නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: “රන් කෙවිට” ට පස්සෙ අවුරුදු 14කින් තමයි චිත්‍රපටයක රගපෑවේ – ඉෂාම් සම්සුඩීන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
තරු විසිතුරු

“රන් කෙවිට” ට පස්සෙ අවුරුදු 14කින් තමයි චිත්‍රපටයක රගපෑවේ – ඉෂාම් සම්සුඩීන්

Published May 22, 2023

අපේ රටේ නියම රසාස්වාදයක් ලබන්න පුළුවන් නාට්‍ය බිහිවෙන්නෙ හරිම කලාතුරකින්. එයිනුත් ළමා නාට්‍ය බිහිවෙන්නෙම නැති තරම්. නමුත් මීට වසර දාසයකට පෙර ඒ කියන්නෙ 2007 දි අපේ පුංචි කාලෙ ඉතාම රසබර කළ ළමා නාට්‍යයක් විකාශනය වුණා. ඒ ‘සිරිසිරිමල්‘ නමින්. ප්‍රධාන චරිතය සිරිමල්. එදා පුංචි සිරිමල්ට රඟපානකොට වයස අවුරුදු 09 ක් වුණ මේ දඟකාර පුංචි කොලුගැටයා දැන් අවුරුදු 29 ක යෞවනයෙක්. ඉතින් අපිට හිතුණා අද සෙනෙහසේ නවාතැන සෙනෙහසින් පුරවන්න මේ යෞවනයට ආරාධනා කරන්න.

● ඉෂාම් ඔබ ගැන හැඳින්වීමක් කළොත්…

මාව කවුරුත් දන්නෙ ඉෂාම් සම්සුඩීන් නමින්. සම්පූර්ණ නම මොහොමඩ් ඉෂාම් සම්සුඩීන්. පාසල් ගියෙ ලේඩ්න් පාර්ක් ජාත්‍යන්තර පාසලට. මම පදිංචි වෙලා ඉන්නෙ මාලඹේ. දැන් මට ඉන්නෙ අක්කලා දෙන්නෙක් විතරයි. තාත්තා මම පුංචි කාලෙදිම නැති වුණා. අම්මා 2021 දි නැති වුණා. අක්කලා දෙන්නා එක්ක හරි සහයෝගයෙන් ජීවිතේ ගෙවනවා.

● මොනවද මේ දවස්වල තොරතුරු ?

පහුගිය දවස්වල ප්‍රසන්න විතානගේ සර්ගෙ අලුත්ම මලයාලම් චිත්‍රපටියකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒකෙ නම Paradise. ෂූටිංනම් දැන් ඉවරයි. මේ දවස්වලනම් පුරුදු විදිහට රැකියාවට යනවා. මම පෞද්ගලික බැංකුවක සේවය කරන්නෙ. ඊට අමතරව ක්‍රිකට් ගහනවා.

● දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ..

ක්‍රිකට් මම පොඩි කාලෙ ඉඳන්ම සෙල්ලම් කරනවා. ඉස්කෝලෙ කාලෙත් සෙල්ලම් කළා. 1st level ගැහුවා. ඔෆිස් එකෙත් Mercantile Tournaments තියෙනවා. මේ දවස් වල ඒවට ලෑස්ති වෙනවා.

● කොහොමද පැරඩයිස් චිත්‍රපටියට සම්බන්ධ වෙන්න ලැබුණෙ ?

ඒකට අවස්ථාව ලැබුණෙ ‘නෑනලා‘ නාට්ටියේ මාත් එක්ක දමයන්ති ෆොන්සේකා නැන්දා රංගනයෙන් දායක වුණා. මේ මෑතකදි විකාශනය වුණ ‘පියාඹන මූනිස්සම්‘ ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරයෙක් විදිහට හිටියා දමින්ද මඩවල. ඉතින් ඔය දෙන්නම Paradise චිත්‍රපටියෙත් ඉන්නවා. මේ චිත්‍රපටියට මුස්ලිම් චරිතයක් ඕනෙ කියල කියද්දි මාව ඉස්සෙල්ලාම රෙකමන්ඩ් කරල තිබුණෙ දමින්ද මඩවල. ඊටපස්සෙ මගේ ෆොටෝස් යවලා තිබුණා. දමයන්දි නැන්දත් මං ගැන අධ්‍යක්ෂකවරයට කියල තිබුණා මාව මේ චරිතෙට ගැලපෙනව කියල. එහෙම තමයි මේ චරිතය මට ලැබුණෙ.

● චරිතය ගැන සඳහනක් කළොත්…

මට ලැබුණෙ බංගලාවක ඉක්බාල් කියන චෙෆ් කෙනෙකුගේ චරිතයක්.

● දර්ශනා, රෝෂන් මැතීව් කියන්නෙ මලයාලම් සිනමාවේ ඉතා ප්‍රසිද්ධ චරිත දෙකක්. කොහොමද එයාල එක්ක ෂූටින් දවස් ගතවුණේ ?

ඒ දෙන්නට ලංකාවෙ සෑහෙන ලොකු ෆෑන්බේස් එකක් තියෙනවා. මට වැඩිපුරම ෂූටින් තිබුණෙත් ඒ දෙන්නා එක්ක. ඇත්තටම මට කිසි වෙනසක් දැනුණෙ නෑ එයාලා ඉන්දියාවේ දෙන්නෙක් කියලවත්. ඒ තරමටම දර්ශනා, මැතීව් හරිම Friendly. සමහර තැන්වලදි එයාල දෙන්නම අදහස් දෙනවා අපි මෙහෙම කරමු එතකොට මේ සීන් එක ලස්සනට එයි කියල. ගොඩක් වෙලාවට රෝෂන් තමයි ප්‍රසන්න සර් එක්ක කතා කරලා සීන්ස් වෙනස් කළේ.

