නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සැබෑ නත්තල සමරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

සැබෑ නත්තල සමරමු

Published December 25, 2023

සාමයේ අරුත ලෝකයටම කියාදෙන අසිරිමත් නත්තල උදාවී තිබේ. එහෙත් මේ වනවිට සාමයේ කුමරු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට කියාදුන් නත්තලේ අරුත වාණිජකරණය වෙමින් හුදෙක්ම එය ප්‍රීතිවන කනබොන තෑගි හුවමාරු කරන ලෞකික උත්සවයක් පැත්තට තල්ලු වෙමින් තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවටම කියාදුන් අපූරු පාඩම වූයේ මිනිසාටත් සතුන්ටත් පරිසරයටත් ආදරය කිරීම, දයාව දැක්වීම, කරුණාව බෙදීම වැනි උතුම් ගුණාංගයන්ගෙන් මිනිස් සමාජය පොහොසත් වියයුතු බවයි. එයට කදිම උදාහරණයක් සපයමින් උන්වහන්සේ වරෙක ගණිකාවට ගල් ගසමින් සිටි මිනිසුන්ට පැවසුවේ ඇය පව්කාරියක් නම් ඇය කරා යන සියලු පුරුෂයන්ම පව්කාරයන් වියයුතු බවයි.

වැඩිදුරටත් පවසා සිටියේ පව් නොකළ සිටි අයෙක් වේ නම් පමණක් ඇයට පළමු ගල ගැසිය හැකි බවයි. මෙහිදි උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු සත්ත්වයන්ට එක සමානව ජීවත්වීමේ අයිතියක් සහ ගෞරුත්වයක් ලැබිය යුතු බවයි.

උන්වහන්සේ බොහෝවිට කියා සිටියේ තමන්ගේ අවට සිටින මිනිසුන් වෙනුවෙන් ප්‍රේමය පැතිරවිය යුතුය යන්නයි. ආදරය, දයාව, කරුණාව වැපීරීම තුළ පුද්ගලිකවත් සාමූහිකවත් කෙනෙකු සුවපත් කළ හැකි අතර ඉන් මුළුමහත් සමාජයම සුවපත් කළ හැකි බවයි. ඒ නිසා සමාජයට අපරාධකරුවෙකු, සොරෙකු බිහිවීම වැළකෙන බව පෙන්වා දුන් උන්වහන්සේ මිනිසුන්ගෙ සිත් සුවපත් කිරීම මිනිසාගේ පරම යුතුකම බවද පෙන්වා දී තිබේ.

තවද උන්වහන්සේ කුරුසය මත ඇණ ගසා වේදනාවෙන් සිටියදීත් පවසා ඇත්තේ මෙලෙස තමාට වද දී තමාව මරණය කරා ගෙනයන මිනිස්සුන්ට පවා උන්වහන්සේ වෛර නොකරන බවයි. මෙහෙව් වේදනාවක් මධ්‍යයේ වුවත් මෛත්‍රී සහගත සිතුවිලි මුදාහළ හැකි අපූරු සිතක් උන්වහන්සේ සතුව පවතින බවයි.

එවන් අර්ථාන්විත සිතුවිලි සමුදායකින් හැඩ වූ ආගමික දිනයක්, සංස්කෘතික උත්සවයක් කාලයාගේ ඇවෑමෙන් නත්තල් ගසකට, නත්තල් සීයාට, නත්තල් කැරෝල්වලට, නත්තල් පාටිවලට මෙන්ම නත්තල් සේල්වලට බාලවීමේ විපාකය අදටත් වඩා මුළුමහත් සමාජයට දැනෙන්නෙ හෙට දවසේ වන බව ඉඳුරාම පැහැදිලිය.

ඒ නිසා කිතුනු අයත් බෞද්ධ අයත් මනුෂ්‍ය සංහතියේ සමාජිකයන් බව සිතා ජේසුස් වහන්සේ දේශනා කළ අර්ථාන්විත නත්තල සමාකාමීව සැමරීමට සහ සිතුවිලි වෙනස් කරගැනීමට යොදාගන්නේ නම් එළඹෙන 2024 වඩාත් සොඳුරු වනු ඇත. ඒ සිතුවිලි පෙරදැරි කරගෙන මේ නත්තල සමරන්න.

ඔබ සැමට අරුත්බර සැබෑ නත්තලක් වේවා…

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?