නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කකුල් ලස්සනනම් එයා හරි පිරිසිදුයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කකුල් ලස්සනනම් එයා හරි පිරිසිදුයි

Published October 23, 2023

පාද සත්කාරයට ඖෂධීය ප්‍රතිකාර

සුසිනිඳු, පැහැපත් දෙපා යුගලක් ලබන්නට නම් යුවතියක් බෙහෙවින්ම වාසනාවන්ත විය යුතුයි. මුහුණට බොහෝ සත්කාර කරමින් එය ඉතා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන ගියත් දෙපා සඳහා එවැනි සත්කාරයන් නොකිරීමෙන් ඔබට ඉතිරි වන්නේ මුහුණෙහි පෙනුමට නොගැළපෙන ඉරිතැලුණු, රැළි ගැසුණු, විලුඹ පැලුණු, දද කුෂ්ට ආදිය හටගත් දෙපා යුගලක්. ඔබගේ මුහුණ, කොණ්ඩය, ශරීර හැඩය මේ සියල්ල ආකර්ෂණීය ලෙස පැවතියත් දෙපා ඉහත කී තත්ත්වයෙන් පවතිනවා නම් ඇත්තෙන්ම එය ඔබේ නියම සුන්දරත්වයට බාධාවක් වගේම පෞරුෂත්වයටත් බලපෑමක් ඇති කරනවා.

ඒ නිසා බොහෝ යුවතියන් තමන්ගේ මේ දෙපා වල අවලස්සන තත්ත්වය නිසා සමාජය හා කටයුතු කිරීමේදී දෙපා ආවරණය වෙන ලෙස සපත්තු පැළඳීම හා අකමැත්තෙන් හෝ දෙපතුල දක්වා දික් වූ ගවුම් විලාසිතාවලින් සැරසීමට උත්සාහ කරනවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද ඔය කකුල්වල තියෙන දද කුෂ්ඨ සේරම නැති කරගෙන ලස්සනට ජීවත් වෙන එක?

අනෙක් විශේෂම කාරණය තමයි යුවතියකගේ  දෙපාවල සුන්දරත්වය ඇයගේ ශරීර පිරිසිදු, අපිරිසිදුභාවය සසඳන්න හොඳ මිනුම් දණ්ඩක්. ඒ නිසයි මුහුණ හා තරමටම දෙපා යුගල බලාගන්න අවශ්‍යය. අපි පළමුවෙන්ම බලමු කෙතරම් උත්සාහ කළත් දෙපා  යුගල අවලස්සනව පැවතීමට හේතු මොනවාද කියලා.

වෙනත් බොහෝ රූපලාවණ්‍ය ගැටලු වලට වගේම ප්‍රධාන වශයෙන් බලපාන්නේ ශරීරයේ උෂ්ණාධික බව. මේ හේතුව නිසා විලුඹ පැලීම, දද කුෂ්ඨ හටගැනීම ආදිය සිදු වෙනවා. ඒ වගේම දෙපා රැලි වැටීම, කොරල හට ගැනීම, සම අධිකව වියළිම වැනි තත්ත්වයන් හටගන්නවා. ඒ වගේම ඔබේ දෙපා නිතරම දැවිල්ලකින් යුතු වෙනවා. ඉතින් මේ ගැටලු සියල්ල විසඳා නොගෙන නම් ඔබට සුන්දර දෙපා යුගලක් හිමිකර ගැනීම අසීරු වෙනවා. ඒ නිසා ඉහත රෝගවලින් පෙළෙන අය උෂ්ණාධික ආහාර නොගෙන නෙල්ලි, රසකිඳ, බෙලිමල්, ඉරමුසු වැනි පානයක් දිනපතා ගන්නවා නම් ඔබේ සිහිනයට යාම ඉතා පහසුයි.

