නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

Published September 25, 2023

මේ දිනවල මව්පියන් තමන්ගේ දරුවන් දිනපතා පාසලකට ඇතුළත් කිරීම වෙනුවෙන් විශාල තරගයක යෙදෙනවා. දරුවා මව්කුස පිළිසිඳ ගැනීමටත් පෙරාතුව ආරම්භ කරන මේ අරගලයේදී නගරයේ හොඳම ප්‍රතිඵල පෙන්වන පාසල, ඉංග්‍රිීසි භාෂාව හුරු කරන පාසල වැනි විවිධ නිර්ණායකයන් ගොඩනගා ගන්නවා. නමුත් තමන්ගේ දරුවා දිනපතා පාසලට ඇතුළත් කිරීමේදී මව්පියන් විසින් අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද?

මෙහිදී පාසලේ ජාතික හෝ ජාත්‍යන්තර පදනමට වඩා දරුවාගේ අධ්‍යාපනික පරිසරයට යෝග්‍ය තත්ත්වයක් පවතිනාවදැයි වූ විමසා බැලීම වැදගත්. විභාග ප්‍රතිඵලවලට වඩා ජීවන කුසලතාවන් වෙනුවෙන් වැඩි තැනක් ලබාදෙන පාසලක් වීම වැදගත්.

එපමණක් නොව ඔබ පදිංචි ස්ථානයේ සිට පාසලට ඇති අවම දුර ගැන වැඩි අවධානයක් ලබා දෙන්න. නොඑසේනම් කුඩා දරුවෙකුට වැඩි කාලයක් මහමඟට ගෙවා දැමීමට සිදුවනවා.

සිසුන් සංඛ්‍යාව අඩු වීමත් ගුරුවරයාට දරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ලැබෙන හැකියාව ඔබේ දරුවාට වාසි සහගත අවස්ථාවක්. ඒ වගේම මිශ්‍ර පාසලකින් දරුවන් අතර එකිනෙකාගේ හැඟීම් හඳුනාගැනීමට ලැබෙන අවස්ථාව නිසා අනාගතයේදී සමාජයේ සහජීවනයෙන් කටයුතු කිරීමේ ශක්තිය දරුවා තුළ නොදැනීම ගොඩනැගෙනවා.

අධ්‍යාපනයේදී මතු වෙන ගැටලු

විශාල ප්‍රයත්නයකින් පසුව ඔබ දරුවා වෙනුවෙන් පාසලක් තෝරාගත් නමුත් අරගලය අවසාන නැත. දැන් දරුවාගේ ඉගෙනුම් කටයුතු මුල් කරගෙන විවිධ ගැටලුවලට දරුවාට පමණක් නොව මව්පියන්ටත් මුහුණ දීමට සිදුවනවා. ඒ අනුව දරුවා වෙතින් මේ අන්දමේ ගැටලු ඇතිවීමට පුළුවන්.

දුර්වල ආරම්භයක්

සමහර විට ඔබ දරුවා ගැන ලොකු තක්සේරුවක් ගොඩනගාගෙන සිටියත් ඔහුගේ ඉගෙනුමේ යම් ප්‍රමාදයක් දකින්නට ලැබුණොත් ඒ ගැන කනස්සල්ලට පත්වන්න එපා. ඔබ මේ ගැන සිතන්න. ගසක වුණත් ප්‍රමාද වී මල්, ඵල දරණ අවස්ථාවන් ඇත. අදාළ කාලයට නිශ්චිත පරිදි මල්ඵල දැරුවේ නැතත් ප්‍රමාද වී හෝ ඒ ගස මල්ඵල දරනවා ඇත. ඔබේ දරුවා සම්බන්ධයෙන්ද ඒ අන්දමින් සිතන්න. ප්‍රමාදය නිසා දරුවාට අනවශ්‍ය පීඩනයක් නොව අවශ්‍ය සහයෝගය පමණක් ලබාදෙන්න.

වේගය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම

මාර්ගයක ගමන් ගන්නා වාහන ගැන සිතා බලන්න. ඇතැම් වාහන ගමන සෙමින් වුණත් ගමනාන්තය දක්වාම ගමන් කරන බැව් ඔබත් දනන්වා. ඒ නිසා අවශ්‍ය කාල රාමුව තුළ ප්‍රමාද වන දරුවා මුල් කරගෙන කනස්සල්ලට පත් වෙන්න එපා.

දරුවන්ගේ ප්‍රමාදයට බලපාන හේතු හඳුනාගන්න.දරුවන්ගේ ප්‍රමාදයට විවිධ හේතු බලපානවා.

