නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හැඳි මිටේ කතාව තවදුරටත් වලංගු නොවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

හැඳි මිටේ කතාව තවදුරටත් වලංගු නොවේ

Published November 25, 2024

තවදුරටත් කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ යන ප්‍රකාශය වලංගු නොවේ. මන්දයත් මෙවර පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් වැඩිම කාන්තා නියෝජනයක් එක්ව ඇති බැවිනි. ඔවුන්ගෙන් බහුතරයක් නීතිඥවරියන්ය. එසේත් නොමැති නම් කිසියම් හෝ වෘත්තීමය සුදුසුකම් සපුරාගත් කාන්තාවන්ය.

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේදී හෝ අගෝස්තු මාසයේදී මෙරට කාන්තාවන් ගැන වැඩියෙන්ම කතා කළ අතර එයට හේතුව වූයේ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදීම සහ පියයුරු පිළිකා වළක්වා ගැනීමේ මාසය වීමයි. නමුත් දැන් දැන් මෙරට කාන්තාවන් පිළිබඳ විශ්වාසයෙන් සහ අවධානයෙන් කතා කරන්නේ පැවති මැතිවරණයේදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳවයි.

ජාතික ජනබල වේගයෙන් ම පමණක් මන්ත්‍රීවරියන් විසිදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ 19 දෙනෙකු ඡන්දයෙන් සහ එක් අයෙකු ජාතික ලැයිස්තුවෙන් වශයෙනි. ජාතික ජනබලවේගයෙන් කාන්තාවන් 36 දෙනෙකු තරග කර ඇත. එය මෙරට මැතිවරණයකට තරග කළ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් ලෙස ඉතිහාසගත වේ.

සමගි ජන බලවේගයෙන්ද කාන්තාවන් දෙදෙනෙක් අලුත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. මේ අනුව බලන කල වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10% දක්වා වර්ධනය කරගැනීම හොඳ පෙරනිමිත්තක් ලෙස දැක්විය හැකිය.

1960 දී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. 1994 දී මෙරට ජනාධිපතිවරයෙක් ලබාගත් වැඩිම මනාපය වන 62% ලබාගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. ඉන්පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ආචාර්ය හරිනි අමරසිංහ මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ඇය මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලු පිරිමින් අභිබවා ඡන්ද

6,55,289 ලබා පෙරට පැමිණෙන්නේ මෙරට අග්‍රාමාත්‍යවරයකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවක් බවට වාර්තාවක් තබමින්ය. එසේ නම් ශ්‍රී ලාංකික කාන්තාව තවදුරටත් කුස්සිය තුළ සාම්ප්‍රදායික වෘත්තීන්ට කොටුවී සිටින අය නොවන බව දැන් ඔප්පු කර ඇත.රටේ ජනතාව දැන් වැඩේ ලෙහෙසි කර ඇත. සුබ නැකතට රට අනුරට දී එක මිටකට රටේ වැඩ කොටසක් කාන්තාවන්ටද පවරා ඇත.

මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයේ ධුර දෙකක් කාන්තාවන්ට ලබාදී තිබේ. බලයේ සිටි කාන්තාවන් බලයත් හැකියාවත් තියාගෙන නොකළ බොහෝ වැඩ රටේ කාන්තාවන් වෙනුවෙන්, රටේ දරුවන් වෙනුවෙන් පමණක් නොව මුළු රටම ගැන සිතා ඔබට දැන් කළ හැකිය. දැන් හැඳි මිටේ නුවණට එහා ගිය නුවණක් ඔබට ඇති බව පෙන්විය හැකිය. ඔබ විටෙක වන දියණිය, සහෝදරිය, පෙම්වතිය, බිරිඳ ගෘහණිය සහ මිත්තණියක ලෙස එක මිටකට ගෙන හදවතෙනුත් ඔළුවෙනුත් රට නැගීම වෙනුවෙන් තීරණ ගත යුතුමය. ශ්‍රී ලාංකික කාන්තාව බලවත් බව මුළු ලෝකයටම පෙන්විය යුතුය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?