මේ දෙන්නට අමතරව ශාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා වගේ ප්‍රවීණ කලාකරුවොත් මේ නිර්මාණයට දායක වුණා. මට මාර සතුටුයි මේ නිර්මාණයට දායක වෙන්න ලැබුණ එක ගැන. රන් කෙවිට චිත්‍රපටියෙ රඟපාලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි ආයෙමත් චිත්‍රපටියකට සම්බන්ධ වෙන්න ලැබුණෙ.

● නමුත් නිර්මාණවලින් වැඩිය පේන්න නැති වෙන්න හේතුවක් ඇති…ප්‍රධානම දේ මගේ රැකියාව නිසා මට නිර්මාණවලට සම්බන්ධ වෙන්න වෙලාව නැති වුණා. අනිත් දේ දැන් ලංකාවේ ගොඩක් නළු නිළියො ඉන්නවා. ඉතින් අලුත් අය බිහිවෙනකොට පරණ කලාකරුවො පස්සට යන එක සාමාන්‍ය දෙයක්.

● නිවාඩු දවස් කොහොමද ගෙවන්න කැමති?

චිත්‍රපටි බලන්න කැමතියි. නැත්නම් ටීවී සීරිස් එකක් බලනවා. වීකෙන්ඩ්ස් වලනම් ක්‍රිකට් මැච් එකක් සෙල්ලම් කරනවා.

● ජීවිතේ අමතක නොවන සිදුවීමක් එහෙම නැද්ද?

ජීවිතේ මට අමතක කරන්න බැරි පළමු සිදුවීම තාත්තා පුංචි කාලෙම නැති වුණ එක. ඒ වගේම නොහිතපු වෙලාවක තමයි අම්මත් නැති වුණේ. ඔය පෞද්ගලික ජීවිතේ සිදුවීම්. තව අමතක නොවන සිදුවීමක් තියෙනවා සිරිසිරිමල් ටෙලිනාට්‍යයේ ෂූටින් කරද්දි. එක තැනක තිබුණා මටයි රෝසටයි එකතු වෙලා ක්ලීටස් මෙන්ඩිස් අන්කල්ටයි අසේල ජයකොඩි අන්කල්ටයි ගහන සීන් එකක්.

මමයි රෝසගෙ චරිතය කරපු තාරකයි ඒ කාලෙ පොඩියිනෙ. ක්ලීටස් අන්කල් කිව්වා මැටි කලයක් අරන් එයාලට ගහන්න කියල. ඒත් අපි දෙන්නා කැමති වුණේ නෑ ඒ දෙන්නට ගහන්න. මමයි තාරකයි හොඳටම ඇඬුවා. ඊටපස්සෙ එකපාරට ක්ලීටස් අන්කල් කිව්වා “උඹල දෙන්නා අපිට ගැහුවෙ නැත්නම් අපි උඹලව උස්සලා පොළවෙ ගහනවා” කියල. සීන් එක හරියට ගන්න ඕන නිසා තමයි එයා අපිව එහෙම බය කළේ. ඉතින් ඒ බයට අපි කලයක් අරන් ක්ලීටස් අන්කල්ටයි, අසේල අන්කල්ටයි ගැහුවා. ඒක කලා ජීවිතේ අමතක නොවන සිදුවීමක්.

● තාමත් පාරතොටේදි ‘සිරිමල්’ ව අඳුරගන්න අය ඉන්නවද?

අපෝ ඉන්නවා. මමත් හිතුවට රැවුල් කොණ්ඩ වවාගෙන ඉද්දි මාව මිනිස්සුන්ට අඳුරගන්න බෑ කියල අඳුරගන්න අය ඉන්නවා. මම තාමත් යන්නෙ එන්නෙ බස් එකේ. සමහර දවස්වලට මම මාස්ක් එක දාගෙන හිටියත් මං ළඟින් ඉඳගන්න අය අහල තියෙනවා දැන් රඟපාන්නෙ නැද්ද කියල. අනිත් එක කටහඬනම් පොඩි කාලෙ ඉඳන් එක වගේනෙ. කටහඬටත් සමහරු මං අහවලා කියල අඳුරගන්න අවස්ථා තියෙනවා.

● නළුවෙක් විදිහට මෙතෙක් ආපු ගමන ගැන ඉෂාම් තෘප්තිමත්ද?

ඔව්. ඇත්තටම මම තෘප්තිමත්. මොකද මට පොඩි කාලෙ ඉඳන් තාමත් මිනිස්සුන්ගෙ ආදරේ හම්බෙනවා. ඒක මට ගොඩක් වටිනවා.

එරංදි කෞශල්‍යා

TAGGED: Isham Samsudeen, Paradise, Sirimal in Ran Kevita Sinhala Film, ඉෂාම් සම්සුඩීන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දැන් මම ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න කැමති නෑ – දීපිකා ගුණසේකර

September 18, 2023

මමයි පූජනීයි ලබන අවුරුද්දෙ බඳිනවා – ගයාන් ගුණවර්ධන

September 11, 2023

“රම්බරී” ට ලැබුණු නෙගටිව් කොමන්ට්ස් මාව මේ තැනට ගෙනාවා – මනුරංග විජේසේකර

September 4, 2023

ලන්දු ගෙනා D-Tap ලාගෙන් අලුත් වැඩක්

August 28, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?