නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ඔළු කට්ට සිසිල් කරගන්න නෙළුම් තෙල් ගාලා බලන්න

Published September 4, 2023

අපි පසුගිය සතියෙ බියුටි පිටුවෙන් කතා කළේ අතීතයේ රාජකුමාරිකාවන් රූ සපුව පවත්වගන්න පානය කළ මල් තේ ගැනයි. අද ලිපිය ඒ මල්වලම තියෙන වෙනත් රූපලාවන්‍ය ප්‍රතිලාභ ගැන. මොකද මල් වලින් තේ හදනවා ඇරෙන්න තව ලබාගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. ඉතින් මල් තේ බොනවට අමතරව මේ දේවලුත් නිවාඩු පාඩුව කාලය ටිකක් වැය කරලා අත්හදා බැලුවොත් රූපය වෙනුවෙන් නිකරුණේ මුදල් වියදම් කිරිල්ලට තිත තියන්න ඔබට පුළුවන්.

දාස්පෙතියා මල්

දාස්පෙතියා මලෙන් ඔබට ලැබෙන රූපලාවන්‍ය ප්‍රතිලාභය තමයි ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් පවත්වාගත හැකි වන නිසා ලේ පිරිසිදු වී හම වර්ණවත් වීම. ප්‍රතිඔක්සිකාරක ගුණයත් බෙහෙවින්ම දාස්පෙතියා මලේ තියෙනවා. මේ මල් සහ කොළ තම්බා වාෂ්පය මුහුනට ඇල්ලීමෙන් කුරුලෑ සුව කරගන්නත් පුළුවන්. ඒ වගේම මල් පෙති හොඳින් අඹරා දෙහි බිංදු දෙක තුනක් දමා කුරුලෑ මත ආලේප කිරීමෙන්ද කුරුලෑ සුව වෙනවා. අද බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්නෙ රෝගය. ඉතින් දාස්පෙතියා මල් පානය ගෑස්ට්‍රයිටීස් රෝගයටත් කදිම විසඳුමක්.

නෙළුම් මල්

නෙළම් තෙල් හිසෙහි ආලේප කිරීමෙන් හිසේ ඇති උෂ්ණාධික ගතිය දුරස් වී කෙස් ගැලවී යාම, හිස්සොරි ආදියද සුව වී දිගු, නිරෝගී කෙස් කළඹක් ලබාගත හැකියි. නෙළුම් තෙල් සාදාගැනීම ඉතාම පහසුයි. සුපිරිසිදු පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයක් අලුත් මැටි භාජනයකට දමා ළිප තබා අමු නෙළුම් පෙති සහ රේණු එයට දමා මද ගින්නේ සිඳගන්න. ඒ වගේම මුහුන පැහැපත් වීම සඳහා නෙළුම් මල් රේණු, කස්තුරි කහ, තෙත හාල් පිටි කලවම් කර එකට කලවම් කර එයට උණු කරගත් එළකිරි ද දමා පේස්ට් එකක් වනතුරු මිශ්‍ර කරගන්න. මෙය සතියට තුන්වරක් ආලේප කර මුහුණෙහි ඇති වන වෙනස අත්විඳින්න.

රණවරා මල්

රණවරා කොළ මැල්ලුමක්, සලාදයක්, කැඳ විදිහට ආහාරයට ගැනීමෙනුත් හිතාගන්න බැරි තරමේ සෞඛ්‍ය වර්ධනයක් අපිට ලබාගන්න පුළුවන්. කෙස් කළඹ හොඳින් වර්ධනය කරගන්න රණවරා කොළ මැල්ලුමෙන්, සලාදයෙන් පුළුවන්. ඒ වගේම රණවරා මල් විතරක් නෙවේ කොළත් තේ පානයක් ලෙස සකසාගත හැකියි. සම පැහැපත් කහ පැහැයකට හැරීමේ හැකියාවක් රණවරා මලට තියෙනවා.

බෙලි මල්

මතක ශක්තිය වඩවන්න බෙලි කියන්නෙ හොඳ ඖෂධයක්. එසේම ඇසේ පෙනුම වර්ධනය කර ඇස් දීප්තිමත් කරන්නත් බෙලි වලට හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවේ ස්නායු රෝග නසා, අකලට හිස කෙස් වැටීම වළක්වා ඔබට සෞඛ්‍ය සම්පන්න වූ සුන්දර රූ සපුවක් ලබාගන්න ඕනෙනම් බෙලි මල් කෝප්පයක් බීලා බලන්න. මල් විතරක් නෙවේ බෙලි ගහේ කොළ, පොතු, මුල් සියල්ලම ශරීරයේ විවිධාකාර අපහසුතා මැඩපවත්වාගැනීමට භාවිතයට ගන්නවා.

පොකුරු වද මල්

සම රන්වන් පැහැ කිරීමේ හැකියාවක් පොකුරු වද මල්වලට තියෙනවා. ඒ වගේම කෙස් ගැලවී යාම, ඉදීම, තුනී වීම ඉවත් කර කළ ගණ දිගු කෙස් කළඹක් ලබාගැනීමට හැකියි. පොකුරු වද මල් ගසේ පොතු, කොළ, මුල්, මල් යොදාගනිමින් සකසාගන්නා තෙල හිසේ ගැල්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ඔබට හිතාගන්නටවත් බැරි වේවි.

ඉහත සඳහන් කළ අනෙකුත් මල් වර්ග වගේම මෙයත් ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු මලක්. ඒ නිසා ශරීරයේ ඇති මුක්තකන්ඩ විනාශ කෙරෙනවා. ශරීරයේ පවතින සෛල විකෘතිතා මගහරවා පිලිකා ඇත්නම් ඒවාද සුව කෙරෙනවා.

වර්තමානයේ මිනිසා හුරු වී තිබෙන ආහාර රටාවට අයත් බැදපු මස්, අධික තෙල් ආහාර, සෝස් වර්ග ආදී ආහාර නිසා අක්මාවේ එකතු වන විෂ ඉවත් කිරීමට අවශ්‍ය ශක්තිය වද මල් සතුව තියෙනවා. ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල්, රුධිර පීඩනය ද අඩු කිරීමේ හැකියාව තියෙනවා. කාන්තාවන්ට තියෙන තවත් ගැටලුවක් තමයි තරබාරුව ඇතිවීමට බලපාන හෝමෝන වර්ග ශ්‍රාවය වීම. ඒ ගැටලුවද අවම කරගන්න පොකුරු වදවලින් පුළුවන්.

එමගින් ශරීරයේ ස්ථුලතාවය මැඩපවත්වාගැනීමටද ඉමහත් සහයෝගයක් ලැබෙනවා. පොකුරු වදමල් සහ කොළ වතුර භාජනයකට දමා අතින් පොඩිකර පසුව එම ජලය පෙරා ගැනීමෙන් ස්වභාවික කන්ඩිෂනර් එකක්ද ඔබට සාදාගත හැකියි. පසුගිය සතියේ සාකච්ඡා කළ ‘මල් තේ’ ගැන දැනගැනීමට Navaliya.lk වෙබ් පිටුවට පිවිසෙන්න.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා

එරංදි කෞශල්‍යා

TAGGED: Antioxidant, beauty, Fashion, Gastritis, නෙළුම් තෙල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?