නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැන් අපට හාල් මතුරන්නයි වෙන්නේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

දැන් අපට හාල් මතුරන්නයි වෙන්නේ

Published December 16, 2024

මහා පරාක්‍රමබාහු රජතුමා එදා අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුයැයි කී කතාවට දැන් තවත් කොටසක් අපට එක් කළ හැකිය. මන්ද යත් රට තුළ ඇතිවී තිබෙන සහල් හිඟය නිසා බත් ඇටයක්වත් බත්පතෙන් අපතේ නොදැමිය යුතුය.

එක සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවට විපක්ෂයේ සිටියදීත් පහුගිය ජනපතිවරණ ප්‍රචාරක රැලිවලදීත් පොරොන්දු වූ ජනාධිපතිවරයාට එම පොරොන්දුව කඩ කිරීමට සිදුව ඇත්තේ උත්සව සමය අභිමුව දී රට තුළ සහල් හිඟයක් ඇතිවී තිබෙන නිසාය. මෙය කෘතිමව ඇතිකළ සහල් හිඟයක් වුවොහොත් එය කවුරුන් විසින් කෙසේ ඇති කළේ දැයි සොයා බැලිය යුතුමය.

නත්තල සහ නව වසර ළඟ එන නිසා පාරිභෝගික ජනතාව වෙනදාටත් වඩා සහල් සොයමින් ඔබ මොබ සැරිසරන අතර ඔවුන් වැඩි මිලට හෝ සහල් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නිවාඩු දවස්වලට තමන්ට කන්නට මෙන්ම ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටත් බත් වේලක් පිළිගැන්වීම අපේ ආගන්තුක සත්කාරයේ කොටසක් වන නිසාය. මෙවන් පසුබිමක වෙළෙඳ මාෆියාවක් තුළින් ජනතාවාදී රජයක් පරාජයවීම ජනතාව කිසිසේත්ම අනුමත නොකරනු ඇත.

ඇතිවී තිබෙන සහල් හිඟය මඟහරවා ගැනීමේ අරමුණින් වර්තමාන රජය මේ මස 20 වැනිදා දක්වා ආනයන බලපත්‍රයක් නොමැතිව වුවත් මෙරටට හාල් ගෙන්වීමේ අවස්ථාවක් වෙළෙන්දාට ලබා දී ඇත. සුළු සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසන්නේ මේ තීරණය රජය ගෙන ඇත්තේ ප්‍රමාද වී බවය. ඒ නිසා උත්සව සමය ළඟට ඇවිත් තිබියදීත් රට තුළ හාල් හිඟයක් ඇතිවී තිබෙන බව ඔවුන්ගේ අදහසය.

ජනාධිපතිවරයා මැදිහත් වී හාල් හිඟය විසඳීම සඳහා නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 230 ක් ලෙසත්, සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙසත් සිල්ලර මිල 220 ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 ක් සහ සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 240 ක් ලෙසත් මෙන්ම කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 සහ සිල්ලර මිල රුපියල් 260 ක් ලෙසත් ප්‍රකාශ කර ඇත.

මෙය දැන් දැවෙන ප්‍රශ්නයක් වී ඇත්තේ ලංකාවේ කිසිදු ආණ්ඩුවකට මෙරට මහා පරිමාණ හාල් මෝල් හිමියන් පාලනය කිරීමේ කොන්දක් නැති බව ඉහත සිද්ධියෙන් මනා ලෙස ඔප්පු වී ඇති නිසාය. ජනාධිපතිවරයාත් මැදිහත් වී කර ඇත්තේ පාරිභෝගික අප කබලෙන් ළිපට ඇද දැමීමක්ය. දැන් අපට කාගේ සරණක්ද?
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?