නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෆෘට් කස්ටඩ්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

ෆෘට් කස්ටඩ්

Published August 28, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් එළකිරි මිලි ලීටර් 500
  • ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 2
  • සැෆ්‍රන් රේණු 6 ක් හෝ කහ වර්ණක බින්දුවක්
  • කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
  • සීනි කෝප්ප 1/3
  • මිශ්‍ර පළතුරු කෝප්ප 1 1/2

සාදාගන්නා ආකාරය

අඩිය ඝනකම් භාජනයක් ළිප තබා එයට නැවුම් එළකිරි එකතු කරගන්න. එළකිරි ටික මදක් උණුසුම් වී ගෙන එන විට සැෆ්‍රන් රේණු හෝ කහ වර්ණක බින්දුවක් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කර හැඳි ගා ගන්න. ඉන්පසු කුඩා දීසියකට කස්ටඩ් පවුඩර් එකතු කර එයට රත්වන කිරි වලින් ටිකක් දමා කස්ටඩ් පවුඩර් ටික හොඳින් දියකර රත්වන එළකිරි භාජනයටම එකතු කරගන්න.

ඉන්පසු සීනි ටික මෙම මිශ්‍රණයටම දමා කස්ටඩ් මිශ්‍රණය උතුරන තෙක් මද ගින්දරේ දිගටම හැඳි ගා ගන්න. මිශ්‍රණය හොඳින් උතුරන විට ළිප නිවා කස්ටඩ් මිශ්‍රණය වතුරේ ගිල්වා ගත් වීදුරු භාජනයකට දමා හොඳින් නිවාගන්න. නිවා ගත් මිශ්‍රණයට ඔබ කැමති නැවුම් පළතුරු කිහිපයක් කුඩාවට කපාගෙන එකතු කර කලවම් කර ගන්න. ඉන්පසු පළතුරු කලවම් කරගත් කස්ටර්ඩ් මිශ්‍රණය පැය 4 ක් ශීතකරණයේ යට කොටසේ තබා පැය හතරකට පසු සංග්‍රහ කරන්න.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
1 Comment
  • qfgmgbbnkr says:
    November 26, 2023 at 5:52 am

    Muchas gracias. ?Como puedo iniciar sesion?

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?