නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මාකට් කරන උසස් පෙළ ප්‍රතිඵල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

මාකට් කරන උසස් පෙළ ප්‍රතිඵල

Published September 11, 2023

උසස් පෙළ ප්‍රතිඵල උණුහුම තවමත් මේ සමාජයෙන් පහව ගොස් නොමැත. පසුගිය දින කිහිපය පුරාම අප දුටුවේ විද්‍යුත් මාධ්‍යවලත් මුද්‍රිත මාධ්‍යවලත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලත් රටට වැඩ පෙන්වමින් උසස් පෙළ කඩඉම දිනූ දරුවන්ගේ ජයග්‍රාගී කතාවල එක එක පැතිකඩය. උසස් පෙළ වැනි ඉතා අසීරු විභාග කඩඉමක් ජයගැනීම ලෙහෙසි පහසු නොවන බව හොඳින්ම දන්නා අප එම දරුවන් සියලුදෙනාට ප්‍රශංසා කළ යුතුය.

එපමණක් නොව ඔවුන් තරම් ජයග්‍රහණ ලබා නොගත් උසස් පෙළ ලියූ දරුවන්ද ඊළඟ වසරේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා දිරිමත් කළ යුතුව ඇත. උසස් පෙළ කඩඉමෙන් නවතින්නට හදන අසමත් දරුවන්ටත් තව තවත් බොහෝ පාරවල් ජීවිතයට තියෙන බව පෙන්වා දිය යුතුය.

උසස් පෙළ ජයග්‍රහණය ලැබීමෙන් පසු එම දරුවන් ජයග්‍රහණ ගැන කියන කතා අද වනවිට සාමාන්‍ය කතා බවට පත්ව ඇත. ඔවුන් බොහෝ දෙනා කියන්නේ එදිනෙදා වැඩ ඔවුන් එදිනෙදා කළ බවය. ටියුෂන් නොගිය බවය. පාසලේ කියාදෙන විෂය නිර්දේශය හොඳින් ඉගෙන ගත් බවය.

එම නිසා මෙවැනි කතා වලට සමාජයේ අනෙක් දරුවන් හෝ වැඩිහිටියන් ද සවන් දෙනවා හොරය. යම් දරුවකු තමන් ජයග්‍රහණය ලබා ගත් වෙනස් ඇත්ත කතාව කියන්නේ නම් එය පමණක් තෝරා බේරා නරඹන්නට හෝ කියවන්නට ප්‍රේක්ෂකයා මෙන්ම පාඨකයා ද අද බුද්ධිමත්ය.

මෙහි හොඳම කොටස වන්නේ ප්‍රතිඵල හොඳ දරුවන් එය පාසලේ ඉගැන්වීමෙන් ලබා ගත් බව කියද්දීත් දරුවන්ගේ නම් ද ඔවුන්ගේ දිස්ත්‍රික් අංකය සහ දිවයිනේ අංකය ටියුෂන් ගුරුවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රතිඵල ලැයිස්තුවල බැබළි බැබළි තිබීමය.

දැන් දැන් සමාජ මාධ්‍යයේ ඉහළ පහළ අඩු නැතිව තිබෙන්නේ එවැනි පම්පෝරි සටහන්ය. ඒවා හුදෙක්ම ටියුෂන් ගුරුවරු ඔවුන්ගේ ඊළග වසර සඳහා කරනා ආයෝජන සටහන්ය.

මේ සියල්ල බුද්ධිමත්ව බලන කල පෙනී යන්නේ වසර ගණනක් නොකා නොබී දුක් විඳිමින් පාඩම් කර දරුවන් ලබාගත් ප්‍රතිඵලය සහ ඒවාට උරදුන් දෙමාපියන්ගේ ශ්‍රමය තවත් කොටසක් අතින් මාකට් වෙන බව නොවේද?

පාසලෙන් පටන්ගෙන උසස් පෙළ ඉගැන්වූ පාසලේ ගුරුවරුන්, ටියුෂන් ගුරුවරුන් ද උසස් පෙළ ප්‍රතිඵල මාකට් කරමින් යෑමෙන් සිදුවන්නේ ඊළඟ වසරේ උසස් පෙළ කරනා දරුවන් කල්තියාම රැවට්ටීමක්ය.

2021 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට සාපේක්ෂව විවිධ අභියෝග මැද පැවැත්වූ 2022 උසස් පෙළ ප්‍රතිඵල හොඳ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ද පවසන අතර මෙම වසරේ සමත් ප්‍රතිඵලය සියයට 62.9 සිට 63.3 දක්වා වර්ධනය වී ඇත්තේ දරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලය මත මිස මේ වනවිට සමාජයෙන් පෙන්වන ඉහත කාරණා මතම නොවන බව සිහි තබා ගත යුතුව ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?