නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉදුණු පේර කොළෙන් ලස්සන වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ඉදුණු පේර කොළෙන් ලස්සන වෙන්න

Published October 9, 2023

පේර කියන්නෙ රසවත් පලතුරක් විදිහටනෙ අපි කවුරුත් දන්නෙ. පේර ගෙඩිය මූලික කරගත්තම පේර ගහේ තියෙන ඉතිරි කොටස් අපි සම්පූර්ණයෙන්ම අමතක කරනවා. මේ වගේ බොහෝදෙනෙක් නොදන්න දෙයක් තමයි පේර කොළවලින් අපේ රුව වඩාවගන්න ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. පේර ගස් කොච්චර ගෙදර වත්තෙ තිබුණත් නිකන්ම කොළ හැලිලා යනවා ඇරෙන්න ඒ කොළවලින් වැඩක්නම් කවුරුත් ගන්නෙ නැතුවැති. හිසේ සිට පාදාන්තය දක්වාම ඉදුණු පේර කොළේකට කරන්න පුළුවන් දේවල් බොහෝමයි වගේම විශ්මිතයි. පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A,C, B2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා.

පේර කොළ ෆේස් පැක්

අවශ්‍ය දේවල්

පේර කොළ කිහිපයක්
විටමින් E කරලක්
මී කිරි තේ හැඳි 3
මුල්තානා මිට්ටි මේස හැඳි 1 (ආයුර්වේද කුඩු වර්ගයක්)

සාදාගන්නා ආකාරය

පේර කොළ හොඳින් සෝදා ජලය ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් සාදාගන්න. මීකිරි, මුල්තානාමිට්ටි සහ විටමින් E කරල සකසාගත් පේස්ට් එකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

භාවිත කරන ආකාරය

පළමුව මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. බ්‍රෂ් එකක් නොමැතිනම් අතින් හෝ මුහුණේ උඩු අතට මිශ්‍රණය හොඳින් ආලේප කරගන්න. මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර සබන් නොයොදා හොඳින් සෝදා හරින්න. මෙම සත්කාරය සතියට දෙවරක් පමණ සිදුකිරීම ප්‍රමාණවත්.

පේර කොළ ෂැම්පු

පේර කොළවල අඩංගු වන විටමින් B සහ විටමින් C‍ සංඝඨක හිසකෙස් සඳහා වඩාත් උචිතයි. විටමින් C‍ හිසකෙස් වර්ධනය සඳහාත් විටමින් B හිසකෙස් ශක්තිමත් කිරීම සඳහාත් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

අවශ්‍ය දේවල්

පේර කොළ 10 ක් පමණ
විටමින් E කරල් 2
සුදු පොල්තෙල් තේ හැඳි 1
එඬරු තෙල් තේ හැඳි 1
බේබි ෂැම්පු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පේර කොළ හොඳින් බ්ලෙන්ඩ් කර පේස්ට් එක සකසා පසුව එය පිරිසිදු රෙදි කැබැල්ලකින් වෙනත් භාජනයකට පෙරා ඉස්ම ටික වෙන් කරගන්න. එයට විටමින් E කරල් දෙක, පොල්තෙල් සහ එඬරු තෙල් ද දමා බේබි ෂැම්පු තේ හැඳි 5 පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

ස්නානය කරන විටදී ෂැම්පු වෙනුවට මෙම මිශ්‍රණය භාවිත කළ හැකියි. මෙය ගල්වා විනාඩි තුනක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා අවශ්‍ය නම් කන්ඩිෂනර් ද ආලේප කළ හැකියි.මීට අමතරව පේර කොළ උණුවතුරෙන් තම්බා හිසට සහ කෙස් වලට එක්කළත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ වගේම කාන්තා පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට මෙය උත්සාහ කරල බලන්න පුළුවන්. මෙම සත්කාරය උදේ වරුවේ කරලා පැය හතරකට පහකට පසු ස්නානය සුදුසුයි. එවිට පේර කොළවල ඇති විටමින් සාරය ඔබේ හිසට හොඳින් උරා ගන්නවා.

ලප කැළැල්වලට පේර කොළ තැම්බූ වතුර

මෙයට අවශ්‍ය වන්නෙ පේර කොළ ස්වල්පයක් සහ ඊට සමාන ජලය ප්‍රමාණයක් විතරයි. කොළ ප්‍රමාණය තම්බාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ජලය ගෙන එය හොඳින් උතුරාගන්න.පේර කොළ ගෙන වංගෙඩියේ කොටා පොඩි කර ඒවා උතුරන වතුර එකට දමා දුඹුරු වර්ණයක් එනතුරු තම්බාගන්න. පසුව හොඳින් නිවෙන්නට හැර පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පෙනේරයකින් පෙරාගන්න. පෙරාගත් සාන්ද්‍රණය ලප කැළැල් ඇති ස්ථානයේ ආලේප කරන්න. විනාඩි පහක් පමණ තිබෙන්නට හැර මද රස්නෙ උණු වතුරෙන් සෝදා හරින්න. සතියට දෙවරක් මෙය උත්සාහ කර බලන්න.

අළුහම් සුව කිරීම සඳහා

අළුහම් සුව කිරීම සඳහා පේර කොළ භාවිත කිරීම අතීතයේ සිටම සිදුකෙරෙන්නක්.පේර කොළ කොටා එම යුෂ අළුහම්වල ගල්වා වේලෙන්නට තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනපතා සිදු කිරීම මගින් අළුහම් සමනය කරගත හැකිය. ඊට අමතරව මෙයට දෙහි යුෂ සමඟ පේර කොළ අඹරා ගැල්වීම ද සුදුසුයි.

හිස්සොරි සඳහා

පේර කොලගෙන හොඳින් සෝදා පිරිසිදු කර තලපයක් වන සේ අඹරා ගන්න. පසුව එය හිස් කබලේ ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

මුඛ දුර්ගන්ධයට පේර කොල වතුර

ඔයාලා දන්නවද පේර දළු දත් කැක්කුමට හොඳම වේදනා නාශකයක් කියල? පේර දල්ලක් හපලා කැක්කුම තියෙන දත ගාවින් තියාගත්තම හොඳ සුවයක් ලැබෙනවා. ඒ වගේම පේර කොල තම්බපු වතුරෙන් කට සේදීමෙන් විදුරුමස් වලින් ලේ ගැලීම සහ මුඛ දුර්ගන්ධය නැති කරගන්නත් පුළුවන්.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
සමන්ත ගුණසේකර

එරංදි කෞශල්‍යා



 

TAGGED: beauty, Fashion, guava, leaf
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?