නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නීතී දෙවඟනනී, කළු පටිය ලිහා බලනු මැනවි…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

නීතී දෙවඟනනී, කළු පටිය ලිහා බලනු මැනවි…

Published December 18, 2023

මෙතෙක් කල් මෙරට දරු පරපුර වඩාත් හොඳින් රැකුණේ ඔවුන්ගේ දෙමාපියන් නිසාමය. රටක දරුවන් වෙනුවෙන් මොන නීති සම්පාදනය වී තිබුණද දරුවන්ට අම්මාගේ හෝ තාත්තාගේ ආදරය රැකවරණය සහ උණුසුම ගිළිහී ගිය කළ ඔවුන් වල්වැදීම, නන්නත්තාරවීම රජයකටවත්, ඔවුන් ජීවත්වන සමාජයකටවත්, ඔවුන් ඉගෙනගන්නා පාසලටවත් හරිහැටි කළ නොහැකි වනු ඇත. ඒ නිසා දරුවන්ගේ ජීවිතය තදින්ම රැඳී ඇත්තේ දෙමාපියන් අතේ බව හොඳටම පැහැදිලිය.

දියණියකගේ හොඳම ආරක්ෂකයා පියාය. ඇගේ පළමු පෙම්වතාද පියාය. මේ නිසා පියකු සහ දියණියක අතර තිබෙන බන්ධනය කොතරම් ශක්තිමත් එකක් දැයි මානව සමාජයම මේ වනවිටත් නානප්‍රකාර උදාහරණ සපයමින් පෙන්වා දී ඇත. නමුත් විකෘති මානසිකත්වයක් ඇති පියවරුන්ද දැන් දැන් මේ රටේ නැතුවාම නොවේ.

විශේෂයෙන්ම පියා මුදල් ඉපැයීම කළ යුතුය. නැතිනම් දැන් පවතින ආර්ථික අවපාතයෙන් පවුලකට බේරිය නොහැකිය. ඒ නිසා උපයන මුදල උපයන්නේ කෙසේදැයි ඔහු හොඳින් සිතා බැලීම වටී.

දැන් රැල්ලට බොහෝදෙනා තෝරගන්නේ කය නොවෙහෙසා පහසු ක්‍රමවලින් මුදල් ඉපැයීමේ මාර්ගයන්ය. එහි ජනප්‍රිය රැල්ල වී ඇත්තේ යූටියුබ් නාලිකා එක එක නම්වලින් මුදා හරිමින් හරසුන් බාල බොළඳ වැඩසටහන් මෙන්ම පින්තූරද එකතු කරමින් රැයෙන් දෙකෙන් ඩොලර් ගෙන්වා ගැනීමක්ය.

එවැනි මානසික ව්‍යාකූලතාවකට පත්වූ පියෙක් තමන් විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව හිට් කරගැනීම සඳහා තම එකම දියණියගේ නිරුවත් ඡායාරූප එක්කර ගැනීම සඳහා පෙළඹ ඇති පුවතක් වාර්තා විය.

දාහතර හැවිරිදි තම එකම දියණිය රාත්‍රියේ නිවසේ තනි කරවාගෙන බිරිය පුතු එළියට ඇද දමා සියල්ල සැලසුම් කිරීමේදී එම සිද්ධිය කෙළවර වී ඇත්තේ දසමසක් කුස දරා ඇයව බිහි කළ මව විසින් එම පියා කපාකොටා පරලොව යැවීමෙන්ය.

මීට වඩා මෙම සිද්ධිය පිළිබඳව විස්තර කිරීමක් අවශ්‍ය නොවන්නේ මවක් මෙසේ කිරීමේ සිද්ධිය ගැන නිතීය පැත්තකින් තැබූ කල සාධාරණ යැයි කිව හැකි මානසික මට්ටමක අපි සිටින නිසාය.

තම දියණියගේ ආරක්ෂාව ගැන ඇයට ගත හැකි හොඳම පියවර එය වන්නට ඇත. මීට කලින් සෑම වතාවකම මානසික විකෘති ඇති එම සැමියා ඇයටද පහරදී ඇත.

එම නිසා රටේ දරුවන් වෙනුවෙන් නැඟී සිටින මෙවැනි මව්වරුන් දෙස නීතී දෙවඟන ඇසේ බැඳි කළු පටිය ලෙහා මාතෘත්වයෙන් සෙනෙහසෙන් තැනට සුදුසු නුවණ ඇති එම මව්වරුන් දෙස නොබලන්නෙ නම් මව්වරුන්ද දියණියන් වෙනුවෙන් එඩිතර වීම නවතිනු ඇත.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?