නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

Published December 4, 2023

මුත්‍රා බර නිදහස් කරගෙන රාත්‍රී නින්දට ගියත් නින්දෙන් අවදිව මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඔබට ඇතිවනවාද? එය Nocturia Enuriesis යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම රාත්‍රී නින්දෙන් නොදැනුවත්වම මුත්‍රා පිටවීම (නිදි යහන තෙමීම) Noctumal Enuriesis යනුවෙන් හැඳින්වෙනවා.

Nocturia Enuriesis රෝග තත්ත්වය ඇති වීමට බලපාන හේතු මොනවාද?

Nocturia Enuriesis රෝග තත්ත්වයට බලපාන හේතු රාශියක් තිබෙනවා.

මුත්‍රාශය හිස් නොවීම

පිරිමින්ගේ නම් මුත්‍රා පුරස්ථි ග්‍රන්ථි (prostate glands ) ඉදිමීම නිසා මුත්‍රා මාර්ගය අවහිර වීමට පුළුවන්.

මුත්‍රාශයේ පිළිකා මුත්‍රාශයේ ගල් වැනි රෝග තත්ත්වයන්

මුත්‍රා මාර්ගයේ සිදුර කුඩාවීම (Meatal stenosis)

කාන්තාවන් සම්බන්ධයෙන් ගත්විට ආර්තවහරණය නිසා මුත්‍රා මාර්ගය සිහින්  වීම ගර්භාෂය පහත් වීම Uterine prolapse

මුත්‍රාශයේ පරිමාව ගර්භණී කාලයේදී අඩුවීම ගර්භාෂය ඩිම්බ කෝෂ හෝ ගුද මාර්ගයේ පිළිකා වර්ගයේ ගෙඩි ඇති විට

මුත්‍රාශයේ දිග ඇදීම (Elastic)

ක්ෂයරෝග විෂබීජ ආසාදනය TB

වයසට යන විට ADH හෝමෝනය රාත්‍රි කාලයේදී ශ්‍රාවයවීම අඩුවනවා. Ntidiuretic hormone (ADH )හෝමෝනය මගින් රාත්‍රී කාලයේදී මුත්‍රා නිපදවීම අඩුකරනවා.නමුත් වයසත් සමග ADH අඩුවීම නිසා රාත්‍රී කාලයේදී මුත්‍රා නිපදවීම වැඩිවනවා. එවැනි තත්ත්වයකදී රාත්‍රී කාලයේදී මුත්‍රාබර දැනී අවදිවනවා.ඉහතින් දක්වන ලද හේතු නොමැතිව වුණත් රාත්‍රි කාලයේදී නින්දෙන් අවදිවී මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවන්න පුළුවන්.

නින්දෙන් නොදැනීම මුත්‍රා පිටවීම (Noctumal Enuriesis) භයානකද?

මෙය එක්තරා අන්දමක අවදානම් තත්ත්වයක්. ඊට හේතුව මුත්‍රා මාර්ගය අවහිර වී මුත්‍රා පිටවෙන High pressure chronic retention යන තත්ත්වය නිසා වකුගඩු අකර්මන්‍ය වී ජිවිතයට අනතුරක් වීම.සමහර විට තද නින්දට වැටුණ විට සිහිනෙන් මුත්‍රා පිටකරන බව දුටුවොත් නින්දේදීම නොදැන මුත්‍රා පිටවෙන්න පුළුවන්. මෙය භයානක තත්ත්වයක් නොවේ.

එවැනි හේතු සමහර අවස්ථාවන්හිදී හෘද රෝග සංකුලතාවන් ඇති රෝගීන්, ඒ වගේම දවල් කාලයේදී දෙපා ඉදිමෙන පුද්ගලයන් ගැන ඔබ දැක ඇති. මේ අයගේ සිරුරේ වතුර ඉහළට ඇදගැනීමේ ශක්තිය හෘදය වස්තුවට නැහැ. ඒ නිසා දවල් කාලයට දෙපා ඉදිමෙනවා. නමුත් රාත්‍රි කාලයේදී හෘදය වස්තුව සහ දෙපා එකම තලයක පිහිටා ඇති නිසා දෙපාවල තිබෙන වතුර මුත්‍රා මගින් පිට වෙනවා. පසුදා අවදි වනවිට දෙපා ඉදිමුම දකින්න ලැබෙන්නේ නැහැ.

රාත්‍රි කාලයේ හරි නින්දක් නොලැබීම (Disturb Sleep pattern )

රාත්‍රි නින්දට පෙරාතුව මද්‍යසාර පානය කිරීම ප්‍රතිකාර ලබාගත යුතු අන්දම.

