නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කාල් මාර්ක්ස් කියූ දෙය සත්‍ය වීම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

කාල් මාර්ක්ස් කියූ දෙය සත්‍ය වීම

Published November 6, 2023

ජර්මනියේ උපන් දාර්ශනිකයකු මෙන්ම ආර්ථික විද්‍යාඥයකු වූ කාල් මර්ක්ස් වරෙක කියා තිබුණේ වීල්බැරෝවක් පුරවන් සල්ලි ගෙනිච්චත් සාක්කුවක් පුරවා ගන්නට තරම් බඩු මිලදී ගන්නට නොහැකිවන කාලයක් අනාගතයේදී ජනතාවට උදාවිය හැකි බවයි. එක්දහස් අටසිය ගණන්වල ඔහු කියූ එම ප්‍රකාශය වඩාත්  ප්‍රායෝගික වී ඇත්තෙ අද වැනි දවසක ශ්‍රී ලංකාවටය.

මේ වන විටත් අපට තරු විසිවන තරමට විදුලි බිලත් ජල බිලත් ඉන්ධන ගාස්තු මෙන්ම තවත් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලත් රජය විසින් වැඩි කර ඇත්තේ මුදල් කොතරම් තිබුණත් එය මදි බව කියන කාල් මාර්ක්ස්ගේ කියමනට සමාන වන ලෙසය.

විශේෂයෙන්ම ගෙවුණු අවුරුද්දක කාලය තුළ මෙරට පාරිභෝගිකයන්ගේ විදුලි පාරිභෝජනය වෙනුවෙන් ගෙවන්නට වන මුදල තුන් පාරක් වැඩි කර ඇත්තේ 157% ක කිසිසේත්ම සාධාරණ නොවූ ප්‍රතිශතයකිනි.

මේ වන විටත් ලංකාවේ ජල විදුලිය නිෂ්පාදන කරන බලාගාර පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන සමයක විදුලි බිල අත්තනෝමතිකව වැඩි කරන්නේ පාරිභෝගිකයා ගැන තඹදොයිතුවකටවත් මායිම් නොකරය.

මෙම තත්ත්වයට වගකිව යුතු රජයට තවමත් ශ්‍රී ලංකාවේ කර්මාන්තවල අයෝජනය කරන්නට එක අයෝජකයෙකුවත් ගෙන ආ පුවතක් අප මෙතෙක් අසා නැත. එපමණක් නොව අමාරුවෙන් හෝ තවමත් ශ්‍රී ලංකාවේ කර්මාන්තවල අයෝජනය කරමින් සිටින විදේශ ආයෝජකයන් එකෙකුවත් මෙරට තුළ තවදුරටත් රඳවා ගැනීමට ගත් එක පියවරක් හෝ අප දැක නොමැත.

මෙවැනි තත්ත්වයක් තුළ හැම පැත්තෙන්ම මිරිකී සිටින ජනතාවටම විදුලි බිල වැඩි කිරීමේ බරද දෙමින් විදුලිබල මණ්ඩලයත් රජයත් ඔවුන්ගේ දූෂණ සහ නාස්ති වසා ගැනීමට පියවර ගැනීම වැහි නැති හෙණ පාත්වීමට හොඳම සුදුසුකම වනු ඇත.

එතනින්ද නොනැවතුණ රජය තවදුරටත් ලැහැස්ති වන්නේ පවතින වැට් බද්ද ජනවාරියේ සිට 18 % කින් වැඩි කරමින් සියලු භාණ්ඩ හා සේවාවල මිල මිනිසුන්ට දරාගැනීමටම නොහැකි ආකාරයට ඉහළ දැමීමටය. බලාපොරොත්තු වන ආකාරයටම රජයත් වැඩි කිරීම්වලට වගකියන ආයතනත් එක් වී එසේ සිදුකළහොත් අසරණ වී ඇති පාරිභෝගික ජනතාව විදී බසිමින් ඔවුන්ට එරෙහිව නැගීසිටීම වළකාලිය නොහැකි වනු ඇත.

එම නිසා අබ ඇටයක තරම්වත් මොළයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ සිට බදු මුදල්වලින් යැපෙමින් ඩෙගා නැටීම නවත්වා ජනතාවගේ පපුවේ ඇවිලෙන මහා ගින්දර නිවීමට මහා එකගේ සිට පොඩි එකා දක්වාම නොපමාව කටයුතු කළ යුතුව ඇත. නැතිනම් කතිරය ගසන්නට ලබන අවුරුද්දේ ලැබෙන වරම මිනිසුන් දේව වරමක් ලෙස භාවිතයට ගනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?