නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හදිසි අනතුරකින් දතක් ගැලවී ගියොත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හදිසි අනතුරකින් දතක් ගැලවී ගියොත්

Published October 23, 2023

හදිසි අනතුරකින් ඔබේ මුඛයේ ඇති දතක් අහිමි වෙන්න වෙලාවක්, වයසක් නැහැ. ප්‍රවාහන සේවාවක ගමන් ගනිද්දී හදිසියේම වැදෙන තිරිංග පාරකින් වගේම ක්‍රිඩා කරන විට සිදුවන අනතුරකින් වුණත් දතක් අහිමි වෙන්න පුළුවන්. සමහර විට ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙක් මේ සිදුවීමට මුහුණ දී ඇති. ඒ වගේම යම් පුද්ගලයෙකුගේ දතක් හදිසි අනතුරකින් අහිමි වුණොත් නැවත ඒ දතම ඔහුට සවිකර ගැනීමට තරම් දන්ත ශල්‍ය විද්‍යාවේ දියුණුව ඔබ නොදන්නවා විය හැකියි.

අහිමි වූ දත නැවත හිමිකර ගන්නේ කොහොමද?

හදිසි අනතුරකින් දත ගැලවී බිමට වැටුණොත් ප්‍රථමයෙන් දත අහුලා ගන්න. දත ගැලවී ගිය තැන තිබෙන කුහරයේ විදුරුමස මත පිරිසිදු පුළුන් කෑල්ලක් තබා තද කරගෙන ලේ ගැලීම නවතාගන්න. නමුත් දත මත වැලි දූවිලි ඇත්නම් ඒවා පිරිසිදු කරන්න එපා. එවිට දතට හානිවන්න පුළුවන්. එහි මුල (Root) උඩ අතට සිටින සේ තබාගෙන සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණීම ඉතාම වැදගත්.

දත ගැලවුණ ස්ථානය පිරිසිදු නම්…

දත ගැලවුන ස්ථානය පිරිසිදු නම් ලේ ගැලීමක් නැත්නම් දත පෙර තිබුණ පරිදි ගැලවුණ තැන තබාගෙන ආවත් ගැටලුවක් නැහැ

දත තිබුණ තැන තබාගැනීමට අපහසු තත්ත්වයක රෝගියා සිටියහොත්?

ඒත් ගැටලුවක් නැහැ. එහෙම අවස්ථාවකදී ගැලවුණ දත ද්‍රාවණයක තබාගෙන එන්න පුළුවන්. දැන් ඔබ කලබලයට පත්වෙයි මේ වගේ අනතුරක් වුණාම කැඩුණ දත තැබීමට අපි ද්‍රවණයක් හොයන්නේ කොහොමද කියලා. කිසිම දෙයකට කලබල වෙන්න එපා. මේ වෙනුවෙන් නියමිත වූ ද්‍රාවණ නැහැ. පහතින් මා සඳහන් කරන කරන ඕනෑම ද්‍රාවණයක් ඒ වෙනුවෙන් සුදුසුයි.ඔබට සාමාන්‍ය සේලයින් සොයාගත හැකි නම් එය වඩාත්ම සුදුසුයි. එසේ නැත්නම්

ඔබේම කෙළ ද්‍රාවණයක්
දියර කිරි
පහසුවෙන් සොයා ගත හැකි තැඹිලි හෝ කුරුම්බා වතුර වඩාත් සුදුසුයි
මව්කිරි

දත ගැලවුණ වේලාවේ පටන් ප්‍රතිකාර ලබාගැනීමට රෝගියා පැමිණෙන වේලාව සමග සම්බන්ධතාවක් තිබෙනවාද?

ප්‍රතිකාරවල සාර්ථකත්වයට කාලය සෘජු ලෙසින්ම බලපානවා. දත ගැලවුණ වේලාවේ සිට පැය 24 ක් තුළ ප්‍රතිකාර වෙත යොමුවුණොත් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න හැකියාව තිබෙනවා.

