නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: “අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

Published September 11, 2023

‘අනේ අම්මේ මගේ ඔළුව රිදෙනවා’ දරුවන් කරන ඉතාම සුලබ පැමිණිල්ලක් විදිහට ඔළුව රිදෙන එක හඳුන්වා දෙන්න පුළුවන්.ඒ අන්දමින් දරුවෙක් පැමිණිලි කරන්නේ හිසරදය ඉතාම වේදනාකාරී වෙන අවස්ථාවකයි. පාසල් යන වයසේ දරුවන් අතර හිසරදය බහුල රෝග ලක්ෂණයක්. ඒ නිසා මව්පියන් විදිහට ඔබ දරුවන් නිතරම කියන හිසරදය ගැන දැනුවත්ව සිටීම ඉතාම වැදගත්…

දරුවෙක් හිසරදය යැයි කිව්වත් මව්පියන් විදිහට එය නොසලකා සිටින්න එපා. ළමා රෝග පිළිබඳ සායනයන්ට පැමිණෙන පාසල් වයසේ දරුවන් සම්බන්ධයෙන් බලනවිටත් හිසරදය නිසා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළයි. සමහරවිට හිසරදය වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇති වෙන්නත් පුළුවන්.  සමහර විට හිසරදයෙන් පෙන්නුම් කරන රෝග තත්ත්වය අපි සිතනවාටත් වඩා භයානක වෙන්නත් පුළුවන්. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ගේ හිසරදය ගැන අවදියෙන් සිටීම ඉතාම වැදගත්.

දරුවන්ට නිතරම හිසරදය ඇතිවීමට බලපාන හේතු

වයස අවුරුදු 3 සිට දහයක් අතර ඇති දරුවන්ට විවිධ රෝග තත්ත්වයන් නිසා හිසරදය ඇතිවනවා.

● ඇස සහ නාසය ආශ්‍රිත වෛරස ආසාදන
● මානසික ආතතිය
● මොළයට විෂබිජයක් ඇතුළුවීම
● මොළය ආශ්‍රිතව ඇතිවන ගෙඩි
● පරිසරයේ ඇතිවන විෂ වායු තත්ත්වයන්
● අධික ලෙස චොකලට් ආහාරයට ගැනීම
● ඉරුවාරදය

ඇස ආශ්‍රිතවත්

ඒ වගේම දරුවාගේ ඇස ආශ්‍රිතව ඇතිවන යම් යම් රෝගී තත්ත්වයන් නිසාත් හිසරදය ඇතිවන්න පුළුවන්.

නාසය ආශ්‍රිතවත්

නාසය සහ මොළය සම්බන්ධ වන ස්ථානය සහ හිස සෙමවලින් පිරුණ විටත් හිසේ තද රිදීමක් ඇතිවන්න පුළුවන්.ඒ වගේම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය නිසාත් නාසය ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසාත් හිසරදය ඇතිවනවා.

ඉරුවාරදය හෙවත් මිග්රේන්

මිග්රේන් යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබන රෝග තත්ත්වය නිසා කුඩා දරුවන්ගේ හිස ආශ්‍රිතව රිදුම් ගතියක් ඇතිවන්න පුළුවන්. උදෑසන හයේ සිට දහය පමණ වනතුරු දැඩි සේ හිසරදයක් ඇතිවනවා නම් එය ඉරුවාරදය තත්ත්වයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.

හිසේ යම් තැලීමක් ඇතිවුණ විට

හිස ආශ්‍රිතව යම් තැලීමක් ඇතිවුණ විට දැඩි හිසරදයක් ඇතිවීමට පුළුවන්. ඒ වගේම ලේ කැටියක් හිර වී ඇති විටත් හිසරදය තත්ත්වය ඇතිවන්න පුළුවන්.

මොළය ආශ්‍රිත ගෙඩි

දරුවකුගේ මොළය ආශ්‍රිත ගෙඩි නිසාත් කලාතුරකින් මෙවැනි තත්ත්වයක් දකින්න පුළුවන්. මෙය ඉතා බැරූරුම් අවස්ථාවක්. ඒ නිසා දරුවා දැඩි අන්තරාකාරී තත්ත්වයකට පත්වීමටත් ඉඩ තිබෙනවා.

මොළයට විෂබීජයක් ගියොත්

යම් ලෙසකින් දරුවාගේ මොළයට හෝ ඒ ආශ්‍රිත සංවේදී ඉන්ද්‍රියකට (ඇස – කන) විෂබීජයක් ඇතුළුවුණ විටදීත් හිසේ කැක්කුමක් ඇතිවනවා.

කන ආශ්‍රිත රෝග

දරුවකුගේ ශ්‍රවනේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවන විවිධ ආසාදිත තත්ත්වයන් නිසාත් මොළයට සෘජු බලපෑමක් ඇතිවීමට පුළුවන්. එවිට සිදුවන රසායනික වෙනස්කම් නිසා හිසෙහි දැඩි වේදනාවක් ඇතිවනවා.

චොක්ලට්, අයිස්ක්‍රිම් සහ පැණිරස

විශේයෙන් අධික ලෙසින් චොකලට් ආහාරයට ගන්නා දරුවන්ට හිසෙහි කැක්කුමක් ඇතිවනවා. අයිස්ක්‍රිම් සහ පැණිරස අධිකව ආහාරයට ගැනීමත් හිස රිදීමට හේතුවක්වන්න පුළුවන්.

හිස යම් තැනක වැදුණොත් හිස රිදීමක් ඇතිවන්න පුළුවන්.ඉහත රෝග තත්ත්වයන්ට අමතරව හිසෙහි වේදනාවක් ඇතිවීමට බලපාන තවත් හේතු තිබෙනවා.

දරුවාගේ හිසෙහි ඇතිවන වේදනාව වෙනත් රෝගයක ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්. දරුවන්ගේ හිසෙහි ඇතිවන රෝග තත්ත්වයන් ඔවුන්ගේ අනාගතයටත් බලපාන්න පුළුවන්.

මව්වරුන්ට මෙසේ හඳුනාගන්න පුළුවන්

දරුවාගේ හිස ප්‍රදේශය අධික රස්නයෙන් යුක්ත නම්

හිරු එළිය දෙස බැලීමට අපහසු නම්

පරිගණකයට ඇස් යොමුකිරීමට අපහසු නම්

නිතර හිසේ වේදනාවක් පවතී නම්

ඇස්වලින් කඳුළු ගලනවා නම්

එය හිසේ කැක්කුමක් පිළිබඳ පෙර රෝග ලක්ෂණ ලෙසින් පෙන්වා දිය හැකියි. ඒ නිසා මේ ගැන අවධානයක් දැක්වීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: health, medical, හිසරදය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?