නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලස්සන මල් කැකුළු තුනක්  මිලින වීමට ඉඩ නොදෙමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ලස්සන මල් කැකුළු තුනක්  මිලින වීමට ඉඩ නොදෙමු

Published March 31, 2025

අද බදාද දවසකි. ඒ මාර්තු මාසේ 26 වැනි බදාදාය. උදේම දැක්කෙ කවුරුන් හෝ ජීවිතයේ දකින්න අකමැති අසුභම ප්‍රවෘත්තියකි. මුලින්ම තාත්තා ගියේය. ඊට පසුව මාමත් ඒ මඟම ගිහින් ය. අද උදේ අම්මාත් ඔවුන් හැරදා ගියාය.

අප්‍රේල් මාසේ පළවෙනිදට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන තුන් නිවුන් දරුවන් මෙලොව ඉතිරි කරේ දැනට ජීවතුන් අතර සිටින ඔවුන්ගේ අම්මාගේ අම්මාට බලා ගන්නටද? ඇයට මේ කිරි සප්පයන් තුන්දෙනාම බලාගන්නට පුළුවනිද? මාම හරි ඉතිරිවෙලා හිටියනම් මේ දරුවන් තුන්දෙනා කෙසේ හෝ බලාගනීවි යැයි සිත කියනු ඇත.

මිය යනතෙක්ම මාමාද, අම්මාද සිටියේ දැඩි සත්කාර ඒකකයේ මැෂින්වලට සවිකරය. ඔවුන් දෙදෙනාම ජීවත්ව සිටියත් යමක් කර දරුවන් බලා ගැනීමට හැකි වාතාවරණයකින් ගෙදර ඒදැයි සැක සංකා තිබුණි. එහෙම වෙනවාට වඩා මෙහෙම උන එක හොඳ යැයි කිව හැකි හේතු ගණනාවක් ද තිබේ. ඒවා පසුව කතා කළ යුතුය.

ජපුරෙන් ඉගෙනගෙන කැලණියේ විද්‍යාර්ථයින්ට පමණක් නොව ජනමාධ්‍ය ඔස්සේ මානසික විද්‍යාව පිළිබඳ දැනුම සහ ආකල්ප බෙදා දුන් ඔහු නික්ම ගියේ රටක්ම හඬවමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ බිහිසුණු රිය අනතුරක් නිසාය. මේ බිහිසුණු මාරක රිය අනතුර නිසා අද වනවිට කිසිත් නොදන්නා දරුවන් තිදෙනෙකුට සියලු දේ අහිමි වී තිබෙන බව නොදන්නා කෙනෙකු නොමැත.

කිරි කැටියන්ගේ පෙර කළ කර්මය හෝ සරසවි ඇදුරුතුමන්ගේ හෝ මියගිය සියලු දෙනාගේ කර්මය පිළිබඳව එක එක කතා හොර රහසේ හෝ කියවනවාට වඩා දැන් අපට කරන්නට බොහෝ දේ තිබෙන බව අමතක නොකළ යුතුමය.

ඔවුන් මියගිය ද මාරක රිය අනතුරෙන් බේරී ජීවත්ව සිටින සියලු දෙනාගේ අනාගතය රැක ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයට පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන් වාගේම රටක පුරවැසියන් වශයෙන් අපට යමක් කළ හැකිද ඒ සඳහා එකතු විය යුතු නොවේද? දරුවන්ගේ කිරිපිටි වේල ලබාදීමේ සිට අද ඒ මිත්තණියට ප්‍රශ්න නැතුවා නොවේ. මරණ පිළිබඳව ශෝක වෙමින් දුක් වෙමින් සිටින අවස්ථාවක මේ ගැන සිතා අප කටයුතු කළ යුතුය.

එපමණක් නොව රටේ වැඩිවී තිබෙන රිය අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් මීට වඩා ජනතාව කල්පනා කළ යුතුය. සුක්කානම අතට ගත් පමණින් රියදුරකු වන සියලු දෙනාම යහපත් රියදුරෙකු වන්නේ ඔබේ අතේ ජීවිත රැසක් රැf​ඳන බව සිතා රථය මාර්ග නීතිවලට අනුව පරිස්සමෙන් ධාවනය කළ විටය. අඩු නින්ද මරු කැඳවයි. වැඩි වේගය මරු කැඳවයි. අඩුපාඩු ඇති වාහනය මරු කැඳවයි.

ප්‍රමිතියක් නැති මාර්ගයද මරු කැඳවයි. අධික ශබ්දය සහ අධික කේන්තිය මරු කැඳවයි. ජංගම දුරකථනය භාවිතය ද මරු කැඳවයි. රිය ධාවනය කිරීමේදී ගතයුතු තීරණය ඒ වෙලාවේ ගත නොහැකිවීම ද මරුකැඳවයි. තවමත් අපට මාර්ග අනතුරු අඩු කර ගැනීම සඳහා පෙළ ගැසිය හැකිය. පොලිසිය අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය. වැරදි කරන සෑම රියදුරෙකුටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?