නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි, ආරක්ෂාවයි ලැබිය යුතු සෞඛ්‍ය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි, ආරක්ෂාවයි ලැබිය යුතු සෞඛ්‍ය

Published January 13, 2025

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙන් යම් සරණක් ඉල්ලා නැති කෙනෙකු මේ රටේ නොමැති තරම්ය. එසේ සරණක් ලැබුණු මිනිසුන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් පිළිබඳව හොඳ හිතක් මවාගත්තත් සරණ නොලබන සියලු දෙනාම ඔවුන් පිළිබඳව මවා ගන්නේ ඒ තරම් හොඳ හිතක් නොවෙයි. එය එසේ වුවත් තවමත් අප යම් කරදරයකදී, විපතකදී කොටින්ම කියතොත් හොඳ කටයුත්තකදී වුවද යදින්නේ ලොව වෙසෙනා තිස්තුන් කෝටියක් දෙවියන් වීම පුදුමයක් නොවන්නේද?

සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වූ චමුදිත මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක වැඩසටහන් මෙහෙයවන්නකු වූ චතුර කතරගම දේවාලයේ කතරගම දෙවියන්ට ලැබෙන පඬුරුවලට සහ පූජා භාණ්ඩවලට වෙන හරි දේ අනාවරණය කිරීමෙන් පසුව මේ රටේ බහුතර දේව භක්තිකයන්ට කතරගම දෙවියන් පිළිබඳව තිබූ ශ්‍රද්ධාව මෙන්ම විශ්වාසයද අඩු කළ අතර එය නැවත වැඩිවීමට පටන් ගත්තේ කතරගම දේවාලයේ නව නිලමේවරයා මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් කළ සේවාව නිසාය.

මුලින් පිළිකාව නිසා මිලින වී යන දරුවන් වෙනුවෙන් ඉදිකළ අංග සම්පූර්ණ වාට්ටුවත් පසුගියදා ගුවන් හමුදාව සමඟ එක්ව ඉදිකරමින් විවෘත කළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයත් සමඟ බෝහෝදෙනා කියා සිටියේ දෙවියන්ට දෙන පඬුරුවලට පින මිහිපිටදීම ඔවුන්ට ලැබෙන බවය.

මෙම අනාවරණයෙන් පසුව බොහෝ පිරිස් සමාජ මාධ්‍යයේ පවා සටහන් කර තිබුණේ කතරගම දෙවියන් දැන් ජීවමානව වැඩ සිටිනා බවය. එය අද ඊයේ පමණක් නොව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අවධානයෙන් බලන කළ පෙනී යන්නේ බොහෝ ධානපතියන් පින් පිණිස ඔවුන්ගේ දේපළ රෝහල් ඉදිකිරීමට පරිත්‍යාග කර ඇති බවය. එයට කදිම උදාහරණ වන්නේ ද සොයිසා කාන්තා රෝහල, කාසල් විදීයේ කාන්තා රෝහල සහ රිජ්වේ ආර්යා රෝහල පෙන්වා දිය හැකිය. අදටත් බොහෝ රෝහල්වල අඩුපාඩු පියවා ගැනීම සඳහා ධානපතියන් උදව් කරන බව රහසක් නොවේ.

එහෙව් වටපිටාවක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇට මිදුළු බද්ධ කිරීමේ ගොඩනැඟිල්ල විවෘත කරමින් ධානපතියන් මෙරට සෞඛ්‍ය නඟා සිටුවීම සඳහා ලබාදෙන ආධාර අනාගතයේ රජයට බරක් විය හැකි බව කීම පුදුම සහගතය. ඔහු පවසන අන්දමට මෙවර අයවැයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නඟා සිටුවීම සඳහා ලොකුම මුදල වෙන් කරන බව කීම පුරසාරම් දෙඩීමක් වැන්න. එම නිසා සෞඛ්‍ය පිළිබඳ මනා අවබෝධයක් ඇතැයි සිතන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයානෙණි කට අරින්නට පෙර කියන්නේ කුමක්දැයි දෙපාරක් සිතන්න.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?