දත සිරස් අතට පුපුරා තිබීම

සමහර අවස්ථාවලදී දත සම්පූර්ණයෙන්ම ගැලවී ඉවත් වී නැහැ. නමුත් සිරස් අතට පපුරා තිබෙන්න පුළුවන්. එය රෝගියාට නොපෙනෙන විදිහට පුපුරා තිබී හදිසියේම දතෙන් කොටසක් කැඩී යන්නත් පුළුවන්. ඒ නිසා හදිසි අනතුරකින් පසුව ඔබේ දතක් ගැලවී නොගියොත්, නම් ඒ ගැන නොසලකා සිටින්න පුළුවන්. දතක් ගැලවී නොගියත් පිපිරීම නිසා අපහසුවක් නැති වුණත් ඒ දත පසුකාලීනව අහිමි වීමටත් පුළුවන්.

එවැනි අවස්ථාවකදී ලබාදෙන ප්‍රතිකාර ගැනත් සඳහනක් කළොත්?

පුපුරා ගිය දතක විෂබීජ නැති අන්දමින් දත පවත්වාගැනීම සඳහා සිදුකරන විශේෂිත පිරවුමක් ස්නායු පිරවීමක් යනුවෙන් හැඳින්වෙනවා.

දතක ස්නායු පිරවීමේදී මේ ගැන සිතීම අත්‍යවශ්‍යයි

සමහර විට දත පුපුරා ගිය බැව් ඔබට පෙනෙනවා ඇති. එවැනි අවස්ථාවක දත ගලවා ඉවත් කිරීම වෙනුවට ස්නායු පිරවීමක් සිදුකිරීමට ඔබ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියහොත් සමහර විට දන්ත ශල්‍ය වෛද්‍යවරයා ඊට අනුකූල නොවෙන්න පුළුවන්. නමුත් ඔබ එතැනින් නවතින්න එපා. තවත් වෛද්‍යවරයෙකුගෙන් ඒ ගැන විමසා දැනගන්න.

දතක් ස්නායු පිරවීමක් වෙනුවෙන් ඔබ යොමු වෙනවා නම් ඒ සඳහා සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වගේම මෙම ක්‍රියාවලිය වෙනුවෙන් පහසුකම් සහිත දන්තශල්‍යාගාරයක් වෙත යොමුවීම වැදගත්.

එවැනි ආරක්ෂිත පියවරක් යටතේ ස්නායු පිරවීම සිදු නොවුණොත් රෝගියා විවිධ අපහසුතාවන්ට පත්වීමට ඉඩ තිබෙනවා.ඉහතින් දැක්වෙන අන්දමට සිදු නොවී හදිසියේ දත සෙලවීමට පුළුවන්. එහෙම නැත්නම් කුඩු වෙන්නත් පුළුවන්.

එවැනි අවස්ථාවකදී ලබා දෙන උපදෙස් මොනවාද?

අනතුර සිදුවීමෙන් පසුව දත සෙලවෙනවා නම් අත් බෙහෙත් කරමින් කාලය ගත කරන්න එපා. එහෙම වුණොත් දත මැරෙන්න පුළුවන්.

දත මැරෙන බව දැනගන්නේ කොහොමද?

දත මැරෙන බව රෝගියාටම දැනගන්න පුළුවන්.

දන්ත කුහරය තුළ රුධිර  වහනය නිසා දත ඇතුළත රතු පැහැයක් ගැනීම

දත කළුපාට වීම

ඒ නිසා සෙලවෙන දතට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නම් ඔබ ප්‍රමාද වෙන්න එපා.

මෙහිදී Pulp Capping තාක්ෂණයට අනුව ස්නායු දක්වා කැපී ගිය දතක් වුණත් M.T.A ඖෂධ යොදාගෙන දත පුරවලා සජීවි දතක් ලෙසින් සකස් කරන්න හැකියාව තිබෙනවා.

හදිසියේ දත කුඩු වී ගියොත්?

දත කුඩු වුණත් නැවතත් දතක අඩුවක් නොමැතිව පෙර ලෙසටම සකස් කරන්න පුළුවන් තරමට දැන් දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව බොහොම පරිණතයි. මුලින්ම එක්ස්රේ ඡායාරූපයක් ලබාගෙන දතේ මුල මට්ටම පරීක්ෂා කරනවා. එයින් අනතුරු ස්නායු පිරවීමක් කර “Crown“ එකක් යොදා ස්වභාවික දතක පෙනුම ලබාගැනීමට පුළුවන්.

එහෙම නම් ඔබට සිදුවුණ අනතුරේ ස්වභාවය අනුව මුඛයට යම් හානියක් වුණා නම් එය දත් ආශ්‍රිතවත් යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ප්‍රමාද නොවී සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: accident, health, tooth, tooth fell out
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?