නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුත් ශ්‍රී ලංකාවක්, නව බලාපොරොත්තුවක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

අලුත් ශ්‍රී ලංකාවක්, නව බලාපොරොත්තුවක්

Published November 18, 2024

අද නොවැම්බර් 15 වැනිදා සිකුරාදාය. 14 වැනිදා අලුත් වෙනසකට මුල පුරන්නට මේ රටේ බහුතර ඡන්දදායකයන් ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කළේ අද සවස් භාගය වන්නට ලැබෙන මනාප ප්‍රතිඵල අනුව සෞදිය පුරන්නටය. ඒ හැකියාව මෙරට ඡන්ද දායකයින්ට තවත් පැය කිහිපයකින් අනිවාර්්‍යයෙන්ම ලැබෙනු ඇත.

නමුත් ඡන්දය ප්‍රකාශයට පත්කළ දිනයේ සිටම අපට දැක ගන්නට තිබුණේ ඇල්මැරුණු මැතිවරණ ව්‍යාපාරයක් මිස කිසිදු උද්යෝගයක් තිබූ මැතිවරණ හැඟීමක් නොවන බව කිව යුතුමය. එහෙත් එහි ප්‍රතිඵලය වෙඩි වගේ වීමට පුළුවන. මේ රට ජනතාව සෑම අතින්ම දැන් බලාපොරොත්තු වන්නේ හිතට දැනෙන වෙනසක් පමණි.

ඒ තරමට ඔවුන් වසර හැත්තෑ හයක් මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළ පක්ෂ දේශපාලනය නිසා හෙම්බත් වී ඇත. ඒ දේශපාලනය තුළ තිබුණේ හුදෙක්ම දේශපාලඥයා තරවීම සහ ඔහුගේ පවුලේ උදවිය මෙන්ම ඔහුට හුරේ දාන අය තරමවීක් විනා රටවත් සමාජයවත් අහිංසක ජනතාවගේ ජන ජීවිතයවත් ගොඩනැඟීමක් නොවේ.

කෙසේ වෙතත් දැන්නම් මේ රටේ ජනතාව ලේසියෙන් අන්දවිය නොහැකි තරමට දේශපාලඥයා කවුදැයි යන්න තේරුම් ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් වූයේ ඡන්දයට දින දෙකකට කලින් නිමාවූ දේශපාලන පක්ෂ ප්‍රචාරණයන් ඉතා ඇල්මැරුණු ඒවා වීම සහ ඔවුන්ගේ කතා පවා නිදිමත ඒවා වීමයි.

මෙයින් හොඳින්ම පෙනී යන්නේ මෙරට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවයේ ඉහළ යෑමක් හෝ දේශපාලනයක් ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නොමැතිකම විය හැකිය.

ඒවා එසේ වුණත් තවත් පැය කිහිපයකින් බලයට පත්වන මෙරට අලුත් ආණ්ඩුවට විශාල අභියෝගයක් තිබේ. එහි මුල් තැන ගන්නේ වැටි වැටී නැඟිටෙන මෙරට ආර්ථිකය ස්ථාවර කරගනිමින් ලබාගත් ණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. බඩගින්නේ බර අඩු කිරීමයි. එසේ කළ හැකි නම් ජනතාව පක්ෂ පාට භේද නොසළකා ඔබ සමඟ එකා මෙන් සිටගනු ඇත. තමාට පෙර රට ගැන සිතනු ඇත.

එම නිසා ජනතාව වශයෙන් මුල් කාලයේදී ඇතිවිය හැකි අපහසුතාවයන් ගැන අවබෝධ කරගනිමින් අලුත් ආණ්ඩුවත් සමඟ රටක් වශයෙන් ඉදිරියට යෑම සඳහා ලබාදිය යුතු සහයෝගය ලබාදෙන්නේය. ජරාජීර්ණ වූ දේශපාලනයෙන් ලක් මව ගලවා ගැනීමට තමාගේ යුතුකම ඉටු කරන්න. අපි දකින අලුත් සිහින සැබෑවක් කරගන්නට පෙළ ගැසෙන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?