නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පරණ වීඩියෝවක් ආයෙත් වෛරල් වෙලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

පරණ වීඩියෝවක් ආයෙත් වෛරල් වෙලා

Published January 8, 2024

ආදිත්‍යා වැලිවත්ත

අවුරුදු තුනකට කලින් රියැලිටි වේදිකාවකට ගොඩවුණ පුංචි තරගකාරියක් ගායනා කරපු සින්දුවක් එක් රැයකින් වෛරල් වුණේ හිතාගන්නත් බැරිතරම් වේගයෙන්.එදා ඇය පුංචිකමට කියූ ගීය ‘නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ’ ගායනා කර දවසක් ගතවෙන තැන හැමෝම හොයන්න පටන්ගත්තු නම තමයි ‘ආදිත්‍යා වැලිවත්ත’. කවුද මේ ආදිත්‍යා වැලිවත්ත? ඇගේ හඬ මෙන්ම රුවත් ඉතාම ලස්සනයි. එදා අවුරුදු දාහතරක පහළවක තරුණ ගැහැනු ළමයෙක් වුණ ආදිත්‍යා අද ගල්මුල් මැද්දෙන් ඇවිත් තියෙන ගමන හරි සුන්දරයි. ඉතින් අද නවලිය කවරය හැඩ වෙන්නෙත් සෙනෙහසක නවාතැන පිරෙන්නෙත් ආදිත්‍යාගෙ කතාබහෙන්…

ආදිත්‍යා මොකද්ද මේ සමාජමාධ්‍ය පුරා පැතිරෙන ගල් ප්‍රහාරයේ ඇත්ත නැත්ත?

ඒක පරණ කතාවක්. කන්තලේ පැවැත්වුණ ප්‍රසංගයකදි තමයි ඔය සිදුවීම මට වුණේ. එදා එතන බීපු මිනිස්සු වගයක් හිටියා. ඒ කෙනෙක් තමයි ගලක් විසිකරලා තිබුණේ. පස්සෙ ඔහු ඇවිත් අපෙන් සමාවත් ගත්තා. දැන් ඒ වීඩියෝව ආයෙත් වෛරල් වෙලා.

කොහොමද ඉතින් දැන් ජීවිතේ?

හොඳින් ඉන්නවා. ඒ වගේම සතුටින් කාලය ගත වෙනවා. නත්තලත් ඉවර වුණා විතරනෙ.

වැඩකටයුතු කොහොමද?

චුට්ටක් විතර කාර්යබහුලයි. නමුත් ඉස්සරහට නිදහසේ ඉන්න කාලෙකුත් එනවා.

ඒ කියන්නෙ අධ්‍යාපන කටයුතු ඉවරයිද?

අධ්‍යාපන කටයුතු ඉවර නෑ. පාසල් ගිහින් ඉවර වුණත් දැන් මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරනවා. දැනට නම් අධ්‍යාපන කටයුතු ඔච්චරයි. නමුත් ඉදිරියේදී වෙනස් උපාධියක් හදාරයිද කියල කියන්නත් බෑ.

ආදිත්‍යා ලස්සනට අඳින කෙනෙක්. කවුද ඇඳුම් ඩිසයින් කරන්නේ?

මම තමයි මගේ ඇඳුම් ඩිසයින් කරගන්නෙ. අම්මි තමයි මට ඒවට උදව් කරන්නෙ. මට එහෙම විශේෂයෙන් ඇඳුම් ඩිසයින් කරලා දෙන්න කෙනෙක් නෑ. අපි දෙන්නා එකතු වෙලා තමයි ඒ දේවල් ඩිසයින් කරලා මහන්න දෙන්නේ.

තව කවුද පවුලෙ ඉන්නෙ?

මට ඉන්නෙ අක්කෙක් සහ මල්ලි කෙනෙක්. අක්කා රැකියාවක් කරනවා. මල්ලි තාම ඉගෙනගන්නවා.

මේ පුංචි වයසට කොහොමද කට්ටියගෙන් ලැබෙන ආකර්ෂණය එහෙම?

හුඟක් අය මට ආදරෙයි. ඒ නිසා මම කැමති නෑ ඒ ආදරේ සහ ආකර්ෂණය ගැහැනු පිරිමි වශයෙන් කොටස් කරන්න. ඒ හැමෝම ආදරණීයයි. මාව හම්බුණාම ඕන කෙනෙක් හරිම ආදරෙන් කතාබහ කරනවා. මම ඒ අතින් හරි වාසනාවන්තයි මේ වගෙ වයසකදි එහෙම ආදරයක් ලබන්න.

