නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෝය දෙක ගෙවුණත්, රටේ නීතිය කොතැනද ?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

පෝය දෙක ගෙවුණත්, රටේ නීතිය කොතැනද ?

Published March 24, 2025

රටක බලපවත්වන නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනයාගේ ජීවිතය, අයිතිවාසිකම්, දේපල, ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම පාලනය කිරීම තුළින් යුක්තිය ඉටු කිරීමය. එම නිසා නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මය වන රටක, සමාජය යුක්තිය සාමය සහ සුරක්ෂිතතාවය තෑතින්ම ආරක්ෂාවනු ඇත.

නමුත් දැන් දැන් සිදුවන සමාජ සිදුවීම්වලින් ශ්‍රී ලංකා දෙරණ මත මෙවැනි නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි එහි වෙසෙන මහජනතාව වශයෙන් අපට ඇත්තේ සැකයකි. තිස් වසරක් පැවති කුරිරු යුද්ධය කාලයේදී මෙන් මරණය දැන් සාමාන්‍යකරණය වී තිබේ. උතුරට වඩා දකුණේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන සමාජයේ මහදවාලේ වෙඩි තියයි, කපයි කොටයි, මිනී මරයි, පහර දෙයි, මංකොල්ලකයි, ස්ත්‍රී දූෂණයන් ද සිදු වේ. එහි හොඳම හරිය වන්නේ මෙකී ඝාතකයන් මෙකී මංකොල්ලකරුවන් මෙකී දූෂකයන් අල්ලා ගැනීමට පොලිසියටත් ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ ආරක්ෂාවට වග කියන ආයතනවලට ලෙහෙසි නොවීමයි. ඔවුන්ගෙන් බහුතරයක් මේ ආයතනවල කනෙන් රිංගයි.

අධෝ මුඛයෙන් ජනතාව සිනාවන කාරණය වන්නේ මිලියන 22 කගේ ආරක්ෂාවට සිටි පොලිස්පති සැඟව සිටින තැනින් අල්ලා ගැනීමට මෙරට පොලිසිය සති ගණනක් මහජනතාවගේ සහාය පැතීමයි. එපමණක් ද නොවේ අලුත් කඩේ උසාවි භූමියේදී වෙඩි තැබීමට උදව් කළ සෙව්වන්දි නැමැති කාන්තාව සොයා ගැනීමටත් පොලිසිය මහජන සහාය ඉල්ලා සිටීමයි. එහෙව් විකාර දකින මහජනතාව මෙහෙව් පොලිසියකින් සහ මහජන ආරක්ෂාවකින් ඇති ඵලය කුමක්දැයි සිතීම පුදුමයක් ද නොවේ.

අලුත් ආණ්ඩුව පත්වීමට කලින් ඡන්ද වේදිකාවේ ත්‍රිල් වෙන්නට කියූ පෝය දෙකකින් මහජන ආරක්ෂාව තර කරන බවට, සියලු සමාජ විරෝධී වැඩ නැති කරන බවට කතා ආණ්ඩු බලය ලැබී තියෙන මොහොතක ඔවුන්ගේ ප්‍රධාන වගකීම නොවිය හැකිද? රටේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. නීතිය සැමට එක විය යුතුය. එක රටක් එක නීතියක අවශ්‍යතාවය අපට දැන් වඩ වඩාත් දැනෙමින් තිබේ.





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?