නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අපට ගිරව් සංස්කෘතියේ  දරුවන් නම් එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

අපට ගිරව් සංස්කෘතියේ  දරුවන් නම් එපා

Published December 30, 2024

දැන් පවතින අධ්‍යාපන ක්‍රමය අනුව මෙරට දරුවන් බහුතරයක්ම ඉගෙන ගන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකි. ඔවුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ටත් අවශ්‍ය වන්නේ බුද්ධිමත් ඵලදායී දරුවකු මෙරටට බිහිවීම වෙනුවට තරගකාරී ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළු අනෙක් සියලු විභාග හොඳින් සමත් වී ලෝකයට අවශ්‍ය වෘත්තිකයකු වීමෙන් මුදල් ඉපයීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම පමණි.

ඉහත හේතූන් නිසා ශ්‍රී ලංකාව තුළ ටියුෂන් මාෆියාව හොඳින් හිස එසවීම පුදුමයක් නොවේ. නූතන දරුවා තමන්ගේ ටියුෂන් ගුරුවරයා පවා තෝරාගන්නේ ඔහු පාවිච්චි කරන වාහනය, ඔහු අඳින පළඳින විදිය, ඔවුන්ගෙ පෞර්ෂත්වය සහ ශෝෂල් මීඩියාවල ඔවුන් හැසිරෙන ආකාරයෙන් පිළිඹිබු වන චිත්‍රය ගැන සිතා මිස ඔවුන් උගන්වන දේ කොතරම් තමන්ගේ බුද්ධිය සහ දැනුම වර්ධනය කරගැනීමට බලපානවාද යන්න හිතා නොවේ. ඔවුන් විෂය අනුව උගන්වන්නේ කුමක්ද, ඔවුන් කියවන පොර කතාව කුමක් ද යන්න ගැන පමණක් දැන් දරුවන් උනන්දුය.

ගුරු සංගම් නායකයා පසුගියදා හරි අපූරු හෙළිදරව්වක් කර ඇත. ඔහු පවසා ඇත්තේ බොහෝ පාසල් ගුරුවරුන් තමන්ගේ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට පාසල් කාලයෙන් පසු ටියුෂන් කරන්නේ පන්තියට ආවේ නැති වුණොත් විභාග ෆේල් වෙනවා යැයි ඔවුන්ගේ ඔළුවට දමාය.

ඔහු තවදුරටත් අනාවරණය කර ඇත්තේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආදායමෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ඔවුන් දරුවන්ගෙ අධ්‍යාපනයට වෙන් කිරීම ගැනය. ඒ නිසා ඔහු මෙය හඳුන්වා ඇත්තේ ටියුෂන් මාෆියාව පාසල් අධ්‍යාපනය අතික්‍රමණය කර ඇතැයි කියාය.

මේ අනුව ඔවුන්ට යෝජනා කරන්නේ විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙරටට අවශ්‍ය බවය. එසේ නොකළහොත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් නිපුණතාවලින් සපිරි දරුවකු කොහෙත්ම බිහි නොවන බවය.

අග්‍රාමාත්‍යතුමියනි, විෂයබාර ඇමතිවරිය විදිහට ඔබද නව රජයද අවශ්‍ය විද්වතුන්ව මැදිහත් කරගනිමින් මෙරට පාසල් අධ්‍යාපනය නව ලෝකයට ගැළපෙන ප්‍රතිසංස්කරණ සහිතව වෙනස් කරන්න. විභාග කේන්ද්‍රීය දරුවකු බිහිකිරීම වෙනුවට ප්‍රායෝගික බුද්ධිමත් දරුවකු බිහිකිරීම සඳහා එකතු වන්න.

තවත් දින කිහිපයකින් එළඹෙන 2025 වසරේදී පාසල් තුළ අධ්‍යාපනය නගා සිටුවීම මූලික රාජකාරිය කරගන්න. කියන දේ පමණක් නැවත පෙරළා කියන ගිරවකු වෙනුවට නැණ නුවණ ඇති බුද්ධිමතකු මෙරට වෙනුවෙන්බිහිකිරීමේ කාර්යයට නොපමාව උරදෙන්න. එවිට 2025 ටත් වඩා 2026 ඇතුළු අනාගතය ගැන අපට බලාපොරොත්තු තැබිය හැකිය.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?