නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඩිසප්ලීන් නැති වූ Foxhill
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ඩිසප්ලීන් නැති වූ Foxhill

Published April 29, 2024

‘ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස පැළදිය යුතු පදක්කමක් නොවේ…’ යනුවෙන් කියමනක් තිබේ. එම නිසා ක්‍රීඩාව යනු ජය පරාජය, දුක සතුට, උද්‍යෝගය පසුබෑම, විනෝදය සහ අත්දැකීම් යන හැඟීම් සියල්ලේම එකතුවක් ලෙසද දැක්විය හැකියි. ක්‍රීඩාව දිනන්නට පමණක් නොව පරාජයේ අත්දැකීම ලබාගන්නටද හොඳ තෝතැන්නකි.

මෙවන් ක්‍රීඩා ඉසව් සංවිධානයේදී එහි ඵලදායීත්වය රැකගැනීම සඳහා ක්‍රීඩා ඉසව්වට ආවේණික නීති රීති සහ ආචාරධර්ම පිළිබඳව සැලකිලිමත් විය යුතුව තිබේ.

ඒ සැලකිලිමත්වීමේ අවශ්‍යතාව කෙතරම්ද යන්න පසුගියදා ජීවිත 7 ක් බිළිගනිමින් තවත් විසි ගණනකට තුවාල සිදුකරමින් දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2024 මෝටර් රථ ධාවන තරගාවලිය පෙන්වා දිය හැක.

මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය එක්ව වුවත් ඔවුන්ගේ තරග සංවිධානයේ අතිමහත් දුර්වලතා රැසක් තිබෙන බව මේ වනවිටත් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන විඩියෝපටවලින් හොඳින්ම තහවුරු වේ.

ධාවන පථය පැහැදිලිවම දූවිලි ගොඩකින් වැසී යයි. ධාවන තීරුව ආසන්නයේම නරඹන්නන් රැඳී සිටියි. තරග විනිශ්චයේ යෙදෙන පිරිස සිටින්නේද ධාවන පථය හා නරඹන්නන් අතර පරතරයකින් තොරවයි. ධාවන පථය කිසිසේත්ම ප්‍රමිතිගත තත්ත්වයේ එකක් යැයි පෙනෙන්නට නොතිබේ.

මෙවන් තත්ත්වයක් මත ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ නරඹන්නන්ගේ ජීවිත අනතුරේ හෙලා මුදල් ඉපෑයීමක් පමණක්දැයි අපට අසන්නට සිදුවේ. මෝටර් රථ ධාවකයන්, තරග විනිශ්චයේ යෙදෙන්නන් සහ කොටින්ම නරඹන්නන්ගේ ජීවිතවල වටිනාකමක් තරග සංවිධායකන්ට කිසිසේත් නොතිබුණ බව ඒවායින් පැහැදිලි වේ.

මේ වනවිටත් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදි සිදුවූ මෙම ඛේදවාචකය ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා හරි ලස්සනට, තරග නරඹන්නන්ට අනතුර පිළිබඳ වගකීමේ බෝලය පාස් කර තිබේ.

ඊට නොදැවනි ලෙස තරග ධාවනයේ යෙදුණු, අනතුරට ලක්වූ මෝටර් රථ ධාවකයන් දෙදෙනාම අත්ඩංගුවට ගෙන ඇත. මැරුණු හත්දෙනා ගැනත් තුවාල වුණු පිරිස ගැනත් ඔවුන් හිතන්නේ තරගය නරඹන්න ආවට හොඳ වැඩේ යැයි කියා විය හැකිය. මෙහි අපට පුදුමවීමට ඇත්තෙ මැරුණු හත් දෙනාත් තුවාල වූ විසිදෙනාත් නීතීයට හසුකර නොගැනීම පමණි.

එම නිසා මේ වගේ අවදානමක් ඇති ක්‍රීඩාවක් සංවිධානය කිරීමට මුල පිරූ ඉහත සඳහන් ආයතන දෙකම අනතුරේ වගකීම බාරගත යුතු අතර මොවුන් මිනී මැරීමට තැත් කිරීමේ වරදට මෙරට නීතියේ ඉදිරියට පැමිණවිය යුතුයි. මේ රටේ ප්‍රබලව හමුදාවේ විනය ගැන ගෞරවාන්විතව බැලූ ශ්‍රී ලාංකික අපිට මෙම සිදුවීමත් සමග ඇති වී ඇත්තේ පිළිකුලකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?