නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මින් ඉදිරියට ලංකාවේ අය ලෙඩ නොවී සිටිය යුතුය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

මින් ඉදිරියට ලංකාවේ අය ලෙඩ නොවී සිටිය යුතුය

Published July 3, 2023

අපේ පෙර පිනකට සී. ඩබලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාට මේ රටේ සියලු පුද්ගලයන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ වරම හිමිකර දෙන්නට හැකිවිය. ඒ සඳහා රජය වියදම් කරන්නේ මේ රටේ ජනතාවගේ බදු ගෙවන මුදල්ය. එලෙස නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් කොටසක් එහි ඵලය උපරිමයෙන් භුක්ති විඳින අතර තවත් කොටසක් එය තඹ සතයකට මායිම් නොකොට ලැබුණු දුර්ලභ අවස්ථාව නාස්ති කරනු ඇත. වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ වැනි අපි සුලබව කතා කරන වෘත්තිකයන් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනය සාර්ථකව භුක්ති විඳින සිසුන් නිසාය. මෙය පැහැදිලි සත්‍යයක් වනු ඇත.

මේ වනවිටත් මේ රටේ රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නොව සාමාන්‍ය වෛද්‍යවරුන්ගේද සැලකිය යුතු හිඟයක් ඇත. මේ වසර අවසන් වනවිට මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් 750 කගේ හිඟයක් ඇති වන බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් ද නිකුත් කර ඇත.

රජයේ රෝහල් වල පවතින විශේෂඥ සායන සහ විශේෂඥ ඒකක හොඳින් පවත්වාගෙන යෑමට විශේෂඥ වෛද්‍යවරුන් පමණක් 2250 ක අවශ්‍යතාවයක් තිබුණද ගෙවුණු 2022 වසර තුළදීත් එය 300 කගේ අඩුවක් සහිතව කෙරුණු බවද සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර තිබේ. ඒ අතරේම වයස අවුරුදු 63 සම්පූර්ණ කරමින් නව චක්‍රලේඛය අනුව විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාවද 55 ක් ලෙස ද ඔවුන් සඳහන් කර තිබේ. අවුරුදු 63 න් විශ්‍රාම යන  විශේෂඥ වෛද්‍යවරයෙකු සතු දැනුම සහ කුසලතාවය අලුත් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු විය හැකිද. එම නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුට විශ්‍රම යෑමේ නියමිත වයසක් විශේෂයෙන්ම අප වැනි රටක තිබිය යුතුද?

ඒ සියල්ල තිබියදී පසුගිය වසරේදී පමණක් විදෙස් පුහුණුව සඳහා ගිය විශේෂඥ වෛද්‍යවරුන් 350 න් 120 ක් නැවත පැමිණ නැතැයිද වාර්තා වේ. මොවුන් ලංකාවේ රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විදේශ පුහුණුවට වියදම් කළ මුදල පවා ගෙවා ඒ රටවල් වල නැවතීමට හේතුව කුමක් දැයි සෙවීම වටිනා අතර මෙවන් තත්ත්වයන් හඳුනාගැනීමට සාමාන්‍ය පරිදි කමිටු පත්කර සිටියොත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය පද්ධතියෙන් මෙරට අසරණ ජනතාව වෙනුවෙන් හොඳ සේවාවක් බලාපොරොත්තු වීම උකහටය. එවන් වටපිටාවක කෝකටත් තෛලය ලෙස ඉතිරි වන්නේ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵලය ලබාගත් මෙරට අත්හැර යන්නට බැරි කුමක් හෝ හේතුවක් ඇති වෛද්‍ය වෘත්තිකයන් අතලොස්සක පිරිසක් වනු ඇත.

එම නිසා දැනට රැඳී සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ද අවශ්‍යතාවයන් සොයා බලා ඔවුන්ව රැකගැනීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය මැදිහත් වී නොකරන්නේ නම් දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් 20,000 ක ප්‍රමාණය හෝ වැඩිකල් යන්නට මත්තෙන් සුටුස් ගා බහිනු ඇත.

TAGGED: Government hospital, රජයේ රෝහල, ලංකාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?