ඒ වගේම බාහිර වශයෙන්ද දෙපාවලට හානි නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගත යුතුයි. ඔබගේ සම ස්වභාවයෙන්ම මේද තට්ටුවකින් සමන්විතයි. මේ මේද තට්ටුව අධික හිරු එළිය, උණුවතුර, සැර සබන් වර්ග, රෙදි සෝදන සේදුම්කාරක ආදී රසායනික දේවල් භාවිතයෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ හේතුවෙනුත් දෙපාවල සම අධිකව වියළිම, රැළි වැටීම පතුල් පිපිරීම, ඇඟිලිකරු වනවීම සිදුවෙනවා. එම නිසා එවැනි රසායනික දේ පරිහරණයේදී ආරක්ෂාකාරීව කටයුතු කිරීම වගේම දිනපතා හොඳින් වතුර පානය කිරීමත් වැදගත්.

යටිපතුල් පැලීමට ප්‍රතිකාරයක්…

රාත්‍රී නින්දට පෙර ලුණු මිශ්‍ර මද රස්නෙ උණුවතුරෙන් දෙපා සෝදා පසුව හොඳින් තෙත මාත්තු කරන්න. ඉන්පසුව එලඟිතෙල් තේ හැන්දක් සහ ත්‍රිඵලා තෙල් තේ හැන්දක් කලවම් කර යටිපතුල් හා විළුඹ පැලී ඇති ස්ථානයන්හි හොඳින් ආලේප කර සම්බාහනය කරන්න. එය අතුරතුර දිනකට එක්වරක් නෙල්ලි රසකිඳ තම්බා පානය කරන්නත් අමතක කරන්න එපා. සති දෙකක් පමණ යන විට ඔබ සුව වෙන අයුරු ඔබටම දැනේවි.

දෙපාවල කොරලවලට

දෙපා හොඳින් පිරිසිදු කරන්න. උළු හාල් පිටි, මුං ඇට පිටි, ත්‍රිඵලා පවුඩර්, අමු කහ, මී පැණි ගෙන මේවා උකු පොල් කිරෙන් අනා දෙපාවල ආලේප කර විනාඩි විස්සක් හිඳ කවාකාරව පිරිමැද සෝදා හරින්න. රාත්‍රියට පිණ්ඩ තෙල් හා ඔලිව් තෙල් සමව ගෙන මඳක් රත්කර දෙපාවල ආලේප කර සම්බාහනය කරන්න. දිනපතා කහපාට එළවළු, පලතුරු ආහාරයට ගන්න.

දෙපා වල දද කුෂ්ඨ, පැල්ලම් හා කැසීම් ආදියට

නිදිකුම්බා පඳුර පිටින්ම ගෙන කොහොඹ කොළ, දුම්මැල්ල කොළ සමග තම්බා එම වතුර නිවුණු පසු එම ජල බඳුනට දෙපා ගිල්වා තබන්න. කුෂ්ඨ, බිබිළි ආදිය නිසා දෙපාවල තුවාල ඇත්නම් ඒ ජලය හොඳින්ම නිවුණු පසු දෙපා ගිල්වීමට වගබලාගන්න. මෙසේ පැය භාගයක් පමණ හිඳ ඇත්තෝර දළු, අමු කහ අඹරා ආලේප කරන්න. රාත්‍රියට සර්ව විශාදි තෙල් හා ත්‍රිඵලා තෙල් කලවම් කර ආලේප කර නින්දට යන්න.

දෙපා සුසිනිදුව පැහැපත්ව දිදුලන්නට

රත් හඳුන්, වැල්මී, වැල්මදට, කහ කුඩු, කඩල පිටි, රසකිඳ කුඩු, අමුක්කරා පිටි මේ සියල්ල සමව ගෙන ඇල් වතුරෙන් අනා දෙපාවල ආලේප කර විනාඩි 20 කට පසුව කවාකාරව පිරිමැද සෝදා හරින්න. සතියකට දින තුනක් මෙය කරන්න. ඒ වගේම රාත්‍රියට පිණ්ඩ තෙල්, ශතාවරී තෙල්, ත්‍රිඵලා තෙල්, ගුඩුච්චාදී තෙල් යන මේවා සමව ගෙන කලවම් කර ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.මෙම ඖෂධීය සත්කාර දිනපතාම කිරීමෙන් සති හතරක් පමණ කෙටි කාලයකින් ඔබට ප්‍රතිඵල ලබාගත හැකියි.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා

එරංදි කෞශල්‍යා



 

TAGGED: beauty tips, foot care, foot health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?