නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මේ නත්තල් දැක්කොත් උන්වහන්සේද කම්පා වෙයි…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

මේ නත්තල් දැක්කොත් උන්වහන්සේද කම්පා වෙයි…

Published December 23, 2024

තවත් දින කිහිපයකින් අසිරිමත් නත්තල ලොවට උදාවෙයි. කිතුනුවන්ගේ නත්තලේ ඇති සුවිශේෂීත්වය වන්නේ ලෝකවාසී කිතුනු බැතිමතුන් පමණක් නොව අන්‍ය ආගමික ජනතාවත් අනාරාධිතවම නත්තලේ අසිරිය විඳගැනීමට ලොවපුරා එකතුවීමයි.

මිනිසා අඳුරෙන් ආලෝකයට රැගෙන යෑමේ හැකියාවක් ඕනෑම ආගමකින් හෝ දර්ශනයකින් සිදුවන බව ලොවම පිළිගන්නා අතර ඒ සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශනාවන් මනා අධ්‍යයනයකදී පෙනී යන්නේ ලෝකවාසී සියලු ජනතාවගේ හිතසුව පිණිස ආදරය, දයාව, කරුණාව සහ එකිනෙකාට උදව් කරගැනීම වැනි මානුෂීය ගුණාංග පදනම් කරගත් යාථාර්තවාදී දේශනාවන්වලින් පොහොසත් වී ඇති බවය. නමුත් අද වනවිට උන්වහන්සේගේ සැබෑ දේශනාවෙන් ගව් ගානක් ඔබ්බට නත්තල ගමන් කර තිබීම කණගාටුවක්මය.

ඉතිහාසයේ සඳහන් වන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ උපත ක්‍රි.පූ. 4 හෝ 3 වැනි සියවසේ මුල් භාගයේදී සිදුවූ බව සැළකේ. එහිදී කිතු උපත සැමරීමක් සිදුකර නොමැත. එකළ රෝම නීතිය අනුව උපත සැමරීම වරදකි.

කිතු දහම වැළදගත් රෝම අධිරාජ්‍යයා එතෙක් දෙසැම්බර් 25 වන දින යෙදී තිබූ රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය කිතු උපත සැමරුමට යොදා ගන්නා ලෙස අණ කළ බවට පසුව සාක්ෂි ලැබී ඇත.

ඊට සමගාමීව එදා සිට අද දක්වා දෙසැම්බර් 25 වැනිදා කිතු උපත සමරමින් නොයෙක් අංගෝපාංග එක් වෙමින් නත්තල අසිරිමත්ව සමරන ආගමික උත්සවයක් බවට ලොව පුරා ව්‍යාප්තව ඇත. සැබවින්ම මෙය දේව සැණකෙලියක් නොවිය යුතුමය.

අද වනවිට කිතුනු පල්ලියක සහ නිවසක ඉදිරියේ සංකේතාත්මකව සැරසෙන කිතු උපත සිහි කරන ගවලෙනට අමතරව නත්තල් ගස, නත්තල් සැරසිලි නිසාම ලෝකයේ දිළිඳු ජනතාව පීඩා විඳී.

අපේ රටේද පවතින ආර්ථික අර්බුදය හමුවේ කුසට වේලක් හැර වේලක් හෝ අහරක් ගන්නටවත් නොහැකිව සිටින කල නත්තල් සැරසිලිවලට යම් කිසි මුදලක් හෝ ඔවුන් වියදම් කරන්නේ කෙසේද?

විශේෂයෙන්ම නත්තලේ සැබෑ කොටස්කාරයන් වන දරුවන් මෙවැනි විසිතුරු දෑ ඉල්ලන විට වැඩිහිටියන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කළ සොරකම, ඊර්ෂි්‍යාව වැනි හැඟීම්වලින්ද සිත පුරවා ගනු ඇත.

විශේෂයෙන්ම වාණිජකරණය වී ඇති නත්තල අප වැනි රටක ජනතාව ඇඳ දමන්නේ තවත් අමාරු තැනකටය. එම නිසා සැබෑ නත්තල හදවතින් පැනගොස් දැන් තිබෙන්නේ සාප්පූ සංකීර්ණවල සහ ඩිජිටල් තිර අතරේවීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වුවද කම්පාවට පත් කරනු ඇත.





 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?