නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩි කළ වැට් වැඩ පෙන්වයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

වැඩි කළ වැට් වැඩ පෙන්වයි

Published January 8, 2024

භාණ්ඩ හා සේවා බද්ද හෙවත් වැට් බද්ද (Vat)වැඩ පෙන්වීමට පටන්ගෙන තිබේ. එය 18% මට්ටමට වැඩි වූයේ ජනවාරි පළවෙනිදා සිටය. එලෙස වැඩි වීමත් සමග මෙරට බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිය බව ප්‍රවෘත්ති ලෙස මාධ්‍ය ඔස්සේ නිකුත් වීමත් කෙටි පණිවුඩ ඔස්සේ ජංගම දුරකථනයට ලැබීමටත් පටන්ගෙන තිබේ.

ඒ අනුව පෙට්‍රල්, ඩීසල් මිල සහ ගෑස් මිල සාමාන්‍ය ජනතාවට දැනෙන ලෙස වැඩි වී තිබේ. විදුලි සංදේශ සේවා ගාස්තු ද ඉහළ දමා ඇත.

ආහාර ද්‍රව්‍ය සියල්ලේම මිල වැඩි කර ඇත. සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, විනෝදාස්වාදය වැනි මෙකී නොකී සියලු සේවාවල ගාස්තු වැඩි කර ඇත.

නමුත් පවතින රජය තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිය සිටින්නේ තෙල්වලට අයකළ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද රජය විසින්ම ඉවත් කළ නිසා වැට් වැඩිවීම හේතුවෙන් තෙල් මිල ඉහළ ගියද එය තෙල් මිල සඳහා ලොකු බලපෑමක් ඇති නොකරන බවයි.

නමුත් අපි හොඳාකාරවම දන්නා කරුණ වන්නේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග මේ රටේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් එක තත්පරයකින් ඉහළ නැංවෙන බවයි. මේ සියල්ලෙන්ම බැට කන්නෙ රජය නොව සාමාන්‍ය ජනතාවයි.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව දැනටමත් පෙන්වා දී ඇත්තේ මෙරට පවුල්වලින් 60% කගේ පමණ මාසික ආදායම පහළ වැටී ඇති බවයි. උද්ධමනයද 2% – 3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙවන් තත්ත්වයක පසුවන ජනතාව ඉදිරි දින කිහිපය තුළ කුමන තීරණයක් ගනීවි දැයි කිව නොහැකි අතර සක්සුදක් සේ පැවසිය හැක්කේ 2022 ඇතිවුණා මෙන් ජන අරගලයක් නුදුරේදීම මෙරටේ ඇති විය හැකි බවයි.

දැනටමත් ජනතාවට මාසිකව ලැබෙන මුදලින් හෝ දෛනිකව උපයන මුදලින් ජීවත්වීම සිහිනයක් බවට පත්ව තිබේ. මෙවන් අවධියක මූලික අවශ්‍යතාවන් පවා ඉටු කරගැනීමත් අරගලයක් වී ඇත. එවන් වකවානුවක විශේෂයෙන්ම ලංකාවේ දැනුම, බුද්ධිය පිටරටට ගලායමින් පවතී.

තවද කලක සිට මේ රට තවතවත් ආගාධයට තල්ලු වන්නේ මේ රටේ නිෂ්පාදන අවම වීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩු වීම වැනි කාරණා නිසා බව රජය වහ වහා තේරුම් නොගතහොත් සහ මෙරට ජනතාව බලාගැනීමට කැපනොවුණහොත් ලංකාව තවතවත් අසරණ වනු ඇත.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?