නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කුරුලෑ නසන දේශීය ප්‍රතිකාර

Published September 25, 2023

අද අපි කතා කරන්නේ බොහෝ දෙනා අතර බහුලව පවතින චර්ම රෝගයක් වන කුරුලෑ ගැන. මෙය ආයුර්වේදයේ තාරුණ්‍ය පීඩිකා ලෙස හඳුන්වනවා. මුලින්ම කුරුලෑවක් යනු කුමක්ද?, එය හටගන්නේ කෙසේද?, හට ගැනීමට හේතුව කුමක්ද? යන්න අපි අවබෝධ කරගෙන ඉමු.

කුරුලෑවක් කියන්නේ රතු, රෝස, කළු පැහැයෙන් හටගන්නා බිබිලි විශේෂයක්. අපගේ ශරීරයේ පිටතින් රෝම පෙනෙන්නට තිබුණත් එහි රෝම මූලය පිහිටා තිබෙන්නේ සමේ ඇතුළාන්තයේ. මේ හැම මූලයක් සමගම තෙල් ස්‍රාවය කරන ස්වේද ග්‍රන්ථයන් පිහිටනවා.

මෙම මූලය අවට කිසියම් හේතුවක් මත බැක්ටීරියා ආසාදනය වුණොත් එම රෝග මූලය අවහිරතාවයට ලක්වෙනවා. එවිට එම මූලයෙන් පිටතට ඒමට නියමිත තෙල් එම ග්‍රන්ථයෙහි එක්රැස් වී එම ස්ථානයෙහි විසර තත්ත්වයක් හටගන්නවා. එම තත්ත්වය කිසියම් සුදු පාට ශ්‍රාවයක් සහිතව බිබිලක් ලෙස ඉස්මතු වීම අපි කුරුලෑවක් ලෙස හඳුන්වනු ලබනවා.

දැන් අපි බලමු මෙසේ මුහුණ මත බැක්ටීරියා හටගනු ලබන්නේ කෙසේද කියලා. එදිනෙදා මුහුණට එකතු වන වාහන දුම, කුණු, දූවිලි ආදිය මුහුණේ තැන්පත් වීමෙන් වගේම නිසි ප්‍රමිතියකින් තොර ආලේපන මගින් කුරුලෑ හට හටගන්න පුළුවන්. ඒ වගේම හෝමෝන ක්‍රියාකාරිත්වයත් බලපානවා.

මේ අවදියේදි කුරුලෑ කරදරයෙන් මිදීමට නම් ඔබ අනිවාර්යයෙන් උෂ්ණාධික ආහාරවලින් මිදිය යුතුයි. ඒ වගේම නිතර තෙල් සහිත ආහාර, කෘත්‍රිම ආහාර, පැණි රස ආහාර, මස් මාංශ බහුලව ආහාරයට ගැනීම, විනාකිරි සහිත අච්චාරු වර්ග ගැනීම නිදිවැරීම, මානසික ආතතිය, කෘත්‍රිම රූපලාවණ්‍ය නිෂ්පාදන භවිතය, හිස්සොරි යන කාරණාත් කුරුලෑ ඇතිවීමට ප්‍රධාන ලෙස බලපානවා.

අපි ඉතා වටිනා කුරුලෑ සත්කාර කිහිපයක් හඳුනා ගනිමු. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ ඉහත කී පරිදි වැරදි ජීවන රටාවන්ගෙන් මිදී දේහයේ උෂ්ණාධික බව අඩු වන ආහාරපාන ගන්නා අතරතුර මෙම ආලේපන භවිතයෙන් ඔබට ඉක්මනින්ම සුවපත් භාවයට පත් වීමට හැකියි.

පළමු සත්කාරය

ප්‍රථමයෙන් මුහුණ පිරිසිදු කරගන්න. පසුව දෙහි ඉස්ම තේ හැන්දකට වතුර තේ හැඳි දෙකක් දමා කලවම් කර මුහුණේ හොඳින් ආලේප කර විනාඩි දෙකක් පමණ සම්භාහනය කර සෝදා හරින්න. පසුව ත්‍රිඵලා තෙල මුහුණෙහි ආලේප කර විනාඩි පහක් තිබෙන්නට හැර ඉන් පසුව දාස්පතියා කොළ සහ මල්ල තුල්සි කොළ, පෙති ලෙස කැපූ දෙහි ගෙඩියක් වතුර භාජනයකට දමා ළිප තබා හොඳින් තැම්බුන පසුව මුහුණට වාෂ්ප අල්ලන්න. ත්‍රිඵලා තෙල මුහුණෙහි තිබියදීම එය කරන්න.

