නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අහෝ…!! දෙවියන් දෙන්නට යන දරු සම්පත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

අහෝ…!! දෙවියන් දෙන්නට යන දරු සම්පත්

Published April 8, 2024

කාලෙන් කාලෙට මේ තරම් ආතල් දෙන රටක් මේ ලෝක සිතියමේ තවත් තිබෙන්නට විදිහක් නැත. මීට මාස කිහිපයකට ඉහතදී ආගම් මුවාවෙන් තමන් රහත් වී ඇතැයි කියූ අවලෝකිතේශ්වර, විශ්වයෙන් මෙලොවට පහළ වූ විශ්ව බුද්ධ පමණක් නොව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ධර්මය විකෘති කර මවාගත් බලයකින් ලෙඩ සුව කරන දේවගැතියන් පිරිසක්ද අන්ධ භක්තියෙන් පිරි මිනිසුන් කොටසක් නොමඟ යැවූ බව අපට දැකගත හැකි විය.

මේ නාඩගම් නටා ඒ මතකය වියැකෙන්නටත් මත්තෙන් තවත් උන්මන්තකයකු අනුරාධපුරයෙන් මතු වී ඇත. ඔහු විවාහක දරු සම්පත් ප්‍රමාද යුවළවල් ගෙන්වා ඔවුන්ගේ හිස මතට අත ගසා බිමදමන්නේ ඔහු සතු ඇති විශ්ව ශක්තියෙන් කුස තුළ දරුවකු ඉදිරියේදී පිළිසිඳ ගන්නා බව පවසමින්ය. ඔහු හරි අපූරුවට පහර දෙන්නේ විවාහ පත් යුවළකගේ ඉතාමත් සංවේදී කාරණාවකටය. මෙයට අදාළ විඩියෝ සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ඔබමොබ සැරිසරමින් ඇත.

මේ තරම් විද්‍යාව දියුණු ලෝකයක ඊට නොදැවෙනි ලෙස වෛද්‍ය විද්‍යාවද දියුණුවී ඇති ලොවක සමාජයේ බහුතරයක් ගැහැනු සහ පිරිමින් ජීව විද්‍යාත්මක නිර්මාණය වී ඇත්තේ වෙනස් විදිහට බව දන්නා බැවින් මේ වැනි උන්මන්තකයන් පස්සේ ගොස් ඩිම්බයක ඇති දුර්වලතා, ශුක්‍රාණුවක ඇති දුර්වලතා, ප්‍රජනන පද්ධතිවල ඇති දුර්වලතා වෙනස් කරන්නට හැකි නම් මේ ලොව මාරම මාර තැනැක් වනු ඇත. ඊට අමතරව දරුවන් නොලැබීමේ කාරණය සඳහා ගැහැනුන්ට සහ පිරිමින්ට ඇති අහිතකර පුරුදුත්, ශරීරික රෝගත්, උපතේ සිට පැවත එන අඩුපාඩුත් බලපාන අතර ඒවා වෛද්‍ය විද්‍යාත්මකම සොයා විසඳා ගැනීමෙන් පමණක් කිරි සිනහා බැලිය හැකි බව මොවුන්ට අමතක වූයේ මන්ද?

සාක්ෂරතාවය සීයයට අනූ දෙකක් පමණ පිරිසක් මේ රටේ සිටියත් ලියන්නට කියවන්නට හැකි සියලු ජනයා බුද්ධිමත් නොවන බවට මේවා කදිම උදාහරණ වේ. ඒ නිසා ආගම් මුවාවෙන් ජාතීන් මුවාවෙන් හදවතේ ඇති සංවේදී කාරණාවලට හරිම ලස්සනට හොරුන්ට තට්ටු කළ හැකි වන්නේ විශ්ෂයෙන්ම අන්ධ විශ්වාස සමඟ ජීවත්වන ගෝත්‍රික ජන සමාජයක් තවමත් මේ රටේ පවතින නිසාය. ශ්‍රී ලාංකිකයන් තරම් ජෝතිෂයට, දේව විශ්වාසට, විශ්ව ශක්තියට ඇන්දිය හැකි පිරිසක් විශ්වයේම නැත.

අහිංසක මිනිසුන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කරමින් මිනිසුන්ගේ මුදල් ගරා ගන්නට මාන බලන මෙවැනි උන්හමන්තකයින් වහාම නීතියට කොටු කරගත යුතුය. එපමණක් නොව ඔවුන්ට පවතින නීතීය අනුව දඬුවම් ද ලබාදිය යුතුය. නැතිනම් සිදුවන්නේ මෙවැනි උන්මන්තකයන් මිනිසුන් තවත් අසරණභාවයට පත් කරමින් අලුත් රැල්ලකට රට ගෙන යෑමක්ය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?