නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නීපා නම් අපට කොහෙත්ම එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

නීපා නම් අපට කොහෙත්ම එපා

Published October 16, 2023

පසුගිය සති කිහිපය පුරාම ලෝකයටත් වඩා අපේ රටේ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවන් වූයේ ගංවතුර සහ නායයෑම් පිළිබඳවය. ඒ අතරට කේරළයට නීපා හි පැමිණීමත් වසර 21 කට පසුව ආසියාතික රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවීමත් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන පරාජයත් කතා කළ අතර දැන් දැන් කතා කරන්නේ ශ්‍රී ලාංකීය සිනමාව, රූපවාහිනිය, මාධ්‍ය දැනුමෙන් අස්වැද්දූ මහා යුග පුරුෂයෙකුගේ නික්ම යෑම පිළිබඳවය.

2019 වසරේදී චීනයෙන් මතුවූ අමුතු වෛරසයෙන් මුළු ලෝකයම එකම මොහොතක එක තැනක නතර කරන්නට පුළුවන් වූ අතර එහි බලපෑම ලෝකයේ දියුණු රටවලට වඩා තවමත් අත්විඳින්නේ ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ නැඟිටින්නට පොරබදන රටවල්ය.

එයින් තවමත් අප මිදි නැත. ඒ අස්සේ මීට සති කිහිපයකට පෙර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වූ නීපා වෛරසය ආසාදිත 6 දෙනා පිළිබදව අපි තැති නොගෙන සිටින්නේ කෙසේද?

නීපා ලෝකයට මුලින් හමුවන්නේ මැලේසියාවේදීය. ඒ 1998 වසරේ ඌරන් කොටුවක සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් ලෙඩ වීමත් සමඟය. ඇමරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය කියා සිටියේ නීපා නිසා මරණ 100 ක් සිදුවී ඇති බවය.

නීපාට බිය වූ මැලේසියානු රජය එරට සත්ත්ව කොටුවල සිටි ඌරන් මිලියනක් ඝාතනය කිරීමට කටයුතු කළේද නීපාට ඇති වූ බිය නිසාය. එලෙස මැලේසියාවෙන් පටන්ගෙන සිංගප්පූරුවටත් බංගලදේශයටත් ආසියාතික රටවලටත් වෛරසය ව්‍යාප්ත වන්නට විය.

දැනට වාර්තාවන අන්දමට වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් වෛරසය ව්‍යාප්ත විය හැකිය. වවුලන්ගේ කේටය සහ මළපහ මිශ්‍ර වූ ආහාර මිනිසුන් පරිභෝජනයට ගැනීමෙන් මිනිසාට රෝගය බෝවිය හැකිය. එම නිසා මිනිස් ගහනයම මේ වෛරසයෙන් පරිස්සම් විය යුතුය.

වෛරසය ශරීර ගත වූ බොහෝ රෝගීන්ට රෝග ලක්ෂණ ලෙස හිසරදය, උණ, වමනය මෙන්ම හුස්මගැනීමේ අපහසුතා ඇතිවන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ නොපෙන්වයි. වෛරසය ශරීරගත වී දින 21 ක කාලය තුළ සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන බව වසංගත රෝග විද්‍යඥයින් පැවසුවත් එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වන බව දැනගත යුතුය.

එම නිසා ලෙඩක් වැළඳුණු පසු දස අතේ දුවමින් එක එකාට ඇඟිල්ල දික් කරමින් වදවෙන මිනිසුනි, කේරළයට නීපා හි පැමිණීම සුළුවෙන් තකා කොවිඩ් වෛරසය මෙන් පැතිරීම වේගවත් නොවෙතැයි සිතා මිනිසුන් අතරේ පැතිරෙන නීපා වලින් බේරීම සඳහා කල් මැරීම නොකළ යුතුය.

මෙරට සෑම සෞඛ්‍ය අංශයක්ම ගන්නා සෑම සෞඛ්‍ය පියවරක්ම අප අනුගමනය කළ යුත්තේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය එදාට වඩා අද පණ අදිමින් සිටින නිසා මෙන්ම නීපා වෛරසයේ විෂ නසන්නට ප්‍රතිවිෂකාරක වෛරසයක් තවමත් ලෝකයේ කිසිවෙකු සොයාගෙන නොමැති නිසාමය.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?