පවුලේ ආරය

නොමේරූ දරුවන්

කායික හා මානසික දුර්වලතාවන්

ශරීර වර්ධනයේ ප්‍රමාදය

භාෂාව දුර්වල වීම

අවධානය දුර්වල වීම

ආවේග පාලනය දුර්වල වීම

ඒ නිසා ඔබේ දරුවාගේ දුර්වලතාවට හේතු හඳුනාගෙන ඊට අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබාදීමට උනන්දු වන්න.

බහුවිධ බුද්ධිය

දරුවන් තුළ විවිධ වර්ගයේ බුද්ධිමය හැකියාවන් ඇත. ඒ වගේම ඔබේ දරුවාට කුමන හෝ හැකියාවක් තිබේ. ඒ හැකියාව හඳුනාගන්න. සමහර විට ඔබේ දරුවා තුළ දක්ෂ ක්‍රීිඩකයකු එසේත් නැත්නම් සංගීතඥයකු සිටින්නට පුළුවන්. ඔබ ඒ සැඟවී තිබෙන හැකියාව අවදි කරන්න. ඔබට අවශ්‍ය මාවත නොව දරුවාට යා හැකි මාර්ගයේ ගමනාන්තයට යෑමට අවශ්‍ය අත්වැල සපයා දීම වැදගත්.

මෙම පීඩනය දරුවාගේ මොළයට අහිතකර බලපෑම් ඇහිතකර මානසික ආතතියට පත්විය හැක.

සමහර මව්පියන් අධ්‍යාපනයේදී තමන්ට ලබාගත නොහැකි වුණ සාර්ථකත්වය දරුවාගෙන් අපේක්ෂා කරනවා. නැකතට පොත අතට දුන් දිනයේ පටන් බලාපොරොත්තු වන්නේ අකුරු කියවන, ලියවන දරුවෙක්. දිනපතා පාසලට ඇතුළත් කළ දිනයේ පටන් “දැන් සෙල්ලම් බෑ ලොකු ඉස්කෝලෙට යන්නෙ ලොක්කෙක් වෙන්න ඕන. මේ අන්දමින් දරුවා පොතටම සීමා කරමින් අනවශ්‍ය ලෙසින් ලබාදෙන පීඩනය දරුවාට ඔරොත්තු දෙන්නේද නැත. මේ පීඩනය නිසා දරුවාට ලෝකය දෙස බලා කුතුහලයෙන් විමසන දෙයට, තමාගේ චින්තන ශක්තිය සංවර්ධනය කරගැනීමට සහ නිර්මාණශීලීත්වය සංවර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථාවන් අහිමි වෙනු ඇත. මෙම පීඩනය නිසා දරුවාගේ මොළය ධූලක ආතති ( Toxic stress ) තත්ත්වයට පත් වේ.

දරුවාගේ දුර්වලතාවන් සඳහා පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන්න

දරුවාගේ අධ්‍යාපනය සාර්ථක වීමට නම් ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවාට අවශ්‍ය මූලික සංකල්ප හඳුන්වාදීමට මව්පියන් සහ වැඩිහිටියන් විසින් උනන්දු විය යුතුයි. විශේෂයෙන් දරුවාගේ කියවීමෙ හැකියාව අධ්‍යාපනයේදී මූලික අත්තිවාරම ලෙසින් සැලකිය හැක. පොතපත කියවීමේ හැකියාවන් ඇතිවිට දරුවාගේ සෙසු විෂයන් සඳහාද විශාල පිටිවහලක් ලැබෙනු ඇත.

කියවීමේ වාසි

අකුරු කියවීමට අදාළව මොළයේ කොටසක් වෙන් වී තබේ. මෙම භාෂාවට වෙන් වූ කොටස අවශ්‍ය තරමටම මෝරා තිබීම කියවීමේදී වැදගත් වේ. මොළය අවශ්‍ය තරම් නොමේරූ කාලයේදී දරුවා අකුරු දකින්නේ කළුපාට බෝල ලෙසිනි. ඒ නිසා වයස අවුරුදු 6 ට පෙරාතුව දරුවාට කියවීම සඳහා බල කරන්න එපා.

මූලික ගණිත සංකල්ප සහ ගණිත විෂය ඉලක්කම් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම වැනි විශාල පරාසයක පැතිරී තිබෙනවා. ගණිත සංකල්ප ඉගැන්වීමේදී තමා ජීවත් වෙන අවකාශය ගැන දරුවා දැනුවත් වී සිටීම වැදගත්. ගණිතය ඉගැන්වීම සඳහා විශේෂිත ස්ථාන හෝ ක්‍රම අදාළ නැත. එදිනෙදා ජීවිතය සමග කරන කියන කටයුතු සමග ගණිත සංකල්ප දරුවාට හුරු කිරීමට මව්පියන් සහ වැඩිහිටියන් අවධානය දැක්වීම ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: active child, health, Multiple intelligences
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?