නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අතේ පයේ රෝම ආවම කැතයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අතේ පයේ රෝම ආවම කැතයි

Published October 16, 2023

Home Made Wax උදව් කරයි

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඔබ දැනටමත් අධික මුදලක් වැය කරල ඇති. හැබැයි නිකමටවත් සතයක්වත් වියදම් නොකර අපිට ගෙදර කුස්සියෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල්වලින් අනවශ්‍ය රෝම ඉවත් කරන්න වැක්ස් එකක් හදාගන්න උත්සාහ කළේ නෑ නේද? ඒවා හොය හොය දුම් කකා වැක්ස් එකක් හදනවට වඩා අතේ තියෙන කීයක් හරි වියදම් කරලා කඩෙන්ම වැක්ස් එකක් ගෙන්නගන්න එක අපේ නෝනලට ලේසියි.

ඒ නෝනලට එහෙම්ම ඉන්න ඇරලා ස්වභාවික දෙයකින් සම ආරක්ෂා කරගන්න ගමන් සල්ලිත් ඉතුරු කරගන්න කැමති නැණවත් නෝනලටයි මේ වැක්ස් වට්ටෝරු කිහිපය ගෙනාවෙ.වෙළෙඳපොළේ තියෙන වැක්ස්වලයි අපි ගෙදර හදාගන්න වැක්ස් එකකයි වෙනස ගත්තොත් ඉතින් විශේෂම දේ තමයි විවිධ රසායනික ද්‍රව්‍යවලින් සමට ලැබෙන ආරක්ෂාව. කොහොමවුණත් මේ වට්ටෝරු නියමිත ප්‍රමිතියට හදාගන්න වැඩේනම් තියෙන්නේ ඔයාගෙ අතේ.

මී පැණි, ලෙමන් සහ සීනි වැක්සිං

මේ වට්ටෝරුවේ ජනප්‍රියත්වය වසර ගණනාවක් පුරාම රැඳිල තියෙන්නේ එය භාවිත කිරීමට අතිශයින්ම පහසු සහ ආරක්ෂිත වැක්ස් එකක් නිසාග සීනි සාමාන්‍යයෙන් ඉටි වලට වඩා තරමක් වේදනාකාරී වුණත් ඉටිවලට වඩා පහසුවෙන් සෝදාගන්න පුළුවන්.

සාදාගන්නා ආකාරය

මී පැණි කෝප්ප 1/4
සුදු සීනි කෝප්ප 1
ලෙමන් යුෂ තේ හැන්දක්

මේ සියල්ලම එකට එකතු කර ඉටි වැනි පදමක් එනතෙක් මද ගින්දරෙන් රත්කරගන්න. පසුව හොඳින් නිවෙන්නට හැර රෝම වර්ධනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මිශ්‍රණය තවරා රෙදි තීරුවකින් එය ආවරණය කරන්න. තත්ත්පර පමණ තිබෙන්නට හැර ප්‍රතිවිරුද්ධ දිශාවටම ඉක්මනින් රෙදි තීරුව ඇද ඉවත් කරන්න.

කහ පේස්ට්

බොහෝ විට ආහාර පිසීමේදී භාවිතයට ගන්න කහ කුඩු රූපලාවන්‍ය සත්කාර සඳහාත් ජනප්‍රියම අමුද්‍රව්‍යයක්නෙ. කහවලට මුල් දුර්වල කිරීමට සහ හිසකෙස් වර්ධනය මන්දගාමී කිරීමට ඇති හැකියාව නිසා හිසකෙස් ඉවත් කිරීමටද ඵලදායී වෙනවා.