රෝගියෙකු විසින් මුලින්ම අදාළ නිවැරදි වෛද්‍යවරයා තෝරාගත යුතුයි. මෙවැනි අපහසුතාවකදී ජන්‍ය මුත්‍ර ශල්‍ය ( Urologist) වෙද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍යයි. මෙහිදී රෝගියා සඳහා ලබාගත යුතු වෛද්‍ය පරීක්ෂණ වාර්තා කීපයක් තිබෙනවා.

සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාව UFR -urine full report මුත්‍රා වගා කිරීම Urine culture – ABST
Ultra sound –KUB ස්කෑන් පරීක්ෂාව
Cyscocopy ස්කෑන් පරීක්ෂාව

ක්ෂයරෝග විෂබීජ පරීක්ෂාව සඳහා Catotopy මේ වෛද්‍ය පරීක්ෂණවලින් පසුව අපට රෝගියා වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්.

Nocturia රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර

සමහරවිට නින්දට ආසනන්යේදී වතුර, තේ වගේම මද්‍යසාර පානය කරනවා නම් එවැනි පුද්ගලයන්ට නින්දෙන් අවදි වෙලා මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවනවා. ඒ නිසා අපි මුලින්ම මේ පුද්ගලයන්ගේ එවැනි පුරුදු වෙනස් කරගැනීමට උපදෙස් ලබාදෙනවා.

මුත්‍රා මාර්ගයේ අවහිරතාවක් නිසා නම් අදාළ ශල්‍යකර්මයක් මගින් ඒ අවහිරතාව සකස් කරනවා. ගර්භාෂය පහත් වීමක් නිසා නම් ඊට අදාළ ප්‍රතිකාර ලබාදෙනවා. හදවත් රෝග තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක් නම් ඊට අදාළ ප්‍රතිකාර ලබාදෙනවා. එවැනි රෝගීන් වෙනුවෙන් සවස 4 ට පමණ මුත්‍රා උත්තේජනය කරන ඖෂධ ලබා දුන්විට රාත්‍රී නින්දට යෑමට පෙරාතුව මුත්‍රාශය හිස්වනවා.

කුඩා දරුවන් රාත්‍රී නින්දෙන් මුත්‍රා පිටකිරීම

අපේ පොඩි දරුවන්ටත් රාත්‍රී කාලයේදී මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවනවා. නමුත් ඔවුන් අවදි වී මුත්‍රාකිරීම වෙනුවට රාත්‍රි නින්දෙන්ම ඇඳ තෙමනවා. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුදු එකහමාරක් පමණ වනතුරුම නින්දෙන්ම මුත්‍රා පිටවනවා. ඔවුන්ට ඒ බැව් කියන්න තේරුමක් නැහැ. නමුත් සාමාන්‍ය වයසක දරුවෙක් වෙනදා නොමැති අන්දමින් රාත්‍රී කාලයේදී නින්දෙන් ඇඳ තෙමනවා නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

බොහෝ දරුවන් මානසික ප්‍රශ්න නිසාද නින්දෙන් ඇඳ තෙමන්න පුළුවන්. එහිදී පවුලට අලුත් සාමාජිකයෙක් පැමිණීම, පාසලේ, පංතියේ ප්‍රශ්න, මව්පියන්ගේ ගැටුම් වැනි ප්‍රශ්න නිසා දරුවන්ගේ මුත්‍රා පුරුදු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඒ ගැනත් අවධානය යොමුකිරීම වැදගත්.

ඊට අමතරව දරුවා ඇඳ තෙමන වේලාව ගැන මව්පියන් විමසිල්ලෙන් සිටීම වැදගත්. සාමාන්‍යයෙන් ඇඳ තෙමන වේලාව දැනගෙන ඊට ආසන්නයේදී දරුවා අවදිකොට මුත්‍රා පිට කිරීමට අවස්ථාව සලසාදීමට පුළුවන්. මේ හැරුන විට කුඩා දරුවන්ගේ වුණත් මුත්‍රාශයේ බිත්ති ඝනවීම නිසා පීඩනය වැඩි වෙනවා.

එවැනි High pressure retention රෝග තත්ත්වයකදී මුලින්ම දරුවාගේ රෝග ලක්ෂණ විදිහට රාත්‍රි කාලයේදී නිදියන ඇඳ තෙමන පුරුද්දක් ඇතිවනවා. එහෙම වුණොත් නොසලකා සිටින්න එපා. මේ රෝග තත්ත්වය නිසා වකුගඩු නරක් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවන් රාත්‍රි කාලයේදී ඇඳ තෙමන්න පටන් ගතහොත් දඬුවම් කිරීම වෙනුවට ජන්‍ය මුත්‍ර ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: health, Meatal stenosis, Noctumal Enuriesis, prostate glands, Sleep pattern
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?