නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දුප්පතා,තවත් දුප්පත් නොවිය යුතු රටක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

දුප්පතා,තවත් දුප්පත් නොවිය යුතු රටක්

Published October 7, 2024

මේ රටේ දේශපාලනය පැහැදිලිවම වෙනස්වෙමින් අලුත් දේශපාලන සංස්කෘතියක් කොටින්ම කියොතොත් අලුත් ඉරක් පායනා සෑම දවසකම මේ රටේ අහිංසක ජනතාවට අදට වඩා හෙට හොඳ වේයැයි, අනාගතය ඊටත් වඩා හොඳ වේ යැයි යන අලුත් බලාපොරොත්තුවක් ඇතිවේ. එය මේ මෙහොතේද එසේමය.

වසර 76 ක් මාරුවෙන් මාරුවට මේ රට කරවූ විවිධ දේශපාලන පක්ෂවල අය ගෙදර යවා රටේ ජනාධිපතිවරයා නව පක්ෂයකින් තෝරාගැනීම සහ ඔහුගේ නායකත්වය යටතේ තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් රට කරගෙන යෑම සඳහා පත් කිරීමෙන්ම මේ රටේ ජනතාවට අලුත් දවස පිළිබඳව අලුත් අනාගතය පිළිබඳව යම් රිදී රේඛාවක් නිල් අහසේ පායමින් තිබෙන බවට විශ්වාසය ගොඩ නැගෙමින් තිබීමද පුදුමයක්ද නොවේ.

එය සුබම යැයි හැඟෙන්නේ ලංකාවේ මෙතෙක් බිහි වූ කුඩාම ආණ්ඩුව ගත් තීන්දු තීරණවලින්ද රටට හිතකර ගතියක් කුඩා මිනිසා ගැන සිතට දැනී ඇති ගතියක් පෙනෙන්ට තිබෙන නිසාමය. එක රැයකින් දැකපු සියලු සුබ සිහින සැබෑනොවන බව දන්නා අප ටිකක් විමසිල්ලෙන් බලා සිටිය යුතුමය. විශේෂයෙන්ම නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර මේ පුංචි ආණ්ඩුව ලොකු මිනිහාටත් පොඩි මිනිහාටත් එක ලෙස දැනෙන බඩගින්දර පිළිබඳව හොඳින් තේරුම් ගෙන එය විසඳීමට කටයුතු කරන්නේ නම් 58% ක් ඔවුන්ට නොලැබුණු ඡන්ද නැවත නැවතත් ඔබ පිළිබඳව අධ්‍යනයක යෙදෙනු ඇත. එයින්ද නොනැවති මේ රටේ බහුතර ජනතාවට දැනෙන ලෙස ගෑස් මිල අඩුකිරීම, දැනට කළාක් මෙන් ඉන්ධන මිල තවත් අඩු කිරීම, ජල සහ විදුලි බිල් ද  අඩුකිරීම මගින් මෙතෙක් ආණ්ඩු නොකළ සහන සෑම දෙනාටම ලබාදීමෙන් ඡන්ද පදනම රිසිසේ වෙනස් කරගත හැකිය. ඒ නිසා හෙණ්ඩුව ඔබ අතේය.

මෙතෙක් පැවති රජයන්ට ජනතාව ලෙස හුදෙක්ම පෙනුනේ රජයේ සේවකයන් පමණක්ය. මන්ද ආණ්ඩුවෙන් පඩි වැඩි කළේ ඔවුන්ගේය. පෞද්ගලිය අංශයේ වැඩ කරන ජනතාව, දවසේ පඩියට වැඩ කරන ජනතාව මෙන්ම එදිනෙදා කුලියක්මලියක් කරගෙන ජීවත්වන ජනතාව ඔවුන්ට ජනතාව ලෙස පෙනුනේ නැත. දරාගත නොහැකි බඩු මිළ නිසා අපි ඉහත සඳහන් කළ ජනතාව වේලක් කා වේලක් නොකා සිටි වාර අනන්තවත් ඇත.

පොඩිම මිනිහාට ලබාදුන් දුප්පත්කම තව තවත් පවත්වාගැනීමේ අල්ලස් වැනි සියල්ල නතර කරමින් ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම තුන්වේල කා බී නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම ඔබට භාරය. එම නිසා බඩු මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩි කරමින් පාලන මිලක් පැනවීම මඟින් සැමට ඉන්න හිටින්නට යහපත් රටක් උදාවනු ඇත.



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?