සාදාගන්නා ආකාරය

කහකුඩු එක් කොටසක් වතුර කොටසකට එකතු කර පේස්ට් එකක් වනතෙක් මිශ්‍ර කරන්න. පේස්ට් එකේ ඝනකම වැඩිනම් ඒක අඩුකරගන්න. කෝමාරිකා ජෙල් එකතු කරන්න පුළුවන්. ඉවත් කිරීමට අවශ්‍ය රෝම ඇති ප්‍රදේශයට මිශ්‍රණය ආලේප කර එය සම්පූර්ණයෙන්ම වියළෙන තෙක් තබන්න. ටික වෙලාවක් යද්දි කහ වේලිලා පේස්ට් එකේ කොටස් ගැලවී යන්න පටන් ගනී. ඒ තමයි ඇල් වතුරෙන් ඒ ප්‍රදේශය හෝදන්න හොඳම වෙලාව. මේ ක්‍රමය කිසිම වේදනාවක් රහිත ක්‍රමයක් වුණත් කහ පැහැය නම් සමේ රැඳෙන්න පුළුවන්. නමුත් සබන් ගාලා හේදුවම ඒක යවාගන්න හරි පහසුයි.

කහ සමග අමු පැපොල් පේස්ට්

අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. පලතුරක් භාවිත කිරීම ගැන කවදහරි අහල තියෙනවද? අහල නැතිවුණාට පැපොල්වල හිසකෙස් ඉවත් කිරීමට බලපෑම් කරන්න පුළුවන් පැපේන් කියන එන්සයිමය තියෙනවා. ක්ෂණික ප්‍රතිඵල නැතිවුණත් කාලයත් එක්ක නැවත රෝම වර්ධනය අඩු කරන්න මේ පැපේන් එන්සයිමයට පුළුවන්.

සාදාගන්නා ආකාරය

හොඳින් පැසුණු පැපොල් ගෙඩියක් පොඩි කර කහ කුඩු තේ හැඳි භාගයක් සමඟ මිශ්‍ර කර තලපයක් සාදාගන්න. එය ඔබේ සමේ ආලේප කර සම්බාහනය කරමින් විනාඩි 15 ක් තිබෙන්නට හරින්න. පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. කාලයත් සමඟ හිසකෙස් වර්ධනයේ අඩුවීමක් ඔබට දකින්න පුළුවන් වේවි. සතියකට දෙවරක් හෝ තුන් වතාවක් මෙම වට්ටෝරුව අත්හදා බැලුවොත් ඉක්මණින්ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

බේකින් සෝඩා වැක්ස්

ඔයාගෙ මුළුතැන්ගෙයි තියෙන වඩාත් සුලබ අමුද්‍රව්‍යවලින් එකක් විදිහට බේකින් සෝඩා ගන්න පුළුවන්. අනවශ්‍ය රෝම ඉවත් කිරීමට, සමේ අඳුරු කොටස් පැහැපත් කිරීමට වගේම අනවශ්‍ය රෝම වර්ධනය අඩු කිරීමටත් බේකින් සෝඩා විශිෂ්ටයි.

මුලින්ම බේකින් සෝඩා කුඩා ප්‍රමාණයක් සමඟ දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කළ යුතුයි. පසුව එම මිශ්‍රණය උකුවන පරිදි මිශ්‍රණයට වතුර එක් කර මිශ්‍රණය අනවශ්‍ය රෝම මත ආලේප කරන්න. මිනිත්තු 15 ක් පමණ ආලේපනය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

බිත්තර, සීනි, ඉරිඟු, පිටි වට්ටෝරුව

මෙයට අවශ්‍ය වෙන්නෙ බිත්තර සුදු මදයක්, සීනි මේස හැන්දක් සහ කෝන් පිටි මේස හැඳි 1/2 ක්. මේ සියල්ල එකට මිශ්‍ර කර එය රෝම වර්ධනයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ආලේප කර මද වෙලාවක් වියලෙන්නට හරින්න. පසුව රෙදි කැබැල්ලකින් ආවරණය කර ප්‍රතිවිරුද්ධ දිශාවටම තදින් අදින්න.කම්මැලිකම පැත්තකින් තියල නිකමට මේ වට්ටෝරු එකක් දෙකක් ගෙදරදි අත්හදා බලන්න. සීනිවලින් හදන වට්ටෝරුනම් කාලයක් ශීතකරණයක දාගෙන වුණත් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්.

එරංදි කෞශල්‍යා
 

TAGGED: Home Made Wax
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?