නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජාතියටම සුව බෙදෙන තැන ශ්‍රී ලංකා ජාතික රෝහල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ජාතියටම සුව බෙදෙන තැන ශ්‍රී ලංකා ජාතික රෝහල

Published January 27, 2025

රෝහලකට කවුරුවත් සිරි නරඹන්නට එන්නේ නැත. අපේ රටේ පමණක් නොව ලොව දියුණුම රටක දියුණුම රෝහලකට වුවත් කිසියම් කෙනෙකු එන්නේ අඩුම තරමින් තමන්ට සමීප කෙනෙකු රෝහල් ගතකර ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ සුවදුක් බලා යන්නටය. උප්පත්තියේ සිට මරණය දක්වාම අපත් රෝහලත් අතර ගනුදෙනුවක් සිදුවුවත් මිනිස් සිත තුළ රෝහල් පිළිබඳව ඇතිකර තිබෙන හැඟීම ප්‍රසන්න එකක් නොවනු ඇත.

අපේ රටේ රජයේ රෝහල්වලින් බහුතරයක්ම රෝගීන්ගෙන් පිරී ඉතිරී පවතී. ඒ මෙරට පවතින නිදහස් සෞඛ්‍ය සේවය නිසා රෝගියාගේ තරාතිරම නොබලා ඕනෑම රෝගයකට බෙහෙත් සහ සේවාවන් නොමිලේ ඔවුන්ට ලබාදෙන නිසාය. එනමුදු මෙකී රෝහල්වලට දවසකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය අවම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් හෝ හෙදියන් සංඛ්‍යාවක්වත් මේවායේ සිටිත්දැයි මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයවත් හරිහැටි දන්නේ නැත.

මේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ බුද්ධි ගලනයේ වැඩිම පිරිසක් වාර්තා වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේය. ඉන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ය. එහෙව් තත්ත්වයක් තුළ ප්‍රාදේශීය රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල් මෙන්ම ජාතික රෝහල්වලත් වැඩ කරන මනුෂ්‍යයන් අතින් අඩුපාඩු සිදුවිය නොහැකිද? වෛද්‍යවරුන් කතාවට දෙවියන් ලෙස හැඳින්වූවත් ඔවුන්ද මනුෂ්‍යයෝය.

වෛද්‍යවරයකුට දවසකට බැලිය හැකි රෝගීන් ප්‍රමාණයක් ඇත. ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සෑම රෝගියකුටම ලබාදීම සඳහා වෛද්‍යවරයකුට පැයකට හෝ දවස් භාගයකට බැලිය හැකි රෝගීන් ප්‍රමාණයක්ද තිබෙන්නට බැරිද? අපේ රටේ රෝහල්වල බාහිර රෝගී අංශය,

සායනවල මෙන්ම වාට්ටුවල වැඩ කරන වෛද්‍යවරුන්ටත් හෙදියන්ටත් ඒ නිර්දේශිත රෝගීන් ප්‍රමාණයම බලා ඔන්න මගේ වැඩේ දැන් ඉවරයි කියා ඉන්නා පුටුවෙන් ඉවත් විය හැකිද?

ඔවුන්ට එසේ කළ හැකි වුවත් එසේ නොකරන කළ එම වෛද්‍යවරුන්ගෙන් හෙදියන්ගෙන් සිදුවන අඩුපාඩු සමාජ මාධ්‍යයට වීඩියෝ ලෙස එකතු කිරීම වෙනුවට මැදිහත් සිතින් දරාගෙන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීම සඳහා රෝගීන්ටත් මනා වගකීමක් ඇති බව තේරුම් ගන්න. සෞඛ්‍ය වෘත්තිකයන්ටද රෝගීන්ටද ඉවසීම සහ විනය අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු නිසාය. ඔවුන්ටද ප්‍රශ්න තිබිය හැකිය. ඔබටද ප්‍රශ්න තිබිය හැකිය.

ශ්‍රී ලංකා ජාතික රෝහල යනු කොළඹ රෝගීන්ට පමණක් ප්‍රතිකාර නොකරන, ලංකාවේ සෑම දිග්භාගයකින්ම ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන්ට උපරිම සේවාව සපයන, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තිබෙන බොහෝ රජයේ රෝහල්වලට නොමැති, වෛද්‍යවරුන් සහ වෛද්‍ය සේවාවන් සහිත වූ රෝහලකි. මැරෙන්න යන ජීවිත රැසක් ගොඩගන්නා එහෙව් තැනක වූ සුළු සිද්ධියකින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ කෙරුවාව මැන පෝස්ටු මවන්නේ නම් රෝගී ඔබට කියන්නට වන්නේ බුදු සරණයි කියාම පමණක්ය.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?