ආලේපනය

නෙල්ලි කුඩු තේ හැඳි 1, අරළු කුඩු තේ හැඳි 1, වෙනිවැල් කුඩු තේ හැඳි 1, කස්තුරි කහ තේ හැදි 1/4, වැල්මදට තේ හැඳි 1 යන මේවා මී පැණිවලින් කලවම්කර මුහුණෙහි ආලේප කර විනාඩි විස්සක් තිබෙන්නට හැර සබන් නොදා සෝදා හරින්න.

දෙවන සත්කාරය

මෙහිදී පළමු සත්කාරය මෙන්ම මුහුණ පිරිසිදු කරන තැන සිට ස්ටීම් කරන තැන දක්වා පිළිවෙලට කිරීමෙන් පසුව මෙම ඖෂධීය වට්ටෝරුව භවිතා කළ හැකියි.වැල් මදට තේ හැඳි 1, ලොත්සුඹුල් තේ හැඳි 1, නෙල්ලි කුඩු තේ හැඳි 1, ඉඟිනි පිටි තේ හැඳි 1, කස්තුරි කහ තේ හැඳි 1. මේ සියල්ල මීපැණියෙන් කලවම් කර ආලේප කරන්න. විනාඩි විස්සක් තිබෙන්නට හැර සෝදා හරින්න.

තුන්වන සත්කාරය (සැරව පිරුණු කුරුලෑවලට)

කඩල පිටි තේ හැඳි 1, ඉඟිනි පිටි තේ හැඳි 1, කස්තුරි කහ තේ හැදි 1/4, වැල් මතට තේ හැඳි 1, අරළු පිටි තේ හැඳි 1, වෙනිවෙල් තේ හැඳි 1, දෙහි යුෂ තේ හැඳි 1. මේවා ඇල් වතුරෙන් කලවම් කර ආලේප කරන්න. සැරව පිරුණු කුරුලෑ ඇති අවස්ථාවේදී ස්ටීම් කිරීමට පෙර ආලේප කළ යුත්තේ සර්ව විෂාදි තෛලයයි.

හතරවෙනි සත්කාරය (කුරුලෑ නිසා හටගත් සිදුරු ඇති අයට)

වෙනිවැල්ගැට තේ හැඳි 1, කහ තේ හැඳි 1, ඉරමුසු කුඩු තේ හැඳි 1, කඩල පිටි තේ හැඳි 1, නෙළුම් රේණු තේ හැඳි 1, නාමල් රේණු තේ හැඳි 1, දශමුල් කුඩු තේ හැඳි 1. මේවා මී පැණියෙන් අනා මුහුණෙහි ආලේප කර ස්ටීම් කරන්න. ස්ටීම් කිරීමට පෙර මහාමාශ තෛලය ආලේප කරන්න.

පස්වෙනි සත්කාරය (කුරුලෑ නිසා මුහුනෙහි ලප කැළැල් ඇති වූ අයට)

දශමුල් කුඩු තේ හැඳි 1, අමුක්කරා කුඩු තේ හැඳි 1, නෙළුම් රේණු තේ හැඳි 1, කස්තුරි කහ තේ හැදි 1/4, වැල්මී තේ හැඳි 1, වැල්මදට තේ හැඳි 1, සඳුන් කුඩු තේ හැඳි 1, ඉරමුසු කුඩු තේ හැඳි 1, කෝමාරිකා යුෂ තේ හැඳි 1. මේවා කොහොඹ කොළ ඉස්මෙන් කලවම් කර මුහුණෙහි ආලේප කර විනාඩි 20 කින් සෝදා හරින්න.මෙම ඖෂධීය සත්කාර ඉතා උසස් තත්වයෙන් යුතු 100% විශ්වාසයෙන් යුක්තව ඔබ වෙත ඉදිරිපත් කරන අතර මින් එකක් හෝ කිහිපයක් ලෙස ඔබගේ කුරුලෑ වල ස්වාභාවය අනුව තෝරාගත හැක.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා

එරංදි කෞශල්‍යා

 

TAGGED: acne, දේශීය ප්‍රතිකාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad1
Happy6
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?