වොයිස් එකට ආපු කාලෙ ආදිත්‍යාට විටින් විට මඩ ප්‍රහාර එල්ල වුණා. ඒ වයසට කොහොමද ඒ දේවල් දරාගත්තෙ?

ඒ කාලෙ ඒ වගේ දේවල් දරාගන්න හරි අමාරු වුණා. මම වොයිස් එකට ආවෙ අවුරුදු 14 දි. මොකද මම ස්ක්‍රීන් එකකට ආපු මුල්ම කාලෙ එහෙම දෙයක් වුණාම ඒකට මූණ දෙන්න අපහසු වුණා. නමුත් දැන් කාලෙ වෙනස් වෙලා. දැන් මම මිනිස්සු කියන දේවල් ගණන් ගන්නෙ නෑ. මම දැන් හිතන්නෙ තව කෙනෙක්ට සපෝට් කරන්නෙ කොහොමද කියල විතරයි.

මිනිස්සු මාත් එක්ක කොච්චර තරහකින් හිටියත් මම කාටත් ආදරෙයි. මොකද මම කාටවත් වරදක් කරලා නෑ. මම වෛරයට කැමති නෑ.

එදා වොයිස් වේදිකාවෙදි ඔබ කිව්ව ‘නොමිලේ දුන් නිසා’ ගීය අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණා. මෙච්චර දුරක් ඒ සින්දුව නිසා එන්න පුළුවන් වෙයි කියල හිතුවද?

ඇත්තටම එච්චර දෙයක් හිතුවෙ නෑ. එදා ඒ එපිසෝඩ් එක ටෙලිකාස්ට් වුණාට පහුවදා මම දැනගත්තෙ ඒක වෛරල් වෙලා කියලා. ඒ කාලෙ මට ඔය වෛරල්, ට්‍රෙන්ඩින් කියන්නෙ මොකද්ද කියලවත් තේරුමක් තිබුණෙ නෑ. නමුත් ඒ ජනප්‍රියත්වය මට හිතාගන්නත් බැරිවුණා සහ මම ඒක කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැති දෙයක්.

එදා දැකපු චූටි ආදිත්‍යාගේ දැන් වයස කීයද?

දැන් මට අවුරුදු 19 යි.

දැන් ඉන්න තැනත් එක්ක ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ආදිත්‍යාට මොකද හිතෙන්නෙ?

ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. පොඩි කාලෙදිම මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් දුක හිතෙන දේවල් වුණා. ඒ වගේම සතුටු වෙන දේවලුත් වුණා. හුඟක් යාළුවො හම්බුණා වගේම අනිත් පැත්තට යාළුවො නැති වුණා. මං හිතන්නෙ මේ ආපු ගමනෙදි අතීතයේ සියලුම දේවල් වෙනස් වුණේ හොඳ අතට කියලයි.

අම්මා හරියට ආදිත්‍යාව පරිස්සම් කරනවා නේද?

අම්මෝ ඔව්. පරිස්සම් කරනවා කියන්නෙ නීතී රීති දාන්නෙ නම් නැහැ. හැබැයි මං යන හැමතැනම අම්මි එනවා. කොන්සට් එකකට ගියත් ටුවර් එකක් ගියත් අම්මි මගේ පස්සෙන්මයි. අපිට මුණගැහෙන මිනිස්සු කොහොමද කියලා අපිට කියන්න බෑනේ.

එකපාරට මොඩ්ලින් කරන්න හිතුණෙ ඇයි?

මොඩ්ලින් කියන්නෙ මම කරන්න හිතන් හිටපු දෙයක් නෙවෙයි. නමුත් මං හරි ආසයි විවිධ දේවල් කරන්න. පුංචි කාලෙ ඉඳන් ක්‍රියේටිව් දේවල් කරන්න ආසයි. ඉතින් මට නිකන් හිතුනා මොඩ්ලින් ක්ලාස් එකකට සම්බන්ධ වෙලා බේසික් වැඩ ටික කොහොමද වෙන්නෙ කියල බලන්න. නැතුව මොඩ්ල් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න හිතාගෙන මොඩ්ලින්වලට සම්බන්ධ වුණා නෙවෙයි.

