නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔක්කොම කුණු බේරෙ වැවට වගේ ඔක්කොම මේකප් එකම පෙට්ටියකට ඔබන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ඔක්කොම කුණු බේරෙ වැවට වගේ ඔක්කොම මේකප් එකම පෙට්ටියකට ඔබන්න එපා

Published October 30, 2023

ඔයා මේකප් වලට කැමැත්තක් තියෙන ගෑනු ළමයෙක් වුණත් ඔයා ගාව තියෙන එක එක ජාතියේ මේක්අප් කෑලි බෑලි හොඳට ඕගනයිස් කරගන්නම් සමහරවිට හරිම කම්මැලිකමක් ඇති. එහෙම ලස්සනට, පිළිවෙලට තමන්ගෙ පුංචි පුංචි මේක්අප් බඩු ඕගනයිස් කරගෙන ඉන්න අයත් නැතුවම නෙවෙයි. හැබැයි බහුතරයක් හරි කම්මැලියි ඔය වැඩේට. සාමාන්‍ය ගමනට බිමනට භාවිත වෙන රෝස් පවුඩර්, ලිප්ස්ටික්, මස්කාරා, අයි ලයිනර් එකක් වගේ මූලික දේවල් ඇරුණම තව අටෝරාසියක් මේක්අප් බඩු ඔයා ගාව තියෙනවානම්, ඒවා හරි විදිහට ඕගනයිස් කරගන්න විදිහ ගැන ඔළුවට අයිඩියා එකක් එන්නෙම නැත්නම් මේ ලිපිය ඔයා වෙනුවෙනුයි. තමන්ට වුවමනා දේ ඉක්මනින්ම හොයාගන්න පුළුවන් විදිහට තමන්ගේ මේකප් බඩු ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්.

වැදගත්ම කාරණේ ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැම මේක්අප් බඩුවම ලේසියට ලොකූම ලොකු පෙට්ටියකට එකතු කරල තියාගන්න එපා. ටික කාලයක් යද්දි ඔය පෙට්ටියෙ නැත්තෙ නයි පොළොංගු විතරයි. එහෙම ලොකු පෙට්ටියකට ඔයාගෙ තියෙන ලිප්ස්ටික්, කියුටෙක්ස්, පර්ෆියුම්, මේක්අප් බ්‍රෂස්, කලර් පැලට්ස් සේරම ගොඩ ගැහුවම කොහොමද හදිස්සි වෙලාවක ඔයාට වුවමනා දේ හොයාගන්නෙ?

වෙළෙඳපොළේ ඕනතරම් හුරුබුහුටි භාජන තියෙනවා විවිධ ප්‍රමාණවලින්. ඔයාට පුළුවන් එකම ආකාරයේ බඩු ඒ කියන්නේ ලිප්ස්ටික් වර්ග වෙනම භාජනයකත්, අයි ලයිනර්, මස්කාරා අයි පෙන්සිල් වෙනම භාජනයකත් මේක්අප් බ්‍රෂ් ටික වෙනම භාජනයකත් අසුරගන්න. කලර් පැලට්ස්වලට නම් භාජනයක් උවමනා නෑනේ. ඕන නම් ඒවටත් පුංචි බොක්ස් එකක් තියාගන්න. පර්ෆියුම්ස් වර්ග කණ්ණාඩි මේසය උඩ පිළිවෙලට අසුරගන්න පුළුවන්. ඒ නැතත් තව ඕන තරම් ක්‍රම තියෙනවා.

