම්



 

TAGGED: Rumesh Kumanayake, Thrishala Natashi, ත්‍රිශාලා නටාෂි, රුමේෂ් කුමානායක
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මම සිංදු කියනකොට තාත්තා තාමත් අඩනවා – අංජලී හේරත්

September 25, 2023

මට ආපු සෝෂල් මීඩියා කොමන්ට්ස් නිසා අම්මටයි,තාත්තටයි ගොඩක් හිත් රිදීම් ඇති වුණා – හරිත් විජේසිංහ

September 25, 2023

දැන් මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ – දීපිකා ගුණසේකර

September 18, 2023

මමයි පූජනීයි ලබන අවුරුද්දෙ බඳිනවා – ගයාන් ගුණවර්ධන

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?