ගායනයට, නිරූපණයට අමතරව තව මොනවටද දක්ෂ?

මගේ තියෙන ස්පෙෂල්ම ටැලන්ට් එකෙන් තමයි මම දැන් මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ. ඊට අමතරව ඩාන්සින් පුළුවන්. ස්පෝට්ස් කළා පාසල් කාලේ. නමුත් සිගින්වලට ආවට පස්සෙ ඒ අමතර දක්ෂතා සේරම මට මගහැරුණා.

කාර්යබහුලත්වයෙන් මිදුණම මොකද කරන්නෙ?

නිදාගන්නවා. නිදහසක් හම්බුණොත් මම වෙන මුකුත්ම කරන්න කැමති නෑ.නිදාගන්න තමයි කැමති. මොකද මං ගෙදර රැඳෙනවා හරිම අඩුයි. ඒ නිසා නිදාගන්නවා, කනවා, ෆිල්ම් බලනවා. එහෙමත් නැත්නම් පොතක් කියවනවා.

ඉස්සරහට ආදිත්‍යා අපිට දකින්න ලැබෙන්නෙ ගායිකාවක් විදිහටද? නිරූපිකාවක් විදිහටද? කළමනාකාරවරියක් විදිහටද?

ඒවා කියන්න බෑ. අර පුංචි කාලෙ වගේ මගේ ආසාවනුත් විවිධ කාලවලදි වෙනස් වෙනවා. දැන් මේක කළා ඇති වෙන එකක් කරන්න ඕනෙ කියල හිතෙනවා. ඊටපස්සෙ ආයෙ ඒක ඇති දැන් තව එකක් කරන්න ඕනෙ කියලා හිතෙනවා. ඉස්සරහට මට තව මොනවා හිතෙයිද කියන්න බෑ. ඒ නිසා කිසිම දෙයක් ගැන හෝප්ස් තියාගෙන නෑ.

අපි ඊළඟට කතා කළා ආදිත්‍යාගෙ පස්සෙන්ම ඉඳන් ඇයව රකින ඇගේ ආදරණීය මව එක්ක.ඇය නමින් ලක්ෂිකා ගමගේ.

මුලින්ම ඇහුවොත් ආදිත්‍යා මොන වගේ දරුවෙක්ද කියලා?

ආදිත්‍යාත් මට මගේ අනිත් දරුවො දෙන්නා වගේම තමයි. මට සරලව කියන්න තියෙන්නේ ආදිත්‍යා හොඳ දරුවෙක් කියලා. කිසිම නීතියක් දාලා තියාගන්න තරම් නරක ළමයෙක් නෙවෙයි. සාමාන්‍ය දරුවො වගේම ටිකක් දඟයි.

ගෙදර වැඩවලට එහෙම අම්මට සපෝට් කරනවද?

ඔව්. අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. මොකද දැන් එයා ලොකු දරුවෙක්නෙ. අනිත් දෙන්නත් එහෙම තමයි. තුන්දෙනාම වැඩ බෙදාගෙන මට උදව් කරනවා.ආදිත්‍යා එළියෙදි ආටිස්ට් කෙනෙක් වුණාට ගෙදරට එයා දුව.

කොහොමද ඇයගේ වැඩවලට ඔබෙන් ලැබෙන සහයෝගය?

එයා කොහොමත් තනියම කොහෙවත් යන්න කැමති දරුවෙක් නෙවෙයි. ඇය තෝරගන්න ඕනම දේකට මම උදව් කරනවා. කිසිම දේකට බලකරන්නෙ නෑ. ලොකුම සහයෝගය මම ආරක්ෂාව ඇයට ලබාදෙනවා.

ඇය මේ වෙද්දි යන ගමන ගැන මොකද හිතෙන්නෙ?

එයා හරි හෙමින් මේ ගමන යන්නෙ. නමුත් මට හරි සතුටුයි ඇය යන ගමන ගැන. පුංචි කාලෙම ඇයට හිත රිදෙන සිදුවීම් ගොඩක් වුණත් ඇය ඒ සියල්ලම දරාගෙන අද හොඳ සාර්ථක ගමනක යනවා. ඇය ගැන මට ආඩම්බරයි.

එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: Educational activities, ආදිත්‍යා වැලිවත්ත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?