නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දිනිත් සමාවන්න…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

දිනිත් සමාවන්න…

Published September 25, 2023

ප්‍රශ්න නිසා වැඩියෙන්ම ලෙඩවන ආයතන කිහිපයක් ලංකාවේ අපට හඳුනාගත හැකිය. එයින් පළමු තැන හිමිවන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටය. දෙවනි තැන මෙරට සෞඛ්‍ය සේවාවටත් සෙසු තැන් බලශක්තිය සම්බන්ධ ආයතනවලටත් අධ්‍යාපනය සම්බන්ධ ආයතනවලටත් පිළිවෙලින් හිමි වනු ඇත.

ඕනෑම අයතනයක වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒවා දිනා ගැනීමටත් රැකගැනීමටත් සේවකයන්ට හඬනැගීමේ අයිතියක් ඇත. නමුත් ඒවා කරන පිළිවෙළක්ද ඇත. පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඔවුන් කළ යුත්තේ සාකච්ඡා

මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීම මිස ඒවාට මහජනතාව බිල්ලට තබා මස් රාත්තලම ඉල්ලා එක රැයෙන් වර්ජන දියත් කිරීම නොවනු ඇත.මෙලෙස සූදානම් වන්නේ පසුගියදා සිදුවූ දුම්රිය වර්ජනය නිසා ඇතිවූ ඛේදවාචකය පිළිබඳව විපරමක් කිරීමටය.

මොරගොඩ පදිංචි දිනිත් ඉඳුවරගේ මරණය සැබැවින්ම ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැක්කේ එම මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අයත් ඔහු සමඟ දුම්රියේ වහළය මත ගිය අයත් එක හඬින්ම කියා සිටින කතාව නිසාය. ඔවුන් කියන්නේ දිනිත්ව හිතාමතාම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මරා දැමූ බවය.

දැන්වත් වෘත්තීය සමිති ආණ්ඩුවට දොස් නැඟීම හෝ ආණ්ඩු වෘත්තීය සමිතිවලට දොස් නැඟීම නතර කළ යුතුය. දිනිත්ගේ මරණයට මේ සියලුදෙනාම අඩුවැඩි වශයෙන් වගකිව යුතු අතර තනතුර ඉල්ලා වර්ජනයේ යෙදුණු දුම්රිය රියදුරුන් 84 දෙනාම මෙම සිද්ධියේ චූදිතයන් විය යුතුය.

දුම්රිය වර්ජනය නිසා ආණ්ඩුවට මහත් පාඩුවක් සිදුවූ බවද ඒ පාඩුව රටේ සංවර්ධනයට සෘජුවම බලපාන බවත් ඇත්තය. එම නිසා නිතරම වර්ජනවලට එළඹෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිද තමන්ගේ වගකීම් ගැන මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතු නොවන්නේද? මන්ද දහසකුත් අඩුපාඩු මැද යම් මුදලක් ගෙවා මහජනතාව ගතින් නොහඬා සිතින් හඬමින් මේ

පහසුකම භුක්තිවිඳින්නේ කරන්නට කිසිත් නොමැති නිසාය. හොඳින් බැලූ කල සුද්දන් රට කළ කාලයේ ආරම්භ කළ දුම්රිය සේවාව සැළකිය යුතු වෙනසකට ලක්කරන්නට මෙතෙක් සිටි ප්‍රවාහන අමාත්‍යවරයෙක් හෝ රජයක් සමත් වී නොමැත. සිදුවූයේ ජපානයෙන් අපට ලැබුණු විද්‍යුත් දුම්රිය පද්ධතිය පවා බංගලාදේශය ඩැහැ ගන්නා කල් නිදිමතේ බලා හිඳීමය.

දුම්රිය වාර 118 ක් නැවතීම මැද්දෙ වුවත් ධාවනය වූ සීමිත දුම්රිය වාර ගණන නිසා තවත් ඕනෑ තරම් අකරතැබ්බයන් දුම්රිය මගීන්ට සිදුවන්නට ඇත. වාර්තා වූ මරණ ගණන අඩු වුවත් තුවාලවීම්, අපහසුතාවයට පත්වීම්, ලිංගික අතවර මේවා තුළ සිදු නොවූයේයැයි කියන්නට තරම් අපි බාලබොළඳ නොවිය යුතුය.

වර්ජන කරන උදවියත් වර්ජන කිරීමට ඔවුන්ව පොළඹවන උදවියත් ජීවිතය ගැටගසාගන්නට පිම්මෙ දුවන මහජනතාව ගැන මීට වඩා ගැඹුරෙන් සිතා නොබලන්නේ නම් දිනිත් වැනි තරුණයන් තවතවත් දුම්රියට බිළිවනු ඇත. එපමණක්ද නොව වරින් වර සිදුවන දුම්රිය වර්ජන ඉවසාගත නොහැකිව කුපිත වන ජනතාවගෙන් පහර පිට පහර වර්ජකයන් සහ වර්ජනයට පොළඹවන ඇත්තන් ළඟදීම කනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?