මේකප් බඩු තියාගන්න ඒවටම විශේෂ වුණ රාක්ක, මිනි ෆ්‍රිජ් අනම්මනම් සුකුරුත්තන් තිබුණට ඒවම පාවිච්චියට ගන්න ඕන කියල එකක් නෑනේ. අනික දැන් වියදම් සැර කාලවකවානුවක ඕවට වෙනම වියදම් කරන්න මෝඩ වෙන්නත් එපා. උවමනාවක් තියෙනවනම් කුස්සියේ තියෙන පරණ කුළුබඩු රාක්කයක වුණත් ඔයාට ලස්සනට ඔයාගෙ මේක්අප් බඩු ටික ඕගනයිස් කරගන්න පුළුවන්. පර්ෆියුම්ස්වලනම් ආවරණ අයින් කරල තියන්න. ඒක දඩිබිඩියෙ ලෑස්ති වෙලා ඔෆිස් දුවන ඔයාට ලේසියි. හැබැයි පුළුවන්නම් කාමරයට ඉර එළිය එහෙම වැටෙන්නෙ නැති තැනක ඒවා ගබඩා කරලා තියාගන්න. එතකොට ගොඩ කාලයක් යනකල් පර්ෆියුම් එකේ සුවඳ වගේම කල්පැවැත්ම රැකගන්න පුළුවන්.

ඔය ලිප්ස්ටික්, කියුටෙක්ස් වගේ වෛවර්ණ දේවල් ට්‍රාන්ස්පේරන්ට් එහෙමත් නැත්නම් විනිවිද පේන භාජනයක ගබඩා කරන්න පුළුවන්නම් තවත් හොඳයි. එතකොට ඔයාට වුවමනා පාට ලිප්ස්ටික්, කියුටෙක්ස් එක හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. කියුටෙක්ස් එකක් චොක්ලට් චිප් එකක් තරමට මිහිරි නොවුණත් ඒකත් ඔයා ඔයාටම කරගන්න සංග්‍රහයක් වගේනෙ. විනිවිද පේන කුකී ජා එකක ඔයාගේ නිය ආලේපන දාගන්න. එහි වර්ණවත් පෙනුමම ඔයාට ලොකු ආශ්වාදයක් ගෙනත් දෙයි.

පැලට් එකක් විදිහට නැතුව ඔයා අයි ෂැඩෝස් තනි තනි වර්ණ වලින් මිලදී ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ පුංචි පුංචි අයි ෂැඩෝ ඩප්පි ටික පරණ අයිස් කියුබ් ට්‍රේ එකක ඕගනයිස් කරගන්න. සිල්කන් අයිස් කියුබ් ට්‍රේ එකක්නම් වඩාත් ලේසියි.

පරණ කප් කේක් ස්ටෑන්ඩ් එකක් කියන්නෙත් ඔයාට පොඩි ප්‍රමාණයේ මේකප් බඩු තියාගන්න පුළුවන් මරු අයිටම් එකක්. කියුටෙක්ස්, පර්ෆියුම්ස් වගේ දේවල් ලේසියෙන්ම අහුරගන්නත් ඉක්මනින්ම අවශ්‍ය දේ හොයාගන්නත් පහසුයි. ඒ වගේමයි චුට්ටක් විතර ගැඹුරු ට්‍රේ එකක ලස්සනට මේක්අප් අයිටම්ස් ටික ඕගනයිස් කරගන්න පුළුවන්.

ඔයාට මතකද පොඩි කාලෙ ඉස්කෝලේ පන්ති කාමරේ අපිට පුංචි පුංචි පොකට්ස් ගොඩක් එක්ක තිබුණ විනිවිද පේන වැඩ මල්ල? මමනම් හිතන්නෙ පර්ෆියුම්ස් ඇරෙන්න අනිත් හැම මේක්අප් බඩුවක්ම ගබඩා කරගන්න තියෙන හොඳම තැනක් තමයි මේ පොකට් මල්ල. මේ වගේ දෙයක් මහලා හදාගන්න එකත් මහ අමාරු වැඩක් නෙවෙයි.

ගෑනු ළමයෙක් වුණාම පිට ඔපේ විතරක් තිබිලා මදි. වුවමනාවක් තියෙනවනම් කාමරේ සී සී කඩ විසි කරලා තියෙන මේක්අප් බඩු ටික ලස්සනටල පිළිවෙලට ඕගනයිස් කරගන්න එක ගෑනු ළමයින්ට මහා අමාරු වැඩ රාජකාරියකුත් නෙවෙයි.

එරංදි කෞශල්‍යා

TAGGED: Fashion, lipstick, Makeup
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?