රන්දික ගුණතිලක
අද තරු විසිතුරු තුළින් අපිත් එක්ක එකතු වෙන්නෙ උදාර කොල්ලෙක්. මෑත කාලයේ අපිට ඉන්න දක්ෂතම චරිතාංග නළුවෙක්. ඔහු රන්දික ගුණතිලක. රන්දික සිය ජීවිතේ අතිශය ප්‍රථම වතාවට නවලියත් එක්ක උදාර කතාබහකට එකතු වුණේ මේ විදිහට…
මේ දවස්වල නම් රන්දිකට වඩා ජනප්‍රිය ධනුෂ්ක වෙන්නැති නේද?
ඔව්. නමුත් ඒ චරිත සීමාවෙන්නේ නාට්‍යයට විතරයි. හැමදාම මම රන්දික ගුණතිලක.
ලලයි ලිලයි ලයි නාට්‍යයට අමතරව මොනවද රන්දිකගේ වැඩකටයුතු?
ලලයි ලිලයි ලයි නාට්‍යයට අමතරව මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ සිහින සමීකරණ චිත්‍රපටය තිරගත කෙරෙනවා. පහුගිය දවස් ටිකේම ඒ වැඩකටයුතු එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ.
මොකක්ද මේ සිහින සමීකරණය?
සිහින සමීකරණ කියන්නේ සසික හේරත් අයියගේ සිනමා නිර්මාණයක්. මේ මොහොතෙදිත් සමාජය තුළ තියෙන කතාවක් තමයි සිහින සමීකරණ තුළින් පෙන්නන්නේ. මම, සජිත ඇන්තනි, කසුනි කාවින්දි, රෙබෙකා දිල්රුක්ෂි ඇතුළු නළු නිළි පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නේ.
මත්ද්‍රව්‍ය නිසා මිනිස්සුන්ගේ ජීවිත කොහොම කණපිට පෙරළෙන්න පුළුවන්ද කියන කාරණාව තමයි චිත්‍රපටියේ ඉස්මතු වෙන්නේ. නමුත් මත්ද්‍රව්‍ය නිසා ජීවිත අවුල් කරගත්ත අයට ආයෙත් ගොඩ එන්න පුළුවන් ක්‍රමයකුත් මේ චිත්‍රපටියේ පෙන්නනවා.
රන්දික කැමතිම හොලිවුඩ් නළුවා කවුද?
එහෙම එක්කෙනෙක් කියන්න අමාරුයි. මම ආස විවිධ Styles වල අය ඉන්නවා. කීපදෙනෙක්ගේ නම් කිව්වොත් ටොම් හෑන්ක්ස්, ලියනාඩෝ ඩිකැප්රියෝ, බ්‍රැඩ් පිට්, ජොනී ඩෙප්, ඩෙන්සල් වොශින්ටන් මම කැමතිම හොලිවුඩ් නළුවන්ගෙන් කීපදෙනෙක්.
ඇත්තටම රන්දික කොහොමද පානම්බොක්කේ රටේ රාල වැහුණම එක හුස්මට දෙබස් කියාගෙන කියාගෙන යන්නේ?
ඒකට හේතුව මම තියෙටර් බේස් එකක් තියෙන නළුවෙක්. ඒ කියන්නේ වේදිකාව සම්බන්ධව දැනුමක්, අදහසක් තියෙන නළුවෙක්. තියෙටර් එකේදි ඔයිට වඩා ලොකු ඩයලොග්ස් අපි කියනවා. දෙබස් මතක තියාගන්න විදිහ මම පුහුණු කරලා තියෙනවා. ඒ පුහුණුවම තමයි මට උදව් වුණේ මේ නාට්‍යයේදිත් දෙබස් මතක තියාගන්න.
ඒ කියන්නේ වරදින්නේ එහෙම නැද්ද?
එහෙම වරදින්නේ නෑ. ඇත්තටම චරිතය සහ නාට්‍යය ගැන හරියට ඔළුවට ගියාට පස්සේ දෙබස් නිකම්ම අපේ ඇඟට ලින්ක් වෙනවා කියන එකයි මගේ අදහස.

රන්දික තමන්ගේ හැම චරිතයක්ම කරන්නේ චරිතයට සම්පූර්ණයෙන්ම ආරූඪ වෙලා. චරිතවලින් මිදෙන්න අමතක වුණ තැන් එහෙම නැද්ද?
එහෙම වෙලා නෑ. මොකද ඒ චරිතවලට මට ගෙවෙනවනේ. චරිතෙට ගෙව්වට පස්සේ මට ඒ චරිතෙන් වැඩක් නෑ. එතනින් පස්සේ මම ලෑස්ති වෙන්න ඕනි මගේ ඊළඟ චරිතෙට. ඒ චරිතයටත් මට ගෙව්වට පස්සේ මගේ රංගන කටයුත්ත හරියට කරලා මම ඒ චරිතයත් අත අරිනවා. එහෙම චරිත ජීවිතේම කරන් ඉන්න නළුවොත් ඉන්නවා.
නමුත් මට හිතෙන්නේ නෑ එහෙම අය දක්ෂයි කියලා. ඒකට හේතුව අපිට පුළුවන් වෙන්න ඕනෙ අපි කරන චරිතය ඇක්ෂන් කට් එක ඇතුළෙ විතරක් ජීවත් කරවලා එතනින් පස්සේ ඒක අමතක කරන්න.
මං රඟපාන චරිතවල පෞද්ගලික ජීවිතයට ගන්න පුළුවන් හොඳ දේවල් තිබුණොත් මං ඒ ටික ගන්නවා. නරක දේවල් ටික අත්හැරලා දාන්න පුළුවන්කමත් රංගන පුහුණුව ඇතුළෙ අපි හදාරලා තියෙනවා.
මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ තරාතිරම බලලද?
නෑ. ඒක මං පොඩි කාලේ ඉඳලම තිබුණ දෙයක්. මට යාළුවො ගොඩක් ඉන්නවා. අඳුරන අයත් ගොඩක් ඉන්නවා. කොහේ ගියත් කවුරුහරිම ඉන්නවා මම දන්න කෙනෙක්. මම නළුවෙක් නිසා වෙනමම ලෙවල් එකක ජීවත් වෙන්න ඕන කියලා එකක් මං ගාව නෑ. මට ඕන කෙනෙක් මනුස්සයෙක්.
අවුරුදු දෙකක්ම රන්දික හොඳම සහාය නළුවට සම්මාන දිනාගත්තා. හොඳම නළුවට සම්මානයක් ගන්න කාලෙ හරි නේද?
ඒක ගැන මට කිසිම අදහසක් නෑ. සම්මානයක් ගැන හිතන එකත් වැඩක් ඇති දෙයක් කියලා මං හිතන්නේ නෑ. මං කරන්නේ ප්‍රේක්ෂකයා සතුටු කරන එක. ඒක අගය කරන එක ජූරියේ වගකීමක්. හොඳම නළුවට සම්මානයක් ලැබුණත් ඒක මගේ ජීවිතේ තවත් එක දවසක් විතරයි. සමානයක් ලැබුණා කියලා පහුවදා ඉඳන් මගේ ගෙවීම් වැඩි වෙන්නේ නෑ.
රන්දික මොකක්ද මේ දාගෙන ඉන්න ලස්සන බෑග් එක?
මේක අපේ රටේ අත්කම් නිර්මාණ කරන කාන්තාවන් විසින් හදන හෑන්ඩ්ලූම් බෑග් එකක්. kandygs නමින් තමයි එයාලා මේක කරගෙන යන්නෙ. ඉතින් මං මේ දවස්වල යන යන තැන මේ බෑග් එක අරගෙන යනවා එයාලව ප්‍රමෝට් කරන්න ඕනෙ නිසා.
රන්දිකගෙ පවුලෙ කවුද ඉන්නෙ?
අම්මයි තාත්තයි අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි මගේ බල්ලයි. මේ මොහොතෙ නම් ගෙදර ඉන්නෙ මායි තාත්තයි චූටි නංගියි බල්ලයි.
බල්ලට ගොඩක් ආදරෙයි වගේ…
ඔව්. මට කාලයක් තිබුණා වැඩක් නැතුව ගෙදර නිකන් ඉන්න බැරි වුණ. ඒ කාලේ මීගමුවෙ ඉන්න මගෙ යාළුවෙක්ගෙන් මට ලැබුණ අපූරු තෑග්ගක් තමයි එයා. කුකූ කියන්නේ ගෝල්ඩන් රිට්රිවර් වර්ගයේ බල්ලෙක්. උපතින්ම එයාගේ එක අතක් නෑ. මගේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් වුණේ සහ මම හිතන විදිහ වෙනස් වුණේ කුකූ නිසා.
එයයි මායි අතරේ තියෙන්නේ අමුතුම කතන්දරයක්. කුකූ කියන්නෙ මං හොයාගත්ත කෙනෙක් නෙවෙයි, මාව හොයාගෙන ආපු කෙනෙක්. මම යෝජනා කරනවා හැම කෙනෙක්ටම ජීවිතේ එක වතාවක් හරි සතෙක්ට ආදරේ කරලා බලන්න. ඒක වෙනමම ලස්සන දෙයක්.
මේ දවස්වල ලැබෙන ජනතා ප්‍රසාදය ගැන කතා කළොත්…
ජනතා ප්‍රසාදය මං ගන්නේ මගේ වෘත්තියේම කොටසක් විදිහට. ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් කපන්න කොටන්න පුරුදු වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ වේදනාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ගැන කිසිම දෙයක් නොදැන ඒ දේ කරන්න බෑ. ඉතින් මගේ වෘත්තිය තුළ මං අවබෝධයෙන් දේවල් කරනකල් ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට ලැබෙනවා.
කවදහරි මගේ නාට්ටි රසවිඳින පිරිසක් ඇවිත් මට කිව්වොත් රන්දික දැන් රඟපෑවා ඇති, නවත්තපන් කියලා මං රඟපාන එක නවත්තනවා. මොකද මං රඟපාන්නෙ එයාලා වෙනුවෙන්.
මං මෙතනට ආවේ ප්‍රේක්ෂකයාගෙ ඉඳලා ගොඩක් මිනිස්සුන්ගෙ උදව්වෙන්. ඉතින් ප්‍රේක්ෂක ආදරය ඉතා හොඳින්, ආදරෙන් භාරගෙන මං ගෙදර යනවා. ගෙදර ගිහින් නිදාගන්නවා.
එරංදි කෞශල